Angammal (2025) Sinhala Subtitles
Angammal (2025) Sinhala Subtitles
8.9

Angammal (2025) Sinhala Subtitles | “ හැට්ටයක් අඳින්නෙ නැති අම්මා.. ” | සිංහල උපසිරැසි සමඟ

(Angammal (2025) Sinhala Subtitles) (Angammal (2025) Sinhala Subtitle) (Angammal (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2026 වසරේ දෙමළ සිනමාවෙන් (Kollywood) නිකුත් වුණු Angammal කියන්නේ හිතට හොඳටම දැනෙන, තාත්වික Family Drama සහ Social Drama ශානරයට අයත් වෙන විශිෂ්ට නිර්මාණයක්.

අපි කවුරුත් දන්නවා දකුණු ඉන්දියානු සිනමාව ගම්වල තියෙන ඇත්ත ප්‍රශ්න කොච්චර ලස්සනට තිරයට ගේනවද කියලා. “අංගම්මාල්” කියන්නෙත් අන්න ඒ වගේ, අම්මා කෙනෙක් සහ දරුවන් අතර ඇතිවන ගැටුමක් වටා ගෙතුණු සංවේදී කතාවක්.

කතාව ගැන පොඩ්ඩක්… අංගම්මාල් කියන්නේ සැමියා නැතිව, තමන්ගේ දරුවෝ දෙන්නා වුණ ‘පවළම්’ සහ ‘සුඩලයි’ ව තනියම හදාවඩා ගත්ත හයිය හත්තිය තියෙන ගැමි ගැහැනියක්. ලොකු පුතා සුඩලයි ගොවිතැන් කළාට, පොඩි පුතා පවළම් ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙනවා.

ප්‍රශ්නය පටන් ගන්නේ පවළම්ට සල්ලිකාර පවුලකින් කසාදයක් තීන්දු වුණාමයි. පවළම්ට ඕන වෙනවා මනමාලියි ගෙදර අයයි එනකොට තමන්ගේ අම්මා “හැට්ටයක්” ඇඳලා පිළිවෙලට ඉන්නවා දකින්න. (පැරණි ගැමි සමාජයේ සමහර කාන්තාවන් හැට්ට අඳින්නේ නැති සම්ප්‍රදායක් තිබුණානේ). නමුත් අංගම්මාල් කියන්නේ තමන්ගේ පරණ පුරුදු කා වෙනුවත් වෙනස් කරගන්න අකමැති හිතුවක්කාර ගැහැනියක්.

මේ පුංචි “හැට්ටය” නිසා අම්මයි පුතයි අතර ඇතිවන ගැටුම, නොසලකා හැරීමට ලක්වුණු ලොකු පුතාගේ (සුඩලයිගේ) වේදනාව සහ ගමේ ඇතිවන දේශපාලනය මේ චිත්‍රපටයෙන් හරිම අපූරුවට පෙන්නුම් කරනවා.

අම්මා කෙනෙක්ගේ ආදරයත්, සමාජ තත්වය නිසා දරුවන්ට ඇතිවන ලැජ්ජාවත් අතර දෝලනය වන මේ කතාව ඇස් වලට කඳුළක් උනන තැන් බොහොමයකින් පිරිලා තියෙනවා. පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, ජීවිතේ ගැන හිතන්න යමක් ඉතුරු කරන ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. ස්තූථියි සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login