I Spit on Your Grave (2010) Sinhala Subtitles
I Spit on Your Grave (2010) Sinhala Subtitles
6.2
32
84

I Spit on Your Grave (2010) Sinhala Subtitles | “ ම්ලේච්ඡත්වයට එරෙහිව ලියැවුණු රුදුරුතම පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

(I Spit on Your Grave (2010) Sinhala Subtitles (I Spit on Your Grave (2010) Sinhala Subtitle) (I Spit on Your Grave (2010) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ! ඔන්න ඉතින් මේ සැරේ අරගෙන ආවේ නිකන්ම නිකන් ෆිල්ම් එකක් නෙවෙයි, බලන් ඉන්නකොට ලේ රත් වෙන, ඇඟ හිරිවැටිලා යන ජාතියේ සුපිරිම Horror-Thriller කතාවක් අරගෙනයි! හැබැයි ඉතින් කලින්ම කියන්න ඕනේ, මේක නම් බයගුල්ලොන්ට බලන්න පුළුවන් ෆිල්ම් එකක් නෙවෙයි හොඳේ.

ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ ‘ජෙනිෆර් හිල්ස්’ (Jennifer Hills) කියන තරුණ ලේඛිකාව වටා. මෙයා එයාගේ ඊළඟ නවකතාව ලියන්න නිස්කලංක පරිසරයක් හොයාගෙන ටිකක් ඈත පළාතක තියෙන කැලෑවක් අයිනේ කැබින් එකකට එනවා. හැබැයි මෙයා හිතපු සාමකාමී බව නම් මෙයාට ලැබෙන්නේ නෑ. ඒ පළාතේ ඉන්න රස්තියාදුකාරයෝ ටිකක් අතින් මෙයා හරිම අමානුෂික විදිහට, දරුණු හිංසනයකට ලක් වෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ හැමෝම හිතන්නේ ජෙනිෆර් මැරුණා කියලා.

හැබැයි කතාව නියමෙටම පටන් ගන්නේ එතනින්. මරණයේ දොරකඩටම ගිහින් ආපහු එන ජෙනිෆර් තීරණය කරනවා තමන්ට කරපු අපරාධෙට දාහකින් සම්පන්න පළිගැනීමක් කරන්න. හැබැයි ඒක නිකන්ම පළිගැනීමක් නෙවෙයි, තමන්ට වධ දීපු එකාට ආයෙත් කවදාවත් ඒ වගේ දෙයක් හිතන්නවත් බැරි වෙන්න දෙන දඬුවමක්.

ඉතින්, ජෙනිෆර් කොහොමද මේ දඩයම්කාරයොන්ව ආපහු දඩයම් කරන්නේ? අර අහිංසක ලේඛිකාව කොහොමද මේ වගේ දරුණු චරිතයක් වුණේ? මේ හැමදේම දැනගන්න කුතුහලය, ත්‍රාසය පිරුණු “I Spit on Your Grave” බලන්නම වෙනවා.

IMDb දර්ශකයේ ⭐ 6.2/10 ක අගයක් අරගන්න සමත් වෙලා තිබුණත්, Revenge Movies (පළිගැනීම් තේමා කරගත් චිත්‍රපටි) අතරේ මේක තාමත් ලිස්ට් එකේ උඩින්ම තියෙන ෆිල්ම් එකක්. Steven R. Monroe අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ජෙනිෆර් විදිහට Sarah Butler කරන රංගනය නම් ඇත්තටම පිස්සු හැදෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login