The title of the page
9.2
98

It’s Okay to Not Be Okay (2020) E01-E02 | Sinhala Subtitle | බියකරු සිහින | සිංහල උපසිරැසි සමඟ

(Its Okay to Not Be Okay 2020 Sinhala Sub) ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම.මේ දිනවල විකාශනය වන අලුත්ම කොරියානු කතාවකට සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ උනේ.ඉතින් බොහෝ රූපවාහිනී කතා මාලා දෙනකොට කොරියානු කතා වලට උපසිරැසි දෙන්න කියල ඉල්ලීම් කරලත් තිබුනා.

හරි අපි කතාවට හැරෙමු.පසු ගිය ජුනි 20 වෙනිදා TVN කොරියානු නාලිකාව හරහා විකාශනය ආරම්භ කල අපූරු කතාවක් තමයි මේක.කොරියානු බසින් ” Saikojiman gwaenchana ” එනම් “Psycho But It’s Okay” යන නම තමයි මේක ලැබිලා තියෙන්නෙ.Psychology | Romance | Drama කාණ්ඩවලට තමයි මේක අයත් වෙන්නේ.සම්පූර්ණ කතා මාලාව කතාංග 16 කින් සමන්විත වෙනවා.මේ වන විටත් හොද ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබිල තියෙන මේකට දැනට MyDramalist එකෙත් 9.1 ක අගයක් ලැබිල තියෙනවා.

කොරියානු කතාවක් ගත්තම ගොඩක් අය සැලකිලිමත් වෙන්නේ ප්‍රධාන නලුවා සහ නිලිය ගැනනේ.My Love From Star කතා මාලාවෙන් බොහෝ ජනප්‍රියත්වයක් ලබා ගත්තා Kim Soo Hyun තමයි මේකෙ ප්‍රධාන නලුව..ප්‍රධාන නිලිය වෙන්නේ Seo Ye-ji.

 Seo Ye-Ji                                      Kim Soo-Hyun

කතාව පැත්තට යොමු වුනොත් මෙහෙමයි.මුන් කන්ග්-ටේ කියන්නෙ තමන්ගේ සහෝදරයා මුන් සන්ග්-ටේ එක්ක ජීවත්වෙන තරුණයෙක්.ඉතින් කන්ග් ගේ සහෝදරයා මානසික ආබාධයකින් පෙලෙන කෙනෙක්..ඉතින් එයාගේ මේ රෝගී තත්වය නිසා මෙයාට එක තැනක ස්තීරව ඉන්න බෑ.ඉතින් කන්ග් ට සිද්ද වෙනවා එයා වැඩ කරන මානසික රෝහලුත් මෙහෙම නිතර මාරු කරන්න.
එතකොට කො මුන්-යොන්ග් කියන්නෙ ළමා කතා ලියන කතුවරියක්..මෙයාගෙ ලොකු රසිකයෙක් තමයි කන්ග්ගෙ සහෝදරයාත්.කො මුන්-යොන්ග් ගැන කියනවම් ළමා කතා ලිව්වට කිසි අහිංසක බවක් තියෙන කෙනෙක් නෙමෙයි.රළු, බය නැති ,ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක්.ඉතින් කන්ග් වැඩ කරන රෝහලේ ළමා වාට්ටුවේ ළමයින්ට කතන්දර කියවන්න ආපු වෙලේක වෙන සිද්දියක් එක්ක මේ දෙන්න අහම්බෙන් හම්බවෙනව..මුන් – යොන්ග් කොහොමත් රළු කෙනෙක් නේ නමුත් ටිකක් විතර කන්ග්ව එයාගෙ හිතට අල්ලනවා.ඒත් සුපුරුදු නිහැඩියාවෙන් පාඩුවෙ  ඉන්න කන්ග්ට ඒකෙනුත් ලොකු අකරතැබ්බ තමා වෙන්නේ.

මේ දෙන්නගෙම අතීතයේ සැගවුනු රහස් ගොඩක් තියෙන බවට අපිට ඉගි පලවෙනව..ඉතින් ඉස්සරහට අපිට හැමදේම දැනගන්න පුළුවන් වෙයි.ඉතින් ප්‍රධාන චරිත දැක්ක පමණින් පස්සෙන් ගිහින් ආදරය කරන්න වගේ පසුබිමක නෙමෙයි ඉන්නෙ කියන එක ඔයාලට පැහැදිලි වෙන්න ඇතිනේ.ත්‍රිල් එකකුත් තියෙනව මේක බලද්දි.

බොහෝ කාලෙකට කලින්…
වනාන්තරේ ඇතුලෙ තිබුනු මාලිගාවක ලස්සන ගෑනු ලමයෙක් හිටියා…
ඇය හිටියේ තනියම…
ඉතින් ඇය දවසක් මාලිගාවෙන් පිටවෙලා සෙල්ලම් කරන්න යාලුවෙක් හොයන්න ගියා…
ඇය ඒ අයට පුදුමාකාර තෑගි දුන්නා..
ඒත් කවුරුත් ඇයව පිලිගත්තේ නෑ…
පස්සෙ ඇය හොයාගත්තා ඒ මොකද කියලා…
මරණයේ සෙවණැල්ල ගෙන එන රාක්ශයෙක්..
එහෙමයි මිනිස්සු එයාව හැඳින්වුයේ…
ඇය රාක්ශයෙක්….ඇය රාක්ශයෙක්….

එහෙනම් අද මේ උපසිරැසි දෙන්නේ දැනට විකාශනය වෙලා තියෙන කොටස් දෙකට..මේ සතියේ අග  තවත් කොටස් දෙකක් විකාශනය වෙන්න නියමිතයි.ඉතින් ඒවටත් ඉක්මනින් උපසිරැසි  අරගෙන මම ආයෙම එන්නම්.දිගටම රැදෙන්න අන්තර්ජාල අවකාශයේ සිංහල උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරු උපසිරැසි අඩවිය එක්ක..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

24 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    ආසම පට්ට නලුවෙක්…එකෙන්ම බලන්වා…ආදරෙයි…..
    පුලුවන් හැටියට ඉක්මනට සබ් දෙන්න ශක්තිය දෛර්‍ය ලැබේවා…

  2. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  3. අම්මෝ පහරම තමා සහෝ..බොහොම ස්තූතියි.පුළුවන් නම් Backstreet Rookie එකටත් සබ් කරන්ඩ කියල කාරුණික ඉල්ලීමක් කරනව.ජය වේවා.🙏🙏🤗

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

  5. මේ tv series එකේ video download කරන්නේ මොන web site ekenda ඔයාලා කියන web site eke search වෙන්නේ නැහැ

  6. සුපිරිම එකක් තමයි පටන්ගෙන තියෙන්නෙ.
    සුපිරිම.🤝❤️

  7. පට්ට අයියේ… දිගටම ඕනී….😘😘😘 මෙහ් පුලුවන් නම් What’s wrong with secretary kim ඒකෙත් සබ් දෙන්නකෝ…😍😍😍

  8. Godak stuthi macho

  9. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    • මේකේ වීඩියෝ ගන්නේ කොහෙන්ද…. කවුරු හරි කියන්නකෝ…..

  10. Thanks brother thank you very very much for your effort.

  11. Thanks brother thank you for your time and subtitle.keep it up.

  12. thank u soo much

  13. Thank you

  14. මේ sub එක Netflix එකත් එක්ක සින්ක් වෙන්නෙ නෑ. ඒක පොඩ්ඩක් හදන්න. බොහෝම ස්තුතියි.

  15. Ayi sub 2k ekt thiyenne ethkot sub add krnn bane

    • එපි දෙකේ සබ් දෙක Folder එකක් ඇතුලේ වෙනම තියෙන්නේ..එකට නෙවෙයි..

  16. Meke Video Eka Download Karaganna Site ekk Kiyannko Yaluwane

  17. Amila Tech
    Cineru_users

    tvseriesandmovies.co me site eke video file na kiyanawa…

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  19. meke video download karaganne kohomada??
    please, kawru haru kiyanawada..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login