The title of the page
Iruvar 1997 Sinhala Sub
Iruvar 1997 Sinhala Sub
8.5
90

Iruvar (1997) Sinhala Subtitles | මිතුරන් | සිංහල උපසිරැසි සමඟ

(Iruvar (1997) Sinhala Subtitles)
ගොඩාක් අය ඉල්ලල තිබ්බ ක්ලැසික් මූවි එකක් මේ ඉරුවර් . ඉතින් ඕක මට සබ් කරන්න පෙලබෙව්වේ අපේ ජෙගන් සහෝදරයා. එයා මට එව්වා එයා කරපු සබ් එකක්. නමුත් අවාසනාවකට ඒක කන්වර්ට් කරගන්න බැරි තත්වයක් තිබුනේ. ඉතින් මට කරන්න හිතුන නිසා ඔන්න ඒකටත් සබ් ගෙනාවා.   නමින්ම මානික්‍යක් වූ මනිරත්නම්අධ්‍යක්ෂකතුමාගේ අතින් බිහිවු තවත් එක් මානික්‍යක්. ඒක ඔප දාන්න එකතුවුන අය තමයි ඒ.ආර්. රහුමාන්ද ගීත පබැදුමෙන් වයිරමුත්තු කවියද කැමරාකරනයෙන් සන්තෝෂ් සිවම්දවිශිෂ්ඨ රංගනයකින් මෝහන්ලාල්, ප්‍රකාෂ් රාජ් සමග අයිෂ්වර්යාඑක්වෙනවා.  ඒ වගේම එකතුවෙනවා රේවති, තාඹුහා ගෞතමි .  විශේෂයෙන් කියනවනම් මේක දමිළ නලු හා දේශපාලකයින්වන MGR ගේ හා  කරුනානිධිගේ මිත්‍රත්වය අනුසාරයෙනුයි සිනමා සිත්තම නිර්මාණය වෙලා තියෙන්නේ.  මෝහන්ලාල් MGR ( එම්. ජී. රාමචන්ද්‍රන්) ලෙසත් ප්‍රකාෂ් රාජ් කරුණානිධි ලෙසත් අයිෂ්වර්යා ජයලලිතා ලෙසත් රංගනයේ යෙදී ඇත.  මුලදී ප්‍රකාෂ් රාජ්ගේ චරිතය කරන්න ඉදල තියෙන්නේ නානා පතේකාර් විසින්. පසුව ඒකට මම්මුටිව තෝරගත්තත් ඔහු එය ප්‍රතික්ෂේප කරල, තව කොහීප දෙනෙක්වම උත්සහා කලත් අවසානයෙන් තෝරගෙන තියෙන්නේ ප්‍රකාෂ් රාජ්ව. ප්‍රකා රාජ්ට වැරදුනේ නෑ. මේ රංගනයට ඔහුට ඉන්දීය රජයේ ඉහලම සම්මාණය වනNational Film Awards 1997 හොදම සහය නලුවාට වෙනුවෙන් ලබා ගැනීමට හැකිවිය. 
එක්තරා කාලයක දැන්  මලයාලම්  සිනමාවේ ප්‍රබලයන් දමිළ සිනමාවට දායකතවය සපයල තියෙනවා. විශේෂයෙන්ම මම්මූට්ටි, ප්‍රිත්විරාජ් , දමිළ සිනමාව තුලින් ප්‍රබලත්වයක් ලබා ගත් අයයි. ඒ අතර මෝහන්ලාල්ගේ විශිෂ්ඨ නිර්මාණයක් තමයි මේ ඉරුවර්. 
National Film Awards 1997
International honors

මේ ගැන ජෙගන් ගනේෂන් සහෝදරයගෙන් ලස්සන ලිපියක් තිබුනා. ඒක උපුටාගන්න ඕනේ කියල හිතුන නිසා පහතින් එ ලිපිය ඇති. කියවල බලන්න. 

Iruvar (1997) Sinhala Subtitles
මෙරට දේශපාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ඉන්දියාවේ මැදිහත්වීම කිසිදු අයුරකින් බැහැර කළ නොහැකි දෙයකි. විශේෂයෙන්ම තමිල්නාඩු ප්රාන්තයට ඉන් ප්රධාන ස්ථානයක් හිමි වේ. තමිල්නාඩුවේ පාලක පක්ෂයන් අතරින් ඩී.එම්.කේ පක්ෂයෙහි බිහිවීම එම ප්රාන්තයේ දේශපාලන ඉතිසාහසයේ සුවිශේෂි ස්ථානයකට හිමිකම් කියනු ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ කලාකරුවන්ගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ පක්ෂයක් වීමයි. මෙම පක්ෂය නිර්මාණවීම සහ ඊට කලාකරුවන් දැක්වූ දායකත්ව සම්බන්ධයෙන් සාකච්ඡා කළ චිත්රපටියක් ලෙස 1997 වසරේදී මණිරත්තිනම්ගේ අධ්යක්ෂණයෙන් තිරගත කෙරුණු ඉරුවර් චිත්රපටිය හඳුන්වා දිය හැකිය.
රටක පාලන තන්ත්රය අස්ථාවර වනවිටත්, ජනතාවට ජීවත්වීමේ අයිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවන අවස්ථාවක ක්රියාත්මක වන විප්ලවවාදී කණ්ඩායම් පසුකාලීන දේශපාලනයට පිවිසිම අපට සාමාන්ය ලෝකයේදී දැකිය හැකි සිදුවීම්ය. මෙහි වස්තු විෂය ලෙස ගෙන තිබුණේ ද එයයි. දේශපාලනයේදී බලයට මූලිකත්වය දෙනු ලැබේ. එහිදී මිත්රත්වය යනු හුදෙක් වදනට පමණක් සීමා වූ දෙයක් බවත්, බලය කෙරෙහි මිනිසෙකු සතුව පවතීන අසිමිත ආශාවන් සම්බන්ධයෙන් පුළුල් විග්රහයක් කිරීමට මණිරත්තිනම් මෙම චිත්රපටිය හරහා සමත් වූවා යැයි කීමට හැකිය.
ආනන්දන් යනු කුඩා කල සිට ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරමින්, සිය කුසගින්න නිවා ගැනීමට කුඩා නාට්යය කණ්ඩායම් සමඟ එක්ව තම ජීවිකාව ගෙන ගිය පුද්ගලයෙකි. ඔහුගේ රංගන හැකියාවන් දැක විශ්මිත වන අධ්යක්ෂකවරයෙකු සිය නවතම චිත්රපටියේ ප්රධාන නළුවා ලෙස ආනන්දන්ව තෝරාගනු ලබයි. එම චිත්රපටියේ රූගත කිරීම් ආරම්භ වීමට පෙරම ඔහුට තමිල්සෙල්වම් නමැති ලේඛකයෙකුගේ හමුවීම ආනන්දන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ යැයි කීමට හැකිය. කෙසේ වෙතත් එම හමුවීමේදී දෙදෙනාගේ අදහස් එකිනෙක නොගැළපෙන බව ප්රේක්ෂකයා වෙත අධ්යක්ෂවරයා විසින් ඉඟියක් ලබා දෙනු ලැබුවේ රසිකයින් තුළ යම් කුතුහලක් ඉතුරු කරමින්ය. එම නොගැළපීම් අතර වූවත් මිත්රත්වය ඉතා අපූරු ලෙස ගොඩනංවා ගැනීමට ඔවුන් සමත් විය.
ආනන්දන්ට පළමු චිත්රපටි අවස්ථාව ලැබීමෙන් අනතුරුව ඔහු සිය ග්රාමය වෙත පැමිණෙන දර්ශන අප කාගෙත් සිත් ගත් දර්ශනයකි. දුම්රිය උමඟක් තුළ සිට පැමිණෙන ආනන්දන්ගේ දර්ශනය ඉතා අපූරු ලෙස රූගත කර තිබුණි. ඔහු අඳුරෙන් ආලෝකය වෙත පැමිණෙනවා යන්න එහි සංකේතාත්මක භාවිතය පෙන්වා දිය හැකිය. විශේෂයෙන්මමණිරත්තිනම්ගේ චිත්රපටියක අවම වශයෙන් එක් දුම්රියක දර්ශනයක් හෝ තිබේ. ඊට නිශ්චිත හේතුව කුමක් දැයි නොදනිමි. ඉරුවර්හිදී එය බහුලව වශයෙන් භාවිත කර තිබු ආකාරයක් දැකගත හැකි විය.
ආනන්දන් සහ තමිල්සෙල්වම් යනු ධ්රැවයන් දෙකක් ලෙස පැවසීම වඩාත් සුදුසුය. විශේෂයෙන් ඔවුන් ජීවත් වූ සමාජ පරිසරය, අධ්යාපන මට්ටම, තෝරාගත් වෘත්තීය, සිතුම් පැතුම් සියල්ලම වෙනස්ය. මොවුන් දෙදෙනාගේ පළමු හමුවීමේ සිට මෙය අධ්යක්ෂවරයා ප්රේක්ෂකයා වෙත හේත්තු ගන්වා ඇත. තමිල්සෙල්වම් දේශපාලන ක්රමයේ තිබෙන අඩුපාඩු දකිමින් සිටින විට ආනන්දන් දුටුවේ සමාජයේ පවතින පංති භේදයයි. නිතරම තමිල්සෙල්වම් අන් සියලු දෙනා තම අඩිපාරේ යායුතු බව යැයි සිතන දේශපාලනඥයෙකුගේ චරිතය මුල් අවස්ථාවේ සිටම පිළිඹිබු විය. දේශපාලනයට පිවිසීමෙන් අනතුරුව ආනන්දන් කවදා හෝ තමිල්සෙල්වම්ව ඉක්මවා යනු ඇතැයි අධ්යක්ෂකවරයා විසින් එක දර්ශනයකින් පෙන්වූ ආකාරය චිත්රපටියේ ඇති විශිෂ්ඨතම රූප රාමුවකි. එමෙන්ම ජනතාව සහ දේශපාලනඥයා අතර ඇති සබඳතාවය ද ආනන්දන් සහ තමිල්සෙල්වම් අතර ඇති වන සංවාදයකින් ඉදිරිපත් කර තිබු ආකාරය අති විශිෂ්ඨය.
ඉරුවර් හි දෙබස් රචනා කරන ලද්දේ, මණිරත්තිනම්ගේ ආදරණීය බිරිඳ වන සුහාෂණි විසින්ය. මෙම චිත්රපටියේ පිටපත තවත් ශක්තිමත් කිරීමට ඇයගේ දෙබස් භාවිතයේ හැකිය ඉවහල්වී තිබුණි. විශේෂයෙන්ම ආනන්දන් සහ තමිල්සෙල්වම් අතර ඇති වූ විරසකයින් පසුව ආණ්ඩුව විවේචනය කරන ආකාරයේ චිත්රපටි නිෂ්පාදනය කිරීමට ඔහු කළ අවස්ථාවේදී එය වාරණය නොකර මහඇමති ලෙස සිටි තමිල්සෙල්වම් පැවසු වදන් කිහිපය අදටත් මාගේ දෙසවනේ රැඳි තිබේ. “චිත්රපටියකින් අපේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් යැයි හිතනවාද…?” කෙසේ වෙතත් අද නම් බොහෝ ආණ්ඩු තිබෙන්නේ එලෙසයි. එය වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. අනෙකුත් කරුණ නම් ජනතා ආකර්ශනය වැඩි ලෙස ලබා ගත හැක්කේ, ජනතාව දේශපාලන මතවාදවලට වඩා තමන්ට සමීප යැයි සිතන පුද්ගලයින් කෙරෙහි විශ්වාසය තබන බව කීමට යොදා ගත හැකි සුවිශේෂීම උදාහරණය ඉරුවර් චිත්රපටිය හඳුන්වා දිය හැක. මහඅමාත්යවරයාගේ කතාවක් අතරතුර වේදිකාවට පැමිණෙන ආනන්දන් හරහා එය අධ්යක්ෂකවරයා ප්රේක්ෂකයා වෙත ගෙන ගිය දර්ශනය ඉතා අපූරුය.
තමිල්නාඩු දේශපාලනයට කලාකරුවන්ගේ මැදිහත්වීම සුළුපටු නොවේ. ඉරුවර් චිත්රපටියේ ප්රධානතම තේමාවම වන්නේ ද එයයි. කරුණානිධි සහ එම්.ජී.ආර්ගේ දේශපාලනය ආරම්භ වූ ආකාරය මෙම චිත්රපටිය හරහා විග්රහ කර තිබුණි. කෙසේ වෙතත් මෙය අධ්යක්ෂකවරයා සෘජුවම පැවසීමට මැළිකමක් දක්වා තිබීම දැකගත හැකිය. මණිරත්තිනම්ගේ සිහින ව්යාපෘතිය වන “පොන්නියින් සෙල්වන්” මේ වනවිට රූගත කරමින් පැවැතිය ද කවදත් ඔහුගේ කැමතිම චිත්රපටිය ඉරුවර් ලෙස අවස්ථා කිහිපයකදීම ප්රකාශ කළේය. මණිරත්නිනම්ගේ සිනමාව රසවිඳින සෑම කෙනෙකුම ඒ හා එකඟ වනු ඇතැයි සිතමි. විශේෂයෙන් සංගීත අධ්යක්ෂකවරයා වන ඒ.ආර් රාහුමාන්ගේ සංගීතයත්, වෛරමුත්තුගේ පද්ය රචනයත් මෙම චිත්රපටිය ප්රේක්ෂකයා වෙත වඩ වඩාත් සමීප කරන්නට සමත්ව තිබුණි.
ඉරුවර් චිත්රපටියේ කැමරා අධ්යක්ෂකවරයා වන සන්තෝෂ් සිවන් සම්බන්ධයෙන් ද මෙහිද මතක් කළ යුතුමය. සමහර දර්ශන ඔහු සිය කැමරා කාචයට හසුකරගෙන තිබු අයුරු අපූරුය. විශේෂයෙන් ආනන්දන් සහ තමිල්සෙල්වන්ගේ අවසන් හමුව කැමරාවට හසුකරගෙන තිබු ආකාරය අතිවිශිෂ්ඨ යැයි පැවසීමේ වරදක් නැතැයි මා සිතමි. ඔවුන්ගේ පළමු හමුව සිදු වූ ස්ථානයේදීම අවසන් හමුව සිදුවන බවට හඟවන එම දර්ශනය එකල කා අතරත් දැඩි කතාබහකට ලක්විය. චිත්රපටියෙහි එන චරිතවල ගුණාත්මකබාවය ඉතා අපූරු ලෙස සිය කැමරාවෙන් සටහන් කරගැනීමට ඔහු සමත් විය. චිත්රපටිය නරඹන සෑම අවස්ථාවකම ඔහුගේ එම දර්ශනවල මා වික්ෂිප්ත වූ අවස්ථා බොහෝය.
ඉරුවර් චිත්රපටිය සම්බන්ධයෙන් කතා කිරිමේදී මෝහන් ලාල්, ප්රකාශ්රාජ්, ඓශ්වර්යා සහ නාසර් යන අය සම්බන්ධයෙන් කතා නොකරම බැරි දෙයකි. විශේෂයෙන් දමිළ සිනමාවට ආගන්තුකයින් ලෙස පැමිණි මෝහන් ලාල්ගේ සහ ඓශ්වර්යාගේ රංගනය විශිෂ්ඨ මට්ටමක තිබුණි. විශේෂයෙන්ම ඔහුගේ චරිතය තුළ අපට එම්.ජී.ආර්ව දැකගැනීමට හැකි වූවා යැයි පැවසීම සර්ව සාධාරණ යැයි සිතමි. එමෙන්ම ප්රකාශ්රාජ්ගේ දමිළ උච්චාරණය වඩාත් ප්රශස්ත මට්ටමක තිබුණි. කරුණානිධිගේ චරිතය නිරූපණ කළ ප්රකාශ්රාජ් ඔහු ලෙසම දමිළ උච්චාරණයට දැඩි පරිශ්රමයක් ගත් බව ඔහුම අවස්ථා කිහිපයකදී ප්රකාශ කළේය. කෙසේ වෙතත් ඊට කරුණානිධිගෙන් ප්රංශසාවක් බලාපොරොත්තු වූව ද එය චිත්රපටිය තිරගත වූ කාලයේදී නොලැබීම සම්බන්ධයෙන් යම් කණගාටුවක් ද පවතින බව ද ප්රකාශ්රාජ් පවසා තිබේ.
1997 වසරේ හොඳම සහය නළුවාට හිමි ජාතික සම්මානය ප්රකාශ්රාජ්ටත්, වසරේ සිනමා අධ්යක්ෂකවරයාට හිමි ජාතික සම්මානය සන්තෝෂ් සිවන්ටත් හිමි විය. British Film Institute Sight and Sound සඟරාවේ හොඳම චිත්රපටි 1000 අතරට ඉරුවර් එකතු වීමත් විශේෂත්වයකි..
May be an image of Jegan Ganeshan
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Thanks sub ekata

  2. නිරෝෂ්

    ස්තුතියි පීටර් සහෝ.ජයවේවා !

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Vaaranam Aayiram ekak dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login