The title of the page
5.5
87

Jadoogadu (2015) Sinhala Subtitles|මැරයෙක්ද…ආදරවන්තයෙක්ද?| සිංහල උපසිරැසි සමඟ |

ඔන්න තවත් තෙලිඟු සලරුවකට උපසිරසක් අරගෙන ආවා හැමෝම හම්බෙන්න..මේ අරන් ආවේ මගේ සිව්වන උපසිරස ගැන්වීම..තෙලිඟු චිත්‍රපට වලට මම වගේම ගොඩක් අය කැමතියි කියල දන්න නිසා තමයි මේ චිත්‍රපටයට උපසිරස නිර්මාණය කරන්න හිතුනේ..

චිත්‍රපටය ගැන කතා කලොත් 2015 වසරේ ජුනි 26 තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නේ .IMDB දර්ශකය තුල 5.7 ක අගයකුත් ,google භාවිතා කරන්නන්ගෙන් 81% ක කැමැත්තත් මේ සඳහා හිමි වී තිබෙනවා.V N N Prasad ගේ නිශ්පාදනයක් වන මෙය..Yogie ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූවක්..

තෙලිඟු සිනමාවේ තරු රැසකගේ රංගන දායකත්වයෙන් නිමවුනු මෙහි ප්‍රධාන නලුවා ලෙස එක් වන්නේ Chalo 2018,Diya 2018,Oohalu gusagusalade 2014 වැනි සිනමාපට සඳහා එක් වූ Naga Shourya විසින්..
ප්‍රධාන නිලිය ලෙස එක් වන්නේ speedunnodu 2016 හි රංගනයෙන් එක්වුනු හුරුබුහුටි ,හැඩකාර Sonarika Bhadoria විසින්..

හරි..දැන් මං පොඩ්ඩක් කතාව පැත්ත මතක් කරන්නම්..

ක්‍රිශ්නා කියන්නේ ගමේ මිනිස්සුන්ට වහකඳුරු වගේ වුනු සුපිරි නොසන්ඩාලයෙක්.මෙයාටම හරියන යාලුවෙකුත් ඉන්නව මෙයා එක්කම.මේ දෙන්නා ගමේ අයට අභියෝග කරනවා කෝටියක් හොයාගෙන තමයි ආයි ගමට එන්නේ කියල.මෙහෙම කියල හයිද්‍රාබාද් ඇවිල්ල ණය එකතු කරන තැනක වැඩ කරනවා..ඉතින් මෙයා ලොකු මැරයෙක්ගෙ ගෝලයෙක් ගත්තු ණයක් එකතු කරගන්න යනවා…මේකත් එක්ක තමා මෙයාගෙ ජීවිතේ සම්පූර්ණම කණපිට ගැහෙන්නේ…මෙයාට පාරු කියල ගැහැණු ලමෙකුත් සෙට් වෙනවා..ඉතින් එයාගේ ආදරේ ගන්නත් මෙයාට ලේසි නෑ….

ඉතින් මෙතනින් එහාට මොනාවෙයිද? මෙයාට පාරුගෙ ආදරය දිනාගන්න පුලුවන් වෙයිද? අර මැරයින්ගෙන් මොනවගේ බලපෑමක් වෙයිද..?මේ හැමදේම දැනගන්න මේ තෙලිඟු සලරුවත් අරගෙන බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා…උපසිරස වැඩේට බැහැල තාමත් මාසයක් වගේ වෙන්නේ.මේ හතරවෙනි උපසිරස.ඉතින් යම් අඩු පාඩු තියෙන්න පුලුවන්. ඒවට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම.
එහෙනම්, තවත් උපසිරසක් සමඟ ඔබව හමුවනතුරු නවතින්නනම්…

                     ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Hu thx amar 2019 movie sub dennko

  3. Film eka gattha ekek link ekak ewapanko film eka hoyaganna na

  4. Thanks for sub bro ….(abbayitho ammayi 2016) movie ekata sub denna bro…..please……
    .

  5. meka download karnne kohomada film eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login