The title of the page

Ispade Rajavum Idhaya Raniyum (2019) Sinhala Subtitles | ආදරයත් එක්තරා ඇබ්බැහිවීමක් | සිංහල උපසිරැසි සමග |

  ” ඔබ ලෝකයේ ,
වඩාත් ආදරය කරන තැනැත්තා
ඔබ වඩාත්ම වෛර කරන තැනැත්තා
වී අවසන්වේ “

” ඔබට වඩාත්ම වෛර කරන්නෙක්
වේ නම්
ඒ ඔබ වඩාත්ම ආදරය කල තැනැත්තා ය. “

ආදරය..අකුරු හතරකට පමණක් සීමා වුනු නමුත් බොහෝ දේ ගැබ්ව පවතින එක් නිර්වචනයකට සීමා කල නොහැක්කක්.බැඳීම,පරිත්‍යාගය,විශ්වාසය,කැපකිරීම,වේදනාව විතරක් නෙමෙයි වෛරය,සැකය මේ හැමදේම ඒ තුල අන්තර්ගතයි..

මේ ඒ විදියෙ වෙනස්ම කතාවක් ගැනයි…

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ ආයි කට්ටියව හම්බෙන්න ආවෙ එක දිගටම ඉල්ලීම් ලැබුනු දමිළ සලරුවකට උපසිරැසිත් අරගෙනයි.ඉතින් මං මෙතෙක් කල උපසිරැසි අතරින් දමිළ සලරුවකට උපසිරැසි ගන්වන පලමු අවස්ථාව තමයි මේ.ඉතින් උපසිරැසිය අරන් එන්න ප්‍රමාද වීම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..ඒකට හේතුව වුනේ මං අසනීප තත්වෙන් හිටිය එක..ඉතින් කොහොමහරි ලෙඩ පැත්තකින් තියලා හැමෝගෙම ඉල්ලීම මේ විදියට ඉටුකලා.මගේ පලමු දමිළ උපසිරැසි ගැන්වීම වුනත් කට්ටියගෙ රසස්වාදයට බාධා නොවෙන විදියට උපරිමෙන්ම කරා…

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු..මේ අවුරුද්දේ (2019) මාර්තු 15 වෙනිදා තිරගත වීම ආරම්භ කල මේ සලරුව සඳහා IMDB දර්ශකය තුල 6.1 එක අගයකුත් , Google පරිශීලකයන් අතරින් 91% ක ගේ මනාපයත් ලැබී තිබෙනවා.Romance / Thriller කාණ්ඩයට අයත් මෙය රචනය හා අධ්‍යක්ෂණය යන දෙකම සිදු කර ඇත්තේ Ranjith Jeyakodi විසින්.Balaji Kapa ගේ නිශ්පාදනයෙන් Madhav Media නිශ්පාදන ආයතනය හරහා නිශ්පාදන කටයුතු සිදු වී තිබෙනවා..

නලු නිලියන් ගැන කතා කලොත් මෙහි ප්‍රධාන නලුවාගේ කාර්යභාරය ඉටු කරන්නේ, vil ambu (2016) , kaadali (2017) , Pyaar prema kadhal (2018) ආදී සිනමාපට සඳහා එක් වුනු Harish Kalyan විසින්..ඒ වගේම ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ 2018 වර්ෂයේ සිනමාවට අවතීර්ණ වූ Shilpa Manjunath විසින්.ඊට අමතර තවත් බොහෝ නලු නිලියන් රැසක් මේ සඳහා එක් වී තිබෙනවා..

හරි එහෙනම් මං පොඩ්ඩක් කතාව ගැන මතක් කරන්නම්.
ගෞතම් කියන්නේ හරිම දඩබ්බර කොල්ලෙක්.කොයි වෙලේ බැලුවත් හැමදේම ගැටුමකින් විසඳගන්න බලන කෙනෙක්.ඉතින් මෙයා යාලුවොත් එක්ක දවසක් පාටියකට ගිහින් එතනත් වලියක් දාගන්නවා..එතනදි තමා මෙයාට තාරා ව හම්බෙන්නේ..තාරා කියන්නේ සල්ලිකාර පවුලක කෙල්ලෙක් වගේම රෝහිත් කියල කොල්ලෙක් එයාට බන්ඳල දෙන්න ගෙදරින් ලෑස්ති කරල තියෙන්නේ..

ඉතින් ගෞතම් මේ වලිය දාගන්නෙත් එයාල එක්ක..රෝහිත්ට ගහල කොහොමහරි මේක පොලීසිය දක්වාම දුරදිග යනවා.ඔය අතරෙදිත් ගෞතම්ට තාරාව මුණ ගැහෙනවා.පෙලක් කරදරවලින් බේරගන්නවත් එක්ක..

ඉතින් මේ විදියට ගලාගෙන යන කතාවෙ ඉදිරිය කොහොම වෙයිද ? ගෞතම් මෙච්චරම මුරණ්ඩු කෙනෙක් වුනේ කොහොමද ? තාරා යි මෙයයි අතර මොන දේවල් සිද්ද වෙයිද ?

……
අපිට ඇත්තටම ආදරය කරපු කෙනෙක්ට වෛර කරන්න පුලුවන් ද ?
එහෙම වෛර කරන්න පුලුවන් නම් ඒ සැබෑ ආදරයද ?
…..

එහෙනම් මෙතැන් පටන් හැමදේම ඔයාලට භාරයි..ආරාධනා කරනවා තවත් ලස්සන දමිල ආදර කතාවක පහස විදගන්න කියලා..ඒ වගේම දිගින් දිගටම මේ වගේ උපසිරැසි අරන් එන්න අපිට දිරියක් වෙන්න ඔයාලගෙ වටිනා අදහසක් පහලින් දාගෙන යන්න කියල ඉල්ලා සිටිනවා..
ගිහින් එන්නම් එහෙනම්.. නැවත උපසිරසකින් හමුවනතුරු ,
ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

9 comments

  1. එලම මදුවෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  2. Fattama ban

  3. Pasindu Jayashan
    Cineru Family Member

    එල මචන් 👍👍
    ජය වේවා…

  4. රැග්නා ලෝඩ්බ්‍රොක් - සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තූතියි සහො උපසිරැසියට.. ❤️

  5. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Tnx kattiyatama 😍

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. උපසිරැසට තිති..
    තවත්උපසිරැසි ගෙන ඒමට ශක්තිය කාලය ලැබේවා

  8. මදුශාන් අයියා සබ් එකට ෆට්ටම තෑන්ක්ස්..😘😘😘,හරිෂ්ගේ ෆට්ටම ෆිලුමක් බැලුවා..කාලෙකට පස්සේ..😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login