The title of the page
amar
5.0
86

Amar (2019) Sinhala Subtitles|අහිමි ආදරයක් සොයා ගිය ගමනක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරන් ආව පට්ට ඇක්ෂන් Film එකක්..ඇක්ෂන් කිව්වට love story එකක් තමයි.IMDb Rate එකත් 7.52 ක් තියනව මේකට..ම්..මේකෙ නම තමයි Amar නමෙන්ම පොඩි ගැම්මක් තියනවා වගේ තේරෙනවනෙ..සිරාවටම ඉතින් කතාවත් ගැම්මක් තමයි..මේකෙ ප්‍රධාන චරිතෙ අමර්..අමර් ගොඩක් කඩවසම් ⁣හොඳ කොල්ලෙක් අමර් අහම්බෙන් එයාට කොලේජ් එකේදි හම්බෙන බොබී කියන කෙල්ල පොඩියට ලයින් පාරක් ගහගෙන යනවා..ඒත් ටික දවසකින් මේක දෙන්න අතරෙම සිරා ලව් එකක් බවට පත් වෙනවා..මුලින්නම් බොබී ටිකක් ගනන් උස්සනවා..ඒ කෙල්ලන්ගෙ හැටිනෙ..හොඳම සීන් එක කියන්නෙ බොබී අමර් ඇත්තටම එයාට අාදරෙයිද බලන්න බොබීට පිළිකාවක් තියනවා කියල අමර්ව අන්දනවා..අමරුත් හොඳට ලණුව ගිලිනවා..පස්සෙ අමර්ට ඇත්ත කියනවා..එතකොටනන් මිනිහ බොබීට පොඩි සද්දයක් දානවා..කොහොම හරි දෙන්නා දැන් දෙන්නට සුපිරියටම ලව්..මේ මල ඉලව් අස්සෙ බොබීගෙ තාත්තා බොබීට හොඳ සල්ලිකාර අත්තක් සෙට් කරන්න හදනවා..තාත්ත බොබීටත් හොරෙන් මඟුලත් ලෑස්ති කරලා ඔන්න මෙන්න කියල තමයි බොබීට කියන්නෙ..බොබී මේක දැන ගත්ත ගමන් පැනල යන්න කියල අමර්ව හොයන් එනවා..අමර් කියනවා තාත්තා කැමති කෙනාට කැමත්ත දෙන්න මම හැමෝම ඉස්සර ඒ වෙලාවෙ ඔයාගෙ ඇගිල්ල මුද්ද දානවා කියල..කෙල්ලත් අමර් ගැන විශ්වාසෙට වැඩේට කැමති වෙලා ඒ දවසෙදි වැ⁣ඩේ ගානට කරගෙන යනවා…කොහොම හරි සේරම ඔන්න මෙන්න තියෙද්දි අමර් වැඩේට පස්ස ගහනවා..බලද්දි අමර් බොබීගෙ තාත්තගෙන් කෝටි 50 ක් ඉල්ලගෙන බෝබි ආදරේ සල්ලි වලට විකුණලා..කොහොම හරි ඔන්න ඔතනදි තමයි දෙන්න වෙන් වෙන්නෙ..බොබිත් අමර්ට රිද්දන්න හිතාගෙන තාත්ත හොයල දුන්න කොල්ලත් එක්ක ඒක්ගේජ් වෙනවා..මේ අස්සෙ වෙඩිමට දවස් දහයක් තියන පැරෂුට් පදින්න ගිහින් වැටිල කොල්ල කූරිය ගහනවා..

මේ මුකුත් දන්නඅතුව අමර් ආපහු බොබීව හොයා ගෙන යනවා..බොබී අමර්ට ආපහු කැමැත්ත දෙනවද , ඇත්තටම අමර් සල්ලි අරන් බොබී ආදරේ උකස් කරාද බලන්නම් මේ කතාව බලල ඉන්නම වෙනවා..

මේ ෆිල්ම් එක රිලීස් කරලා තියෙන්නෙ 2019 May 31 වෙනිදා තමයි.ටිකක් කල් වෙනවා.කොහොම වුණත් සුපිරිම ෆිල්ම් එකක් තමයි.ගොඩක් දෙනාගෙ ඉල්ලීම මත තමයි උපසිරැසි අරන් ආවෙ.කොහොමත් ඉතින් අපි පටන් ගත්ත දවස් වල ඉදන්ම ඔයාල කැමතිම, ඒ වගේම ඔයාලා ඉල්ලන ෆිල්ම් වලට සීරියස් වලට සබ් ගෙනාවනෙ.අන්න ඒ වගේ තමයි මේ ෆිල්ම් එකටත් ගොඩක් අය ඉල්ලලා තිබ්බා.ඒ වගේම ෆිල්ම් එකත් පට්ට ලස්සනයි.ඇක්ෂන් වගේම ආදර කතාවකුත් මේකෙ ඇතුලත් වෙනවා.වැඩේ කියන්නෙ මේකෙ තියෙන්නෙ වෙනස්ම ආදර කතාවක්.ඒ නිසා මග අරින් නැතුව ෆිල්ම් එක බලලම ඉන්න.

එහෙනම් තවත් උපසිරැසියකින් හම්වවෙමු.එහෙනම් මං නැවතුනා.

හැමෝටම ජය !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

11 comments

  1. එලම මචං ❤️❤️❤️

  2. Thank you. 🙏

  3. Thanks loku kaleka idala hitiye mekata sub dennakan mamath comments demma thx macho ela

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Thanks for sub bro…….”(raja gadu 2018) movie eke sub denna bro please……..

  6. Pailwaan ඔකටත් සබ් එකක් දෙන්න පුළුවන් ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login