The title of the page

Jersey (2019) Sinhala Subtitles | සිහිනය හඹා ගිය ක්‍රිකට් විරුවා | සිංහල උපසිරැසි සමග |

” ඔබේ සිහිනය හඹායන්න
කෙතරම් කටුක වුවත්..
කෙතරම් බාධා මැද වුවත්..

            සමහරුන් අවලාද නගාවි..
සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි..
ඒත් අත්නොහරින්න..
හඹායන්න ඔබේ සිහිනය
ඔබ තවත් ප්‍රමාද නැත “

ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි ක්‍රිකට් ගහන එකයි නොකරන කොල්ලෙක් හොයා ගන්න එකනම් අද කාලෙ දුර්ලභ දෙයක්.ඒ තරමටම ක්‍රිකට් අපේ ජීවිතේට ලං වෙලා.

සමහර අය ඉන්නව ක්‍රිකට් තමන්ගෙ ජීවිතේ අරමුණ කරගෙන.ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක , ඒ හරහා දිගුගමනක් ඇවිත් ජාතික කණ්ඩායම නියෝජනය කරන එක, මේ දේවල් ලේසි නෑ.. ලොකු කට්ටක් කන්න ඕනි වගේම දේශපාලන බලපෑම්, සල්ලි බලය වගේ දේවල් වල මැදිහත් වීම් එක්ක දක්ෂතාවයට තැනක් නැති වී තිබීමත් මහත් ව්‍යසනයක්.

හිතන්න..නොයෙකුත් අපහසුතා එක්ක,පවුලෙන් වෙන බලපෑම් එක්ක යම් අවස්ථාවක් ඒවි ක්‍රිකට් සිහිනය අතරමග නවතන්න වෙන..ඒත් ප්‍රකෘති මානසිකත්වයකින් ජීවත් විය හැකිද ?..

මේ සියල්ල කැටිකර නිර්මාණය වුනු, තෙලිඟු සිනමාවට අලුතින්ම එකතු වුනු තවත් සුපිරිම Blockbuster තෙලිඟු සලරුවක උපසිරසත් අරගෙනයි කට්ටියව හම්බෙන්න ආවේ.

ඉතින් මං මෙතෙක් කරපු උපසිරැසි වලින් මේකට තමා ගොඩක්ම මහන්සි වුනේ..( මෙතෙක් කරපු කිව්වට තාම 10යි කරල තියෙන්නේ😁)..හේතුව නම් හැමෝම අහන්නේ ෆිල්ම් එකක් ආපු ගමන් සබ් එක කෝ..සබ් එක කෝ කියලනේ..ඉතින් කට්ටියට ඉක්මනට බලන්න දෙන්න අසාලිවීමක් තමයි කරන්න වුනේ..ඉතින් සබ් හදන අය දන්නවා මේක කොච්චර කට්ටක්ද කියලා..

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු..2019 මේ අවුරුද්දේ අප්‍රේල් 19 වෙනිදායින් තිරගත කිරීම ආරම්භ කල මේ තෙලිඟු සලරුව ඉතා සාර්ථක අන්දමින් ලොවපුරා තිරගත වුනා.ඒ වගේම Blockbuster වුනු ෆිල්ම් එකක් විදියට 2019 වර්ෂයේ මෙතෙක් තිරගත වූ චිත්‍රපට අතුරින් දකුණු ඉන්දියාවේ ඉහළම Box Office ආදායමක් ලබා ගත් චිත්‍රපට අතර 10 වන ස්ථානයේත් මේ වන විට පසු වෙනවා.

සාමාන්‍යයෙන් තෙලිඟු සිනමාපටයකට ලේසියෙන් නොලැබෙන විදියෙ 9/10 ක IMDB අගයකුත්, Google පරිශීලකයන්ගේ 96% ක මනාපයකුත් මේ සඳහා හිමි වී තිබෙනවා.Drama / Sport වර්ගයට අයත් මේ චිත්‍රපටය Gowtam Tinnanuri ගේ අධ්‍යක්ෂණයක්..ඒ වගේම Anirudh Ravichanderගේ සංගීතයෙන්..Suresh Naga Vamshi ගේ නිශ්පාදනයෙන් නිම වී තිබෙනවා.

චිත්‍රපටයේ රංගනදායකත්වයන් ගැන කතා කලොත් ප්‍රධාන නලුවාගේ කාර්යභාරය ඉටු කරන්නේ තෙලිඟු සිනමාවේ Natural Star ⭐ ලෙසින් හඳුන්වන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම විශිෂ්ඨ ගනයේ රංගන කුසලතාවයකට හිමිකම් කියන Nani විසින්.ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ තෙලිඟු සිනමාවට තවමත් කෝඩුකාර වගේම පලමු වතාවට ප්‍රධාන නිලියක් ලෙසින් තෙලිඟු සිනමාවට එක්වන හුරුබුහුටි හැඩකාරිය Shraddha Srinath විසින්..මීට අමතරව Sathyaraj,Sampath Raj වගේ අපට නිතර හමුවන නලු නිලියන් රැසක් මීට එක් වී තිබෙනවා..

ඉතින් නානිගෙ ලොකු රසිකයෙක් විදියට මම මෙහි නානිගෙ රංගනය ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි..මේ චිත්‍රපටය තිරගත වුනු දිනයේම ඔයාල දකින්න ඇති තෙලිඟු සිනමාවේ තවත් සුපිරි නලිවෙක් වෙන අල්ලු අර්ජුන් පවා සමාජ ජාල හරහා නානිගේ රංගනය පැසසුමට ලක් කරල තිබ්බා.විජේ දේවරකොන්ඩා වගේ නැගී එන නලුවො ඇතුලු ගොඩක් අය මේ ගැන සඳහන් කරල තිබ්බා..ඉතින් මාත් දකින විදියට නානිගෙ වෙනස්ම වගේම රංගනදිවියේ හොඳම රංගනය මේ චිත්‍රපටය හරහා ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.

හරි මං පොඩ්ඩක් මතක් කරන්නම් කතාව ගැන..කතාව පටන් ගන්නකොටම තරුණයෙක් පොත් සාප්පුවකට ගිහින් ” jersey ” විදියට නම සඳහන් පොතක් ගන්නවා..එතකොට ඒ පොතම ගන්න එන ගෑනු ලමයෙක්ට ඒ පොත ගන්න බැරි වෙනවා..මොකද අර තරුණයා අරන් තිබ්බේ අවසාන කොපිය නිසා..ඒත් කොහොමහරි එයා ඒ ගෑනු ලමයට පොත දීල කියනවා ඒ පොතේ සඳහන් වෙන්නේ තමන්ගෙ තාත්තා ගැන කියලා..එතනින් මේ කතාව අතීතයට දිව යනවා..
අර්ජුන්..රංජි කුසලාන ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය කලඹපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..

මෙතැන් පටන් ඔහුගේ කතාව බලන්න ඔබට අවසරයි..

ඉතින් මං උඩදි කියපු කරුණු කොහොමද මේ කතාවට ගැලපෙන්නේ කියනවනම් අර්ජුන් හඹා යන ක්‍රිකට් සිහිනයත් මල් පලසකින් යන ගමනක් නෙමෙයි..ඒත් ජීවිතේ හීන හඹා යන්න ඔබට ඔහු කියාදෙවි.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම අනිවාරෙන්ම නරඹන්න මේ තෙලිඟු සලරුවත් ඔබට එය බොහො පාඩම් කියාදේවි.ගොඩක් කියෙව්වනම් සමාවෙන්න 😊 ඒකට හේතු 2යි.එකක් මං ක්‍රිකට් පිස්සෙක් අනික නානි පිස්සෙක්…
ඉතින් අසාලිවීමක් මගින් උපසිරැසි නිර්මාණය කරපු හින්ද අඩුපාඩු තියෙන්න පුලුවන්.ඒවට සමාවෙන්න.ඒ වගේම ප්‍රවීණ උපසිරස කරුවෙක්ගේ උදව්වත් මට ලැබුනා මේක කරද්දි.ඔයාලගෙ වටිනා අදහසක් පහලින් කමෙන්ට් එකක් විදියට එකතු කරන්නත් අමතක කරන්න එපා..
ගිහින් එන්නම් එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය ✌

                         ප්‍රමාද නැත
හඹා යන්න ඔබේ සිහිනය
~   ජයගන්න ජීවිතය..ජයගන්න ලෝකය  ~

” Jai Nani Anna ” ✊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

25 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    අම්මෝ අන්තිමට ජර්සි එක ලැබුනා, Good job thanks for hard work

  2. පැතුම් ඉෂාර

    සබට බොහොම ස්තූතිය මදුවා…
    Myst Watch ෆිල්ම් එකක් නිසා මෙච්චර කට්ටක් කාලා සබ කරපු එකට බොහොම ස්තූතිය… දිගටම සබ් කරමු !
    ජයවේවා! ❤️😊

  3. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    Thank you saho sub ekata….
    Jaya wewa.!

  4. ස්තූතියි මචං සබ දුන්නට.Good Luck!

  5. Bohoma Sthuthi…..patta..

  6. ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට… දිගටම සබ් දෙන්න මේ වගේ… ජය වේවා !!!

  7. Sub ekata bohoma sthuthiy

  8. එලම මදුවො

  9. හම්මො ෆට්ටම තෑන්ක්ස් මධුව…❤❤❤

  10. Supiri. Thank bro sub ekata….!

  11. Kasun Widusha
    Cineru_users

    Tnx mcn

  12. මයිකි

    Thankyou bro sub ekata. Ela

  13. මගේ යාලුවා නිසා Comment එකක් නොදාම බැරි කමට Comment එකක් දානවා. වැඩේ සාර්ථකයි ..සුපිරි සහෝ,. ඔහොම දිගටම යමු.. සුභ ගමන්.. !

    • Peter Barthelot
      Cineru Family Member

      මොකෝ කොමන්ට් කිරිල්ල තහනම් කරල තියෙනවද? 😁😁😁😁😁😁😁

  14. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Tnx Hemotama 😍👍

  15. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  16. Thx sub 1ta Simba 2019 film ekatath sub dennko plz

  17. Thanks bro hoda film apu gaman sub dena ekata digatama karagena yanna . suba pathanawa

  18. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    බොහොම ස්තුතියි සහෝ..හැමෝටම

  19. Patta broo

  20. Meran Mihimitha

    සබ් එකට තෑන්ක්ස් මචං, නානි ගේ සිංහල් සබ් නැති හැම ෆිල්ම් එකකටම සබ් දීපන් මචං..

  21. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Aniwa saho..uthsaha karannm

  22. Thanks..!

    Request: The axiom 2019
    Tumbaa 2019
    Anukta 2018
    Aa Karaala Ratri 2018

    හැකිනම් මෙම සිනමාපටවලටද උපසිරැසි ලබා දෙන්න.

  23. filme download karane kohomada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login