The title of the page
7.6
85

Jallikkattu (2019) Sinhala Subtitles|ගව මිනිස් ගැටුම|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් සුපුරුදු විදියටම සුපිරි මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි ආවේ…

2019 ඔක්තෝම්බර් 04 වෙනිදා තිරගත වුණ මේ සලරුව IMDb මීටරේ 8.3 වගේ ඉහළ අගයකට කරකවන්නත්, ගූගල් පරිශීලකයන්ගේ මනාප 88% ක් ලබා ගන්නත් ඒ වගේම Rotten Tomatoes අගය 92% ක් ලෙස සටහන් කරන්නත් සමත් වෙලා තියෙනවා.. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Lijo Jose Pellissery විසින්. Angamaly Diaries, Thamaasha එහෙම බලපු අය දන්නවා ඇතිනේ ඉතින් මෙයාගෙ වැඩ.. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thomas Panicker විසින්.  Chemban Vinod Jose, Antony Varghese වගේ නිතර මලයාලම් වලින් දකින අය වගේම තවත් ගොඩාක් කට්ටිය රංගනයෙන් දායක වෙනවා.

Jallikkattu (2019)

පැය 1 විනාඩි 31 පුරාවට දිවෙන මේ චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියනවා නම්, මේ කතාවෙ ලොකුවටම කතා වෙන්නෙ මී ගවයෙක් ගැන. මේ කතාවෙ ඉන්න Chemban Vinod Jose (ඒ කියන්නේ වර්කි) කියන පුද්ගලයා ගවයින් මරලා මස් විකුණන කෙනෙක්. එක දවසක් මෙයා පුරුදු විදියටම මී ගවයෙක් මරන්න ලෑස්ති වෙනකොටම ගවයා පැනලා දුවනවා. ඊට පස්සෙ ගමේ කඩපිල්, බැංකු හැමදෙයක්ම විනාශ කර කර මේ ගවයා හැමතැනම දුවන්න ගන්නවා. ගමේ හැමෝම එකතුවෙලා මේ මී ගවයව කොහොමහරි අල්ලගන්න තමයි උත්සහ කරන්නේ. කොහොම උනත් වැඩේ ලේසි වෙන්නෙ නම් නෑ.. මිනිස්සුන්ට පවා තුවාල කරලා මේ මී ගවයා කැලෑ වදිනවා. අන්තිමට මේ මී ගවයව වගා ලිඳකට වැටෙනවා. ඒත් මෙයාලගෙ උත්සහය ගවයාව ගොඩට අරගෙන මරලා දාන එක. ඒත් ඒ උත්සහයත් ව්‍යර්ථ වෙනවා. ගවයා ආයෙත් පැනලා දුවනවා.. ඉතින් ඔය විදියට ගලාගෙන යන කතාවක් තමයි ප්‍රධාන වශයෙන්ම චිත්‍රපටය තුලින් නිරූපණය කරලා තියෙන්නේ..

මේ මී ගවයව මෙයාලට අන්තිමට අල්ලගන්න පුළුවන් වෙයිද ?.. මී ගවයව අල්ලගෙන අන්තිමට මොනවා කරයිද ?.. මේ කතාව තුලින් ඇත්තටම ලබා දෙන්න උත්සහ කරන පනිවිඩය මොකක්ද ?.. කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම නවතින්නම්…

අවසාන වශයෙන් කියන්න ඕනා අපේ උපසිරැසි කණ්ඩායම, හැමෝම එකා වගේ එකිනෙකාට උදව් කරගෙන නොයෙකුත් බාධක හමුවේ නොසැලෙමින් ඔයාලට ඉක්මනින්ම උපසිරැසි අරන් එන්න කටයුතු කරනවා.. දිරිගැන්වීමක් විදියට කැමති නම් පල්ලෙහායින් අපි ගැන ඔයාලගෙ අදහසත් පල කරලා යන්න.. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න..

ඔබ සැමට දළඳා සමිඳු පිහිටයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

10 comments

  1. tank you okkotama sinhala sub denawada digatama denna jayawewa

  2. Godak sthuthi sahooo obata …

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  5. Peter Barthelot
    Cineru Family Member

    එල පසිදු , නියම වැඩක්

  6. රංගික සිනෙත් කාරියවසම්

    නියම වැඩක්.සුපිරියක් .ජයවේවා දිගටම මලයාලම් ඕනා

  7. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bokka

  8. කාලය මහන්සිය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා මේ කරන සේවයට හුගාක් ස්තූති!!
    දිගටම සුපිරි මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න..
    දිග ගමනකට සුබ පැතුම්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login