ඉතින් 2011 අවුරුද්දේ නිකුත් උන ගොඩක් ලස්සන Anime short movie එකක් තමා ගෙනාවෙ.. මාරම දුක හිතෙන ඒ වගේම ලස්සන කතාවක්.. විනාඩි 44 ගාණක පොඩි වෙලාවක් ඇතුලත ඔයාව වෙනස් ම ලෝකෙකට මේ Short Anime එක ගෙනියනවා.. දෙකක් නෑ… වැඩි කතා නැතුව අපි එහෙනම් මේකෙ කතාව ගැන බලමු..
Hotaru කියන්නෙ පුංචි ගෑනු ලමයෙක්.. මෙයා මෙයාලගෙ මාමලගෙ ගෙදර ලග තියන ” කන්දෙ දෙවියන් ගේ කැලෑව “ කියන කැලෑවට යනව.. මෙයාට පාර හොයාගන්න බැරුව අඩ අඩා ඉන්නවා.. ඉතින් ඒ වෙලාවෙ වෙස් මූණක් දාගත්ත කෙනෙක් මේ පුංචි ගෑනු ලමයට ඒ කැලෑවෙන් එලියට යන්න උදව් කරනවා.. කොහොමහරි මේ දෙන්නගෙ සම්බන්ධතාව අවුරුදු ගානක් තියනවා.. ඒත් මේ වෙස් මූණක් දාගත්තු කෙනා නම් වයසට යන්නෙත් නෑ.. Hotaru ගොඩක් ලොකු වෙලා.. ඒත් අර වෙස් මූණ දාගත්තු කෙනා තාම හොටරු ට උදව් කරපු කාලෙ වගේමයි.. කිසි වෙනසක් නෑ.. කවුද මෙයා.. මොකක් ඉස්සරහට සිද්ධවෙයිද ? ඒක දැනගන්න නම් මේ චිත්‍රපටය නරඹන්න කියලා ඉල්ලා සිටිනවා..
අවසානයේ ඇහැට කදුළක් නැගෙන අවසානයක් කරා මේ පුංචි කතාව ඔයාලව රැගෙන යාවි.. සම්බන්ධතාවයක තිබෙන වටිනාකම කොච්චර ද කියලා මේක බැලුවොත් දැනගන්න ලැබෙයි.. Your Name , 5 centemeter per second වගේ චිත්‍රපට බලපු අය පරණයි කියලා අතාරින්න එපා.. ගොඩක් ලස්සන චිත්‍රපටයක්..
” මට ගොඩක් දුරට බැරිවෙයි ගිම්හානය
දිහා බලාගෙන ඉන්න
මගේ පපුව රිදෙන්න ගනී..
මගේ ඇස්වල කදුළු පිරිලා ඉතිරිලා යාවි
ඒත් මගේ මේ අත්වල උණුසුම
හා මේ ගිම්හාන මතකයන් සදහට
මගේ මතකයේ රැදේවි… “
එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.. ගිහින් එන්නම්..
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය BDRip පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සිතුම් ඉෂාර සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!