The title of the page
Inseparable Bros (2019) Sinhala Sub
Inseparable Bros (2019) Sinhala Sub
7.1
97

Inseparable Bros (2019) Sinhala Subtitles | “නොබිදෙන සොයුරු පෙම් පවුර” | සිංහල උපසිරැසි සමඟ

( Inseparable Bros (2019) Sinhala Sub ) කොහොමද ළමයි?සෑහෙන කාලයක් ගියා එක එක ප්‍රශ්න නිසා සබ් එකක් අරන් එන්න. මට කෙනෙක් මුලින්ම සබ් දෙන්න කියලා ඉල්ලපු කොරියන් චිත්‍රපටයකට තමා අද මං සබ් අරන් ආවේ. මේ මගේ 4 වෙනි උපසිරැසිය වගේම කොරියන් භාෂාවේ සලරුවකට කරන පළවෙනි උපසිරැසිය.

කෙලින්ම කතාවට බහිමුකො, Inseparable Bros කියන්නේ 2019 තිරගත වුණු IMDb අගය 7.1/10 ක්‌ ලබා ගන්න සමත් වුණ සත්‍ය සිදුවීමක්, සත්‍ය ජිවිත කතාවක් පාදක කරගත් චිත්‍රපටයක්.

ප්‍රධාන චරිත තුන නිරූපනයට Lee Kwang Soo දොන් ගූ (Dong Gu) ලෙසත්, Esom මි හ්යූන් (Mi Hyun) ලෙසත්, Shin Ha Kyun සේ හා (Se Ha) ලෙසත් රංගනයෙන් දායක වෙනවා. Yuk Sang Hyo තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

සේ හා කියන්නේ ස්නායු අබාදයක් නිසා රෝදපුටුවකට සීමා වුණු දරුවෙක්, අම්මගේ වියෝවෙන් පසු තාත්තාම ඇවිත් සේ හා ව අනාත නිවාසෙකට බාර දෙන්නේ පිය-පුතු සම්බන්දේ අත් ඇරලම දාලා.ටිකක් පිස්සු පහේ පියතුමෙක් තමා මේක භාරව ඉන්නේ, කොහොම වුණත් මේ පියතුමා මේ වාගේ ගොඩක් අසරණ ළමයිට හෙවනක් වගේම තාත්තෙක් වුණා.

සේ හා පොඩි කාලේ ඉදන්ම මුණ දීපු දේවල් නිසාත්, තමන්ගේ අබාධය නිසාත් ටිකක් තේරුම් ගන්න අමාරු දැඩි ගති ගුණ තියෙන කෙනෙක් වුණත් වෙලාවකට නම් එයත් කටකාර, සල්ලි හොයන්න අහිංසක කුපාඩි වැඩක්‌ දෙකක් කරන තරුණයෙක්.මෙයාට දොන් ගුව හම්බවෙන්නේ අනාත නිවසේදිමයි, දොන් ගූ මානසික අබාධයකින් පෙළෙන දරුවෙක්, පොඩි කාලෙම එයාවත් අම්මා අතින්ම පිහිනුම් බෑගයක් සමග වතුරට අත් ඇරලා දාලා.ඒත් මේ දෙන්නට දෙන්න වෙන් කරන්න අමාරු ලස්සන සහෝදර බැදීමක් ඇති කරගන්නවා,දොන් ගූ ත් සේ හා සමගම තරුණ වියටත් එකටම පා තබනවා. ඒත් මෙයාලව බලාගත්ත පියතුමා මිය යනවත් එක්කම අනාත නිවාසයත් එතනින් ඉවත් කරලා එයාලව වෙනම නිවාස වලට මාරු කරන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා..

ඉතිං මේ දෙන්නා වෙන් වේවිද? තනියම ජීවත් වෙන්නත් රස්සාවක්, සල්ලි එපැයි.ඇවිදින්න බැරි සේ හා ට හවු හරණක් ලැබේවිද? දොන් ගූ, සේ හා සහෝදරයෝ කොහොම ජිවිතේ ඉස්සරහට ගෙනියිද?

එහෙනම් කතාව බලලම ඉන්න.කොරියන් හින්දවත්, හෙන අබාදිත කතාවක්නේ කියලවත්, මගේ සටහන කියවපු පමණින්වත් මේක අත අරිනවා එහෙම නෙමේ, පස්සේ පසු තැවෙන්න වෙයි.

එහෙනම් ඊළගට චයිනීස් එකක් තමා දෙන්න ඉන්නේ, අපේ ඇඩ්මින් අයියගේ ඉල්ලීමක් නිසාම🤭 බාර අරගෙනත් දැන් සෑහෙන කල් හින්දා ඒකෙන් පස්සේ ඔයාලගේ ඉල්ලීම් ගැන සලකා බලන්නම්.

එහෙනම් Stay Safe ❤️ සිනෙරු වැසියනි.

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

12 comments

  1. Thank you visu😍😍👍👍❤️❤️

  2. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks …..Detachment 2011 movie ekath sub denna …………..

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    වැලන්ටයින් නංගි සුපිරියි ආ

  7. Krishani
    Cineru_users

    Godaaaak sanwedi lassana katawak. Godak aya nobalapu eka nam aparadayak. Thank you 💐💜️💜️💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login