The title of the page
Her Chapter 1 Sinhala Subtitle
Her Chapter 1 Sinhala Subtitle
6.8
51

Her – Chapter 1 (2023) Sinhala Subtitles | “ද්විත්ව ඝාතනයක් පසු පස හඹා යන ඇය” | සිංහල උපසිරැසි සමඟ

(Her – Chapter 1 (2023) Sinhala Subtitles) (Her – Chapter 1 (2023) Sinhala Subtitle) (Her – Chapter 1 (2023) Sinhala Sub) (Her Chapter 1 Sinhala Subtitle) (Her Sinhala Subtitle) (Her 1 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

⁣WEB (2023) චිත්‍රප⁣ටයට සිංහල උපසිරැසිය අරන් ආවට පස්සේ ඔන්න අද තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා..අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ Her – Chapter 1 (2023) කියන තෙලිඟු චිත්‍රපටයට..

Her: Chapter 1 (2023) - IMDb

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sreedhar Swaraghav විසින්..ඒ වගේම මේක නිෂ්පාදනය කරන්නේ Deepa Sankuratri සහ Raghu Sankuratri යන දෙ⁣දෙනා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් 6.8/10 IMDb අගයක් වගේම 51% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියනවා..ඒ වගේම මේක අයිති වෙන්නේ Thriller / Drama කියන කාණ්ඩ වලට..ඉතින් කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Dirty Hari (2020) , Chi La Sow (2018) , Hit : The First Case (2020) වගේ ජනප්‍රිය තෙලිඟු චිත්‍රපට වල චරිත මවපු Ruhani Sharma තමයි මේකේ ප්‍රධාන චරිතය වන ACP අර්චනා ප්‍රසාද්ගේ චරිතයට පණ පොවන්නේ..ඊට අමතරව Sanjay Swaroop , Ravi Varma , Ravi Prakash , Chitram Seenu , Padmaja Lanka වගේ නලු නිළි කැලක් රංඟනයෙන් දායක වෙලා තියනවා..

HER TT Launched by Mega Prince Varun Tej

Her Chapter 1 Movie Nizam Theater List - businessoftollywood

එහෙනම් කතාව පැත්තට හැරෙමු..

Her – Chapter 1 කියන එකෙන්ම ඔයාලට තේරෙනවා ඇතිනේ මේක ඉදිරියට තවත් කොටස් එන්න නියමිත චිත්‍රපටයක් කියලා..ඉතින් මේ Her – Chapter 1 ආරම්භ වෙන්නේ ද්විත්ම මිනීමැරුමකින්..ඒ මිනීමැරුමට ගොදුරු වෙන්නේ විශාල් සහ ස්වාති කියන දෙන්නා..මුලින්ම මේ දෙන්නා නෝනයි මහත්තයයි කියලා හිතුවට එහෙම නෙවෙයි..දෙන්නම විවාහ දෙන්නෙක්..ඉතින් මේ කේස් එක භාර වෙන්නේ ACP අර්චනා ප්‍රසාද්ට..ඉතින් කොහොමින් කොහොම හරි අර්චනා මේ නඩුව ආරම්භ කරාට මේක හැම අතින්ම පැටලවුණු නඩුවක්..මොකද මේ ගැන කිසිම හෝඩුවක් ලබාගන්න වෙන්නේ නෑ..නඩුව එක එක අතට හැරෙද්දි මේ නඩුව අර්චනාටත් සම්බන්ධ වෙනවා..ඉතින් මේක කොහොමද අර්චනාට සම්බන්ධ වෙන්නේ ? කවුද මේ මිනීමරුම් දෙක සිද්ධ කරේ..? මොකද්ද ඒකට හේතුව කියලා දැනගන්නම් ඔයාලට මේ ෆිල්ම් එක ඉවරවෙනකන් බලන්නම සිද්ධ වෙනවා..

Her Chapter 1 Telugu Movie Budget & Hit Or Flop Report

ඉතින් මේක මිනීමරුමක් ඔස්සේ දිවයන කතාවක් නිසා ඔයාලට කම්මැලිකමක් නැතුව කුතුහලයක් සමඟම අවසානය වෙනකන් මේ චිත්‍රපටය නරඹන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා..එහෙනම් ඔයාලත් Her – Chapter 1 නරඹලා ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න..

ආපහු ඉක්මනින්ම උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි..!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

3 comments

  1. Thank u subtitles akata සුපිරි ❤❤❤

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thasitha Nilanka
    Cineru_users

    Teri Meri Kahaniyaan 2023 Urdu
    මේ Movie එකට sub දෙනවද👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login