The title of the page
iblis 2018 sinhala sub
iblis 2018 sinhala sub

Iblis (2018) Sinhala Subtitles |මරණයෙන් මතු ජීවිතයක් ?..|සිංහල උපසිරැසි සමග|

“උඹ සුලෙයිමාන්ගේ තාත්තා පොක්කාර්ව දන්නව නේද ? පිස්සු පොක්කාර්…

එයා කියපු කතාවක් තියෙනවා, ගොතපු කතාවක්…

දෙවියන් මිනිස්සු වෙනුවෙන් මවපු ස්වර්ගයලු මේ භූමිය..
එතන ඉන්න අකමැති වුණ ඉබ්ලිස්…

මිනිස්සුන්ව නොමඟ යවලා දෙවියන්ට විරුද්ධ උනා..

iblis 2018 sinhala subtitle

ඉතින්, දෙවියන් අපිට ශාපයක් කරා, මරණයට තියෙන බයයි අනික අපේ හැසිරීමයි නිසා,

භූමිය කියපු ස්වර්ගය අපායක් උනා…

වැරැද්ද තේරුණාට පස්සෙ මිනිස්සු දෙවියන්ගෙන් සමාව ඉල්ලුවහම

දෙවියන් ශාපයෙන් නිදහස් කරන්න..

මැරුණට පස්සෙ අපාය, ස්වර්ගය බවට පත් කරා..

ඒත් ඒත් එක්කම, එයා තව දෙයක් කිව්වා..

“මම මේ කියපු දේත් ඔබලා අමතක කරනවා” කියලා

ඒ නිසා, මරණය දක්වා අපි අපායෙත් පස්සෙ ස්වර්ගයටත් යනවා…

මිනිසුන්ගේ මේ ඉරණමට මූණ දෙන්න උනේ තමන් නිසා කියලා,

ඉබ්ලිස් මේ ශාපයෙන් ගැළවෙන හැටි මිනිස්සුන්ට කියන්න පටන් ගත්තා..

ඒත් කවුරුත් එයාව විශ්වාස කරේ නෑ..

අන්තිමට ඉබ්ලිස් මිනිස්සුන්ව කොටවන්න පටන් ගත්තා..

යුද්ධ , කෝලහාල පටන් ගත්තා..

මැරුණු අය පරණ ස්වර්ගයටම ආයෙ ආවා…

ඉබ්ලිස් ඒක දැකලා සතුටු උනා..

පිස්සු පොක්කාර් උඹට කියන්නෙ මොකක්ද දන්නවද ?

ඉබ්ලිස් කියලමයි…”

iblis 2018 sinhala subtitle

ඇත්තටම මැරුණම අපි කොහේ යනවා ඇතිද.. ? අපි විශ්වාස කරන ආගමික ඉගැන්වීම් වලට අනුව නම් හොඳ දේවල් කරන අයට හොඳ විපාක වගේම නරක දේවල් කරන අයට නරක විපාක වලට මුහුණ දෙන්න වෙනවා.. ඒත් මේ කියන්න යන්නෙ ඊට හාත් පසින්ම වෙන්ස් දෙයක් ගැන..

Rohith VS විසින් අධ්‍යක්ෂණය කරන ලද Iblis චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 2018 අගෝස්තු 03 වෙනිදා.. 6.5 ක IMDb අගයකුත්, 80% ක ගූගල් පරිශීලක මනාපත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.. Madonna Sebastian , Asif Ali ප්‍රධාන චරිත හොබවනවා.. ඊට අමතරව මලයාලම් සිනමාව තුලින් නිතර මුණ ගැහෙන Lal, Sreenath Bhasi, Aju Verghese, Saiju Kurup සෙසු චරිත විදියට රංගනයෙන් දායක වෙලා තියෙනවා..(iblis 2018 sinhala sub)

මේ කතාව පටන් ගන්නෙ ටිකක් අමුතු විදියකට හිතන මිනිස්සු ටිකක් ඉන්න ගමකින්.. මේ ගමේ මිනිස්සුන්ට මරණයක් වෙනවා කියන්නෙ බොහොම සාමාන්‍ය දෙයක්.. කොයි වෙලාවෙත් ගමේ කවුරුම හරි මිය ගිහිල්ලා.. ඒ නිසා කවුරු මරණයට පත් උනත් ගමේ අයට එච්චර කම්පාවට පත් වෙන්නෙ නැහැ… මේ ගමට යන්නෙ ගඟකින් එතෙර වෙලා.. එගොඩට ගියාට පස්සෙ ඉතින් අමුතුම ලෝකයක්.. මෙයාලා හිතන්නෙ පතන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස් විදියකට.. මේ කතාව ඇතුලෙ ඉන්න ප්‍රධාන චරිත දෙක තමයි ෆිදා සහ වයිශාගන්.. වයිශාගන්ට සීයා කෙනෙක් ඉන්නවා.. එයා තමයි මේකෙ කතා නායකයා..

iblis 2018 sinhala sub

වයිශාගන්ගෙ සීයා නිතරම ගමේ ඉන්න කෙනෙක් නෙවෙයි.. ඔහු හිතන්නෙ ඒ ගම මරණයෙන් ශාපලත් ගමක් කියලා… ඉතින් මරණයෙන් බේරෙන්න හිතාගෙන නිතරම චාරිකා යනවා.. ඒත් සීයයි මුණුබුරායි හොඳ යාලුවො.. ඉතින් වයිශාගන්ගෙ සීයත් දවසක් තමන්ගෙ කාලෙ ඉවරයි කියලා හිතාගෙන දවසක් සිය දිවි හානි කරගන්නවා.. එතනින් තමා කතාව පටන් ගන්නෙ.. හරියටම කියනව නම් මරණයෙන් පස්සෙ තවත් ජීවිතයක් වගේ… හැබැයි මැරෙණ අයව කාටවත්ම පේන්නෙ නෑ… ජීවත් වෙන අයත් එක්කම එකට ඉන්නවා.. ඒ වගේම එහෙම මැරෙණ අයට දැනට ජීවත්වෙලා ඉන්න කෙනෙක් ආදරය කරනව නම්, මැරුණ කිසිම කෙනෙකුට ගමෙන් පිට වෙලා යන්නත් බෑ… ඉතින් තමන්ට ආදරය කරන අය මළවුන් අතරට එනකන් මැරුණ අය බලන් ඉන්නවා.. මේ විදියට මලවුන්ගෙ ලෝකෙදි එකතු වෙන්න බලන් ඉන්න දෙන්නෙක් ගැන තමා චිත්‍රපටයෙන් බොහොම අපූරුවට නිරූපණය වෙලා තියෙන්නෙ..

iblis 2018 sinhala subtitle

ගොඩක් අය ඉල්ලලා තිබුණ නිසාත් අපේ උපසිරැසිකරණයට අවුරුද්දක් සපිරීම නිසාත්, හැමදාමත් මලයාලම් වලට මුල් තැන නිසාත් මම තෝරගත්ත චිත්‍රපටය මේක… කොහොම උනත් මලයාලම් රහට බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලා නිර්දේශ කරන්න පුලුවන්.. චිට්‍රපටයේ සංගීතය, පසුබිම් හැම දෙයක්ම වගේ බොහොම අපූරුවට තියෙනවා..

ඉතින් අද සිංහල හා හින්දු අලුත් අවුරුද්ද දවසෙ, අපි අපේ පළපළවෙනි සංවත්සරය වෙනුවෙන් වැඩි වැඩියෙන් උපසිරැසි ලබා දෙන්න සියලු වැඩකටයුතු ලෑස්ති කරල තියෙන්නෙ… මෙහෙම හරියටම අවුරුද්දක් සපිරෙන්නෙ මීට කලින් තිබුන tvseriesandmoviesub වෙබ් අඩවියටත් එක්කමයි… කොහොම උනත් මුල අමතක කරන්න බෑනෙ.. ගතවුන අවුරුද්දට අපිට උපසිරැසිකරණයේ යම් පෙරලියක් කරන්න පුලුවන් උන එක ගැන ගොඩක් සතුටුයි.. අපේ උපසිරැසි කරුවන් ඒවගේම ප්‍රේක්ෂක ඔබ නිසාත් තමයි අපි අද මෙතන ඉන්නේ.. ඒ හැම දෙනාටම ගොඩාක් ස්තූතියි කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා…

ඉතින් අවසාන වශයෙන් සෞඛ්‍ය අංශ වල උපදෙස් වලට අනුව ගෙදරටම වෙලා අලුත් අවුරුද්ද සමරන්න කියන ගමන්, මම සමුගන්නම්…

iblis sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Lalani Maduwanthi

    Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login