The title of the page

In The Tall Grass (2019) Sinhala Subtitles |බිහිසුණු උස් තෘණ යායක් තුළට|සිංහල උපසිරැසි සමඟ|

මේ පාරත් ඉතින් ආපහු Netflix ෆිල්ම් එකකටම උපසිරැසි හදලා ගෙනාවා..මම මේක එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් Trailer එක ආපු දවසෙ ඉදලා.. Netflix කියපු ගමන් සමහර අය දැනටම සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ඇති.. මොකද Netflix සමාගම කරපු චිත්‍රපට ඔක්කොම වගේ උසස් ගණයේ චිත්‍රපට / කතාමාලා.. ඉතින් දැන් Netflix කියන්නෙ ගොඩක් ජනප්‍රිය Streaming Service එකක්.. Netflix කියපු ගමන් එහෙම නම් Horror සිනමාවෙ It චිත්‍රපටය මතකද ? එතකොට Pet sematary මතකද ? Shawshank redemption ? The mist ? මේ චිත්‍රපට වලට පාදක වුන පොත් වල අයිතිකාරයා කවුද කියලා දැනටමත් දන්නවනේ.. Stephen King මහත්තයනේ…

Stephen king කියපු ගමන් ඉතින් එයා ලියපු පොත් ගොඩක් ම ජනප්‍රිය නවකතා.. මේවා Based කරගෙන මේ වෙද්දි චිත්‍රපට රාශියක් නිර්මාණය වෙලා තියනවා.. ඉතින් අද මම ගෙනාපු In the Tall grass චිත්‍රපටයත් Stephen king හා ඔහුගෙ පුතා වෙන Joe hill ලියපු In the tall grass නවකතාව පාදක කරගෙන නිශ්පාදනය කරපු තවත් අමුතු වෙනස් ම විදිහෙ නිර්මාණයක්.. මොකද කියනවා නම් මම හිතාගෙන හිටියට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් කතාවක් තමා මේ ෆිල්ම් එකේ තියෙන්නෙ..

ඉතින් ඒත් මේක Horror ෆිල්ම් එකක් නම් නෙමේ.. Horror ටයිප් වුනාට.. මේක Drama / Mystery ගණයට තමා වැටෙන්නෙ.. ඉතින් වෙනස් ම විදිහෙ ෆිල්ම් එකක් කියලා කිව්වනේ.. කතාව මෙහෙමයි.. සහෝදරයෙකුයි සහෝදරියකුයි ගමනක් යන ගමන් මග තණ ගස් උස තණ ගස් තියන යායක් ගාව නවතිනවා.. ඉතින් මෙයාලා ආපහු යන්න හදද්දිම ළමයෙක් ඒ තණ ගස් යාය ඇතුලෙන් උදව් ඉල්ලලා කෑ ගහනවා.. කොහොමහරි මෙයාලා ඒ ළමයට උදව් කරන්න කියලා මේ උස් තණ යායට ගියත් හරි ආපහු මෙයාලට එන්න නම් හම්බවෙන්නෙ නෑ.. මාරම ලොකු අවුලක තමා මෙයාලා වැටෙන්නෙ.. මේ තණ යාය ඇතුළෙ මෙයාලා දන්නෙ නැති ලොකු කාලය සම්බන්ධ දෙයක් සිද්ධවෙනවා.. ඉතින් මෙයාලා කොච්චර උත්සහ කරත් මෙයාලට එන්න වෙන්නෙ නෑ.. ඔය වෙලාවෙ තමයි මෙයාලට තව පවුලක් මේ උස් තණ යාය ඇතුළෙදි හම්බවෙන්නෙ..

ඉතින් මේ දෙගොල්ලො එකතු වෙලා මෙතනින් පැන ගනීද ? නැත්නම් මේකෙම හිරවෙලා මැරිලා යයිද ? නැත්නම් මරණයට වඩා දරුණු දේකට මුහුණ දෙන්න වෙයිද ? මොකක්ද මේ කාලයේ ප්‍රශ්නය ?…

මේ ඔක්කොටම උත්තර ෆිල්ම් එක බලලා දැනගන්න පුළුවන්..

එහෙනම් තව ෆිල්ම් එකකින් හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

5 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊😊👍
    ජය වේවා.! 👊

  2. tank you jayawewa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login