The title of the page
5.4
90

Iddari Lokam Okate (2019) Sinhala Subtitles|නුඹයි මගේ හද ගැස්ම|සිංහල උපසිරැසි සමග|

ආදරේ කොයිවෙලේක ඇති වෙනවද දන්නෑ
කොහොම ඇති වෙනවද දන්නෑ
කවුරු මත ඇති වෙනවද දන්නෑ
ඒ චාරිකාවෙදි කොතරම් හැරවුම්
කොතරම් නැවතුම් , කොතරම් මතකයන්
හැංගිලා තියෙනවද කියලා..,
කවුරුත් දන්නෑ…
ආදරේ හැමවෙලාවෙම පුදුම කිරීමක්..
එක අහඹු සිදුවීමක්…

මරණය පරදමින් මෙලොවට උපත ලබාගෙන එනවනම්, ඒ ජීවිතයට මොකක් හෝ අරමුණක් තියෙනවමයි.ඒ ජීවිතය ගෙවෙන්නේ ඒ අරමුණ ඉටු කරන්නමයි.අපි කාගෙ ජීවිත වලත් මේ වගේ අරමුණක් හැංගිලා තියෙනවා.ඒක මොකක්ද කියල දැනගත්තමයි මේ ජීවිතය අර්තවත් විදියට ගෙවන්න පුළුවන්..

ඒ වගේම මේ ලෝකෙ දෙහදක් එක් කරන්න කොතරම් අහබු සිදුවීම් වෙනවද, ඉපදුනු තැන ඉදන්ම , පුංචි කාලෙත් එකට ගත කරන එකිනෙකාට කැමැත්තෙන් ඉන්න කෙල්ලෙකුයි,කොල්ලෙකුයි තමන්ගෙ ජීවිත කාලයම එකට ගත කරන්න එකතු වෙනවනම් ඒක කොතරම් වාසනාවක්ද ? ඒ ආදරයනම් තවත් ජන්ම ගනනාවකට ඇති වන බැදීමක් වෙයි සැකයක් නෑ..

ආයුබෝවන් 🙏 මගේ ආදරණීය සිනමා රසික යාලුවො හැමෝටම..ඔන්න එහෙනම් මම අදත් වෙබ් අඩවියට ගොඩ වුනේ තවත් අපූරු හැගුම්බර තෙලිඟු සලරුවක සිංහල උපසිරැසිත් අරගෙන තමා.එහෙනම් හැරෙමු සලරුව පැත්තට..

Iddari Lokam Okate [දෙන්නගෙම ලෝකය එකක් ] පසුගිය 2019 වර්ශයේ දෙසැම්බර් 25 නත්තල් දිනයේ තමා තිරගතවීම ආරම්භ කලේ.Drama | Romance වර්ගයට අයත් මෙය IMDB දර්ශකය තුල 6.8 කුත් , Google භාවිතා කරන්නන්ගෙ 91% මනාපයකටත් හිමිකම් කියා තිබෙනවා. Krishnareddy Gangadhasuu මහතාගෙ අධ්‍යක්ෂණයෙන් හා Dil Raju මහතාගේ නිශ්පාදනයට Mickey J Meyer අපූරු සංගීතය එක්වෙලා තමයි චිත්‍රපටිය අපි අතරට එන්නේ..

මම මීට පෙර උපසිරැසි අරගෙන ආව Andhahagadu (2017), Rangula Rathnam (2018) හි රංගනයෙන් එක් වුනු Raj Tharun තමා මෙහි ප්‍රධාන නලුවා ලෙසින් එක් වෙන්නේ..ඒ වගේම Arjun Reddy (2017) චිත්‍රපටියෙන් කාගෙත් සිත් ගත් රුවැත්තිය Shalini Panday තමයි මෙහි ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙන්නේ..

අදුර වැටිලා කියලා දුක් වෙවී වාඩිවෙලා හිටියොත්…
අහසේ තියෙන තරු මගහැරෙන්න පුලුවන්…
පරාද වුනා කියල දුක් වෙවී වාඩිවෙලා හිටියොත්…
ලග තියෙන දිනුම මගහැරෙන්න පුලුවන්.. “

හරි මං එහෙනම් කතාව පැත්තට හැරෙන්නම්.

වර්ශා කියන්නේ පුංචි කාලේ තමන්ගේ සීයගෙන් ලැබුනු ආභාශය එක්ක චිත්‍රපටි නිලියක් වෙන්න උත්සහ දරන කෙනෙක්..ඉතින් මෙයා කොච්චර ඕඩිශන් වලට ගියත් තේරෙන්නෙම නෑ..එතකොට මහී..මහී කියන්නේ ඡායාරූප ශිල්පියෙක්.මෙයා තමන්ගෙ තාත්තා එයාගෙ කාලෙ ගත්තු චායාරූප එකතුවක් එක්ක ප්‍රදර්ශනයක් කරනව..කොහොමහරි වර්ශා තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක අමනාපකමක් ඇතිවෙලා මෙයාගේ ප්‍රදර්ශනය තියෙන තැනට එනව.එතනදි එයාගෙ පුංචි කාලේ පොටෝ එකක් කියල හිතෙන පොටෝ එකක් දැකල මෙයා මහීගෙන් ගිහින් අහනවා..ඇත්තෙන්ම පුංචි කාලෙ වෙම සිදුවීම් එක්ක වර්ශ ලග එයාගෙ පුංචි කාලෙ පොටෝ නැති නිසයි හරියටම ශුවර් නැත්තේ..
ඉතින් මහී ඒ චායාරූපෙ අතීතය වර්ශට කියනවා..එතනින් කතාව පොඩ්ඩකට අතීතයට අරගෙන යනවා..

මීට වඩා කිව්වොත්නම් කතාවේ රසේ නැති වෙනවා..අනික ඉස්සරහට මාරම දේවල් තමා වෙන්නේ..ඒව දැනගන්න වෙන්නෙ ඔයාට බලලම තමා.. 

ලස්සන සින්දු ටිකකුත් එක්ක, හැගුම්බර හෝරා දෙකකට ඔයාලව ඇතුලු කරමින් මම ගිහින් එන්නම් තවත් අපූරු සලරුවක උපසිරැසිත් අරගෙන..

ඔබට ජය…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    මදුශාන් පියන්කර සහෝ බෝහොම ස්තුතියි මේ කරනා වටිනා උතුම් සේවයට…..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. උපසිරැසියට ස්තුතියි🙏ජය වේවා❤

  4. thanks sub ekata (madushan priyankara) jayawewa…………..

  5. බොහොම ස්තුතියි නියම වැඩක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login