The title of the page
7.6
93

Hotel Mumbai (2019) Sinhala Subtitles | මුම්බායි හි හෝටලයක් | සිංහල උපසිරැසි සමග |

මේ කතාව කොතැනින්ද පටන්ගන්නේ…?
ඇත්තම කතාවක් කියන්නයි මේ යන්නේ…මේ කතාව පටන්ගන්නේ 2018 නොවැම්බර් 28 වෙනිදා…එදා පුද්ගලයින් 166 කට මරු කැඳවමින් ඉන්දියාවේ මුම්බායි නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකටම ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වෙනවා…ප්‍රහාරයට සම්භන්ධ ත්‍රස්තවාදීන් 10 දෙනෙක් අතරින් 9 දෙනක් දෙනෙකුත් මියයනවා…ඒ වගේම පොලිස් රථයකට එල්ල වෙන ප්‍රහාරයකින් රථයේ ඉඳපු පොලිස් නිළදාරීන් හත් දෙනෙක් අතරින් 6 දෙනෙක් මියයනවා..ඒ අතරින් Arun Jadhav කියලා එකම එක පොලිස් නිළධාරියෙකුට විතරයි ජීවිතේ බේරගන්න පුළුවන් වෙන්නේ…

දිවි බේරාගත් Arun jadhav නිළධාරියා

මුම්බායි වල Cama Hospital , Rail Terminus , Oberoi Trident Hotel , Taj Mahal Pelas Hotel , Leopold Café , Mumbai Chabad House වගේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල වෙනවා…කොහොම වුනත් මේ ස්ථාන සංඛ්‍යාව ගැන නම් නිශ්චිත වශයෙන්ම සඳහන් කරපු ලිපියක් නම් හොයාගන්න ලැබුනේ නෑ…

ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කළ ස්ථාන දැක්වෙන සිතියමක්

ටාජ් පැලස් හෝටලය

කැමා රෝහල

දැන් අපි චිත්‍රපටය ගැන පොඩිඩක් කතාකරමු..

මේක ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කරන්නේ 2018 සැප්තැම්බර් 07 වෙනිදා කැනඩාවේ  Toronto International Film Festival එකේදි…IMDb මීටරේ 7.7 ක් වැනි ඉහළ අගයක් සටහන් කරන්නත්, ගූගල් පරිශීලක මනාප 92% ක් හිමි කරගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා..ඒ වගේම ඇ.ඩො.මි. 16.4 ක ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා තබන්නත් සමත් වෙලා තියෙනවා…චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Anthony Maras විසින්, Nazanin Baniadi, Dev Patel වගේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා…

 

චිත්‍රපටයෙන් ප්‍රධාන වශයෙන්ම නිරූපණය වෙන්නේ ටාජ් පැලස් හෝටලයට එල්ල වුණු ප්‍රහාරය ගැන..මේ හෝටලය ඇතුලට එන ත්‍රස්තවාදීන් නිරායුධ මිනිසුන් රිසි සේ ඝාතනය කරනවා…මේ හෝටලයට නිතරම යන්නේ එන්නෙත් ප්‍රභූවරු වගේම විදෙස් රටවල ලොකු ලොකු උදවිය…ඉතින් ප්‍රහාරය එල්ල වෙන වෙලාවේ හෝටලය ඇතුලේ ඉඳපු අමුත්තන්ව හැකි සෑම අයුරකින්ම බේරගන්න උත්සහ කරන හෝටල් කාර්ය මණ්ඩලය ගැනත් බොහොම අපූරුවට කතාව තුලින් නිරූපණය කරලා තියෙනවා…ඒ  වගේම මම නොකියපු ගොඩක් දේවල් චිත්‍රපටයේ පැය දෙකක් පුරාවට ඔයාලට බලන්න පුළුවන්. මට හිතෙන විදියට මේ අවුරුද්දේ මේ ෆිලුම බැලුවෙ නැත්තම් වැඩක් නෑ…

 

එහෙනම් ඉතින් චිත්‍රපටය බලලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..

තවත් උපසිරැසියකින් හමුවෙමු !….

උපසිරැසිකරනය සඳහා සහය දුන් සැමට ස්තූතියි….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

7 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thank you very much brother, all the best

  3. thx macan

  4. Thanks so much

  5. thisura godage

    Niyamai thankx bro

  6. ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි ……

  7. Thanx mchn jaya wewaaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login