The title of the page

Hushaaru (2018) Sinhala Subtitles | යාළුවො හතර දෙනක් ! | සිංහල උපසිරැසි සමග | (18+)

යාලුවෝ කියන්නේ වෙලාවක නැතුවත් බැරි ඇතුවත් බැරි සෙට් එකක්. ඇයි කියලා ඉතින් ඔයාලම දන්නවානේ.වෙලාවක යාළුවනව පාවලා දීලා බේරෙනවා,වෙලාවකට එකේ අනිත් පැත්ත.මේක යාළුවො හතර දෙයක් වටා ගෙතුණු අපුරුම කතාවක්.මුලින්ම කියන්න ඕනේ මේක මැරෙන්න කලින් බලන්න ඕනේ ෆිල්ම් එකක් මට හිතුනු විදිහට. හරි පාසැල් කාලය හරිම ආසා කරපු කාලයක්.මුලින්ම පාසලට යන කොට නම් පාසල දෙක වෙන්න ඇඩපු අපි පාසලෙන් ලොකුවෙලා අයින් වෙනකොට අඩනවානේ. ඇයි කියලත් පොඩ්ඩක් කතා කරමු.පොඩ්ඩක් පොඩ්ඩක් තේරෙන කොට කෙල්ලෙක් දිහා බාගාගෙන  ටෝක් කරන්න දගලනවනේ !! හරි හරි සමහර අය එහෙම නැහැ (දැන් සතුටුද? )

මන්  මේ කතා කරන්නේ ඉස්සරහා පේලියේ ඉන්න අය ගැන නෙමෙයි අන්තිම පේලිය ගැන.ආතල් කෝටියයි නේද අන්තිම පේලිය . මිශ්‍ර පාසැල් තවත් විනෝදජනකයි ,කොල්ලෝ යනකොට දණ ගහගෙන ඉන්නකොට කොහොමද චාටර් එක.වෙලාවකට දණ ගහන එකත් ඇත්තම ෆන් එකක් උනා.ලොකු වෙන්න  ලොකුවෙන්න ඉස්සර පාසැල් යන්න බැහැ කියපු අපිට හැමදාම පාසැල් යන්න ඕනේ උනා.පාසැල් ආදරය ගැන  මොකෝ කියන්නේ .අම්මෝ නේ..කෙල්ලේ දිහා  හොරෙන් බලනවා ,එයා බලනකොට මට නෙමෙයි වගේ ඉන්නවා. ආයේ බලනවා අර කතාවක් තියෙනවා නේ  [ වංගු වංගු  හැරන කොටයි ගගක්  ලස්සන හැංගි හැංගි බලනකොටයි ඔයා ලස්සන] කියලා

ඉතින් පාසලෙන් අයින් වෙන දාට කොච්චර අප්සෙට් යනවද? ලවු එකත් බලන්න වෙන්නේ නැහැ නේ.අනික එකට කාපු පිපු යාළුවො සෙට් එකත් මග ඇරෙනවා නේ, එතනින් තමයි ජිවිතේ පටන් ගන්නේ, යාළුවො සෙට් උනාම කරන දේවල් දන්නවා නේ බියර් එකක් බොනවා නේ.( ගොඩක් ය එහෙම නැහැ ඉතින් ) ඉතින් කවදාවත් හිතිලා තියෙනවද අපිම හදලා බියර් බොමු කියලා.බියර් බොනවා එහෙම අම්මා දැක්කොත් කොහොම තියේද?කන්න වෙනවා අම්බානකට . මේකේ ඉන්න යාලුවෝ හතර දෙන එහෙමයි,යාලුවෙක්ට අසනීප උනාම කොච්චර අප්සේට්ද ?ෆන් තමයි එත් අප්සෙට් .

ජිවිතේ කියන්නේ කවුරුවත් වට්ටියක දාලා මෙන්න ගනින් කියලා දෙන එකක් නෙමෙයි එක නිර්මාණයනය කරන්නේ අපි.අපිම තමයි අපේ ජීවිතය වෙන දේවල් තීරණය කරන්නේ.ඒවගේම සමහර දේවල් අපිට අලුත් ,කට්ටිය ලං වෙනවා වෙන් වෙනවා ,

කතාව මෙතනින් එහාට කියන්නේ නැහැ ඔයාලම බලන්න  මේක මගේ පලවෙනි උපසිරැසිය අඩු පාඩු ඇති සමාවෙන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. thanks sub ekata

  3. Krishan Nishalya

    බොහොම ස්තුති

    සබ දෙනකන් බලන් හිටපු එකක් මේ

    GOOD LUCK Bro.. ☺

  4. Doenload link ekak diyankoo bn video eke

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login