In Secret (2013) Sinhala Subtitles
In Secret (2013) Sinhala Subtitles
6.1

In Secret (2013) Sinhala Subtitles | “ අසම්මත පෙම ” | සිංහල උපසිරැසි සමඟ 18+

(In Secret (2013) Sinhala Subtitles) (In Secret (2013) Sinhala Subtitle) (In Secret (2013) Sinhala Sub)

“In Secret” කියන්නේ මීට අවුරුදු 13 කට විතර කලින් තිරගත වුණු, ඒත් අදටත් තව කාලයක් යනකන් රසවින්ඳනය නොඅඩුව ලබාගන්න පුළුවන් සිනමාපටයක්.. Thriller සහ Romance කියන කැටගරි එකට වැටෙන මේ නිර්මාණය පැය එකකුත් මිනිත්තු හතළිස් හතක ධාවන කාලයක් පුරා දිවෙනවා.. IMDb 6.1 ක අගයක් ලබාගත්තු සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නේ සුප්‍රකට හොළිවුඩ් නිළි ‘Elizabeth Olsen’ වගේම ප්‍රසිද්ධ නළු ‘Oscar Isaac’ ඒ වගේ Academy Award ජයග්‍රහණය කරපු ‘Jessica Lange’ පවා මේ සිනමාපටයෙදි බලාගෙන පුළුවන්කම ලැබෙනවා.. Charlie Stratton අධ්‍යක්ෂණය කරපු නිර්මාණෙට පාදක වෙලා තියෙන්නේ Emile Zola කියන කතුවරියගේ Therese Raquin කියන නවකතාවයි..

කතාවට පසුබිම සැකසෙන්නේ 1800 ගණන්වල මැද භාගයේ පැරීසියෙන්.. ම්මා ගැන හරිහමන් විස්තරයක් නොදන්න පුංචි කෙල්ලෙක් එයාගේ තාත්තගේ අක්කා හෙවත් ළමයගේ නැන්දගේ ගෙදර නවත්තන්න එක්කගෙන එනවා.. මේ ළමයා එන්නේ අප්‍රිකාවේ ඉඳන්.. නැන්දගේ ගේ තියෙන්නේ වර්නන් කියන දුෂ්කර ගම්මානෙක.. මේ වැඩිහිටි ගෑණු කෙනාට (නැන්දට) ඉන්නවා රෝගී පිරිමි ළමයෙක්.. එයාගේ නම ‘කැමිල්’ එතකොට මේ එන නෑදෑ ගෑණු ළමයගේ නම ‘තෙරේස්’ මේ දෙන්නා එකට හැදෙනවා.. කාලයත් එක්ක දෙන්නා ලොකු මහත් වෙනවා.. පණිවිඩයක් එනවා තෙරේස් ගේ තාත්තත් නැතිවෙලා කියලා.. මෙතන ඉඳන් තෙරේස් ගේ ජීවිතේ මේ අම්මයි පුතයි එක්ක එකට යා වෙනවා.. අම්මගේ හිතේ තියෙනවා කැමිල් ව තෙරේස් ට විවාහ කරලා දෙන්න.. මේකට තෙරේස් ගේ කැමැත්තක් නැතත් වෙන කරන්න දෙයක් නැතිකමට මේ දෙන්නා විවාහ වෙනවා.. මේ අතරේ හිතවත්කමකට කැමිල් ට පැරීසියේ ලොකු සමාගමක පුංචි ලිපිකාරයෙක් වශයෙන් රැකියාවක් හම්බෙනවා.. මේ විදිහට අම්මයි කැමිලුයි තෙරේසයි පැරිසියට යනවා.. මෙහෙදි තමා මේ අයගේ ජීවිත සහමුලින්ම වෙනස් වෙන්නේ.. පැරීසියෙදි කැමිල් තමන්ගේ ගෙදරට එක්කන් එනවා ඉස්සර වර්නන් වල හිටිය තමන්ගේ යාළුවෙක්.. මෙයාගේ නම ‘ලෝරන්ට්’ විවාහ ජීවිතේ ඇතුළේ සතුටක් නැතුව ජීවත් වුණ තෙරේස් ට මේ ලෝරන්ට් දකිද්දි හැඟීම් පාලනේ කරගන්න බැරිවෙනවා.. හොර රහසේ ලියැවෙන මේ අසම්මත පෙම් කතාව ඇතුළේ රාගයේ අන්තයට යන මේ දෙන්නා අතින් එක දරුණු වැරැද්දක් සිද්ධවෙනවා.. මිනීමැරුමක්!

කතාව තව දිගාරින්න ගියොත් රස නැතිවේවි..

ඛේදවාචකයකින් අවසන් වෙන මේ කතාව රසවිඳින්න ඇරයුම්!

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


142
Total Subtitles

One comment

  1. ස්තූතියි මලීෂ සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login