The title of the page

Gaddalakonda Ganesh (2019) Sinhala Subtitles|මැරයෙකු වෙනස් කල සිනමාව|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් 🙏

කියල පිලිගන්නවා සිනමාලෝලී රසික ඔබ සැමව.ඔන්න ගොඩ දෙනෙක් බලා ඉදපු තවත් අපූර්ව තෙලිඟු සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ.

සැප්තැම්බර් මස 20 වන දින තිරගත වීම ආරම්භ වී පහුගිය කාලය පුරා සාර්ථකව තිරගත වුනු Gaddalakonda Ganesh නොහොත් Valmiki බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 42.5ක ආදායමක් උපයන්න සමත් වුනා.IMDB දර්ශකය තුල 7.4 ක අගයකුත් , 93% ක ගූගල් පරිශීලකයන්ගේ මනාපයත් මේ චිත්‍රපටයට හිමි වී තියෙනවා.

මේ චිත්‍රපටය 2014 තිරගතවුනු jigarthanda දමිල චිත්‍රපටය ආශ්‍රයෙන් සකසා තිබුනත් රී මෙක් යැයි පට්ට ගහන්න තඹේකට මායිම් වෙන්නැති ෆිල්ම් එකක් කියලනම් කියන්න ඕනි..ඒ තරමටම හැමදේම සුපිරිම මට්ටමේ තියෙනවා.Harish Shankar ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි දෙබස් රචනයත් ඔහු විසින්ම සිදු කර තිබීම කැපීපෙනෙනවා.

නලු නිලියන් දෙසට අවධානය යොමු කලොත් තෙලිඟු සිනමාවෙ අපට නිතර දක්නට ලැබෙන Varun Tej සමගින් දමිළ සිනමාවේ බොහෝ රසික ආදරය දිනාගත් Atharvaa Murali තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ..සාමාන්‍යයෙන් Varun Tej රංගනයෙන් දායක නොවන විදියෙ මැර චරිතයක් වෙනස්ම විදියට තමයි මේ චිත්‍රපටය තුල ඔහු ඉදිරිපත් කරන්නේ..

Maharshi 2019 හි රංගනයෙන් දායක වූ Pooja Hegde ත් තෙලිඟු සිනමාවට හදුන්වා දෙන තවත් සුරූපිනියක් ලෙසින් Mirnali Ravi යන නිලියන් දෙපල මෙහි රංගනයෙන් දායක වෙනවා..අධ්‍යක්ෂණයෙකු ලෙසින් තමන්ගේම සිනමාපටයක් කරන්න වෙර දරන තරුණයෙක්…ගද්දකොන්ඩ ග්‍රාමය හොල්ලන් ඉන්න අංක එකේ මැර රජෙක්…ආදරයක් අවැසිව සිටින දගකාර යුවතියක්…

මේ සියල්ලම එක් කර..සිනමාවට කල හැක්කේ කුමක්ද යන්න පෙන්වන අපූරු තෙලිඟුවක් ❤
එහෙනම් මගනොහැර බලන්න ආරාධනා කරනවා හැමෝටම..ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනටම

..ඔබට ජය ✌

copyright issues we do not provide any torrent links

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. Godak sthuthi sahoooo .

  2. Asanka Weerasinghe
    Cineru Family Member

    එලම මචං😍❤

  3. Tharindu madushan

    Thanks bro……canakya akatath denna puluwanda

  4. Ela bn thx, chanakya eke sub ekath danna……

  5. bro thankx iye nikuth wunu me film ekata sub dunnata ikmanata e wagema chanakya film ekatha sub denawada ikmanata

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
    සුපිරියි සුභපැතුම්.. සබ් එක දුන්නට.

  8. Thanks for sub…..(Kittu Unnadu Jagratha 2017) film ekata sub denna bro please…….

  9. Pattaaaaaaaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login