The title of the page
jaanu 2020 sinhala sub
6.9
89

Jaanu (2020) Sinhala Subtitles | පාසල් ප්‍රේමය | සිංහල උපසිරැසි සමග |

Jaanu 2020 Sinhala Sub

  සුභ දවසක් වේවා!. ඔන්න අද උපසිරැසි අරගෙන ආවෙ අලුතෙන්ම ආපු තෙලිඟු සලරුවකට. ලස්සන ප්‍රතිනිර්මාණයක් කියල කියන්න පුලුවන් මේකට. මොකද මේක 96 (2018) දමිළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය. මම හිතන විදියටනම් ඒකට උපරිම සාධාරණයක් ප්‍රධාන නලු නිලියන් විසින් කරල තිබුන. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියෙනව ඒවටත් උපසිරැසි ලබාදීල තියෙන්නෙ. මේ චිත්‍රපටියට IMDB අගය 7.7ක් ලැබෙනව. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ 96 චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු C.Prem Kumar වීමත් විෂේශත්වයක්. මේකෙදි ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Samantha Akkineni සහ Sharwanand. ඒ  දෙන්නගෙ රංගනයෙන් මේක අපුරූවට හැඩවෙලා තියෙනව ඔයාලට බලාගන්න පුලුවන්. ඒ වගේම මේක විනාඩි 151 ක ධාවන කලයක් සහිතයි…(jaanu 2020 sinhala sub)

(jaanu 2020 sinhala sub)

   පාසල් කාලය කියන්නෙ ඕනම කෙනෙක්ගෙ ජීවිතෙ සුන්දරම කාලය. ඒකෙනුත් පාසල් ප්‍රේමය තමා වැඩියෙන්ම සුන්දර. ඉතින් සමහරුන්ගෙ ඉරණමේ ලියවිල තියෙනව එකට ඉන්න නමුත් සමහරුන්ගෙ ඉරණම වෙනස්. කොහොමනමුත් පාසල් කාලය හැම කෙනෙක්ගෙම පාහෙ සුන්දරම කාලය වෙනව නොඅනුමානයි. මේකත් පාසල් කාලය සහ පාසල් ප්‍රේමය මතින් ගොඩ නැගුනු කතාවක්. ඔයාලගෙ සුන්දර අතීතෙට නෙතට කඳුලක් ගෙනෙමින් රැගෙන යන්න මේ සලරුව සමත් වේවි.

  ගොඩක් අය මේ කතාව ගැන නම් දන්නව ඇති නමුත් නොදන්න කෙනෙක්ට දැනගැනීම පිනිස කියන්නම්. මේ කතාව යන්නෙ දහය පන්තියෙන් පටන් ගත්ත පාසල් ප්‍රේමයක් එක්ක. කොල්ල හරිම ලැජ්ජ කාරය කෙලින් මූණ දිහා බලන්නවත් බැහැ. මේ දෙන්න එකිනෙකාට ආදරේ කරන බව නොපැවසුවත් දෙන්නම දන්නව දෙන්නට දෙන්න ආදරෙයි කියල. දවසක් අපේ කේ.රාමචන්ද්‍රට ස්කෝලෙත් අතඇරල ගමෙනුත් යන්න වෙනව ගෙදර රශ්න නිසා. එතකොට නිවාඩු කාලෙ නිසා හෝ වෙන්න ඇති ජානුට කියන්න බැරි වෙනව. ඔහොම තමා කතාව පටන් ගන්නෙ. ඔයිට වඩා කීවොත් මේ කතාව නොබලපු කෙනෙක්ට අපහසුතාවයක් නිසා මන් නවත්තන්නම්.

(jaanu 2020 sinhala sub)

   96 දමිල චිත්‍රපටය නරඹපු පිරිසට මන් ඉල්ලීමක් කරනව මේකත් නරඹන්න කියල මොකද මේකෙ අධ්‍යක්ෂණයත් එතුමාගෙමයි. ඉතින් මේ දෙකේ වෙනස සහ නලු නිලියන්ගෙ වෙනස අත්විඳින්නත් හොඳ අවස්ථාවක්. මට අනුව නම් දමිල එකට දෙවෙනි නොවෙන රංගනයකිනුත් සංගීතයකිනුත් මේ චිත්‍රපටිය සමන්විතයි කියල කියන්න පුලුවන්. ඔයාලටත් ආරධනා කරනව චිත්‍රපටිය බලල ඔයාලගෙත් අදහස් කියල යන්න. එහෙනම් ආයෙ හම්බෙමු….

ඔබට ජය..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

8 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    සබ් එක දෙනවා කියලා දන්න නිසාම කලින් වීඩියෝ ෆයිල් එක අරන් තිබ්බේ….එල ආදරේයි බොක්ක…අනිත් මලයාලම් එකටත් සබ් දෙමු ගැම්මට…ජය

  2. Tharindu+madushan

    Thanks saho

  3. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. thanks sub ekata (asanka weerasinghe) jayawewa ……………

  6. සබ් එකට බොහොම ස්තුතියි ❤
    …..ජය වේවා ….

  7. ගොඩක් ස්තුතියි මචන්.

  8. Bro…bheshma (2020) sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login