The title of the page
4.8
33
75

Hello, Goodbye and Everything in Between (2022) Sinhala Subtitles | “ආදර ගණුදෙනුව” | සිංහල උපසිරැසි සමඟ

(Hello, Goodbye and Everything in Between (2022) Sinhala Subtitles) (Hello Goodbye and Everything in Between Sinhala Subtitle)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

ආදරකතා වලට කැමති අයට තවත් එක් ලස්සන ආදර කතාවකට උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. තව දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටයේ Milk & Bone අතුළත්ව ගයන ලස්සන 🎶  සින්දු සෙට් එක්ක ති⁣යෙනවා. ඉතිං ගීත සියල්ලම උපසිරැසි ගැන්වූවා. පැය  1  විනාඩි 24 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ප්‍රේම වෘතාන්තයක්  තමයි මේක. 4.8 IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය  Romance / Drama  කාණ්ඩයට අයත්  ඉංග්‍රීසි චිත්‍රපටයක්. Talia Ryder , jordan fisher , Nico Hiranga හා Ayo Edebiri මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Michael Lewen විසින්.

කතාව ගැන කිව්වොත් එයිඩන් කියන්නේ හොඳට සිංදු කියන්න පුළුවන් , සංගීතයට කැමති හැබැයි ජීවිතය ගැන කිසිම සැලැස්මක් නැති කොල්ලෙක්. හැබැයි ක්ලෙයර් එහෙම කෙල්ලෙක් නෙවෙයි දුර දිග හිතලා කටයුතු කරන අනාගත සැලසුම් ගොන්නක් එක්ක ජීවත් වෙන කෙල්ලෙක්. හැබැයි ක්ලෙයර් ටිකක් සාමාජ ආශ්‍රය නැති කෙනෙක්. කො⁣හොම හරි එක රැයක පාටියකදී  ක්ලෙයර්ට එයිඩන්ව අහම්බෙන් මුණගැහෙනවා. ඉතිං මේ අහබු හමු වීමත් එක්ක දෙන්නගේ අදහස් හුවමාරු වෙන්න පටන් ගන්නවා. මේ මුණගැසීම කොච්චර දුරකට ඇදිලා යයිද….? හැබැයි දෙන්නා ආදර ගනුදෙනුවක් හදා ගන්නවා…. එයිඩන්ගේ ජීවිතේ කිසිම සැලැස්මක් නැති ජීවිතයක් මේ ජීවිතේ  ක්ලෙයර්ට හරියයිද…? දෙන්නා ආදරෙන් බැඳෙයිද….? මේ ආදර කතාව කොච්චර දුරකට ඇදිලා යයිද…?මොකක්ද මේ ආදර ගනුදෙනුව ඒ ගැන ගැන දැනගන්න නම් එයිඩන්ගෙයි ක්ලෙයර්ගෙයි මේ “ලේසි-මඳපවනේ ” යන ආදර වෘතාන්තය අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

6 comments

  1. ගොඩක් ස්තුතියි .Far and Away .1992 මේ පිලුමට සබ් දෙන්ඩ පුළුවන් ද

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Lightyear (2022)
    The Black Phone (2021)

    • ★ SHEN KEVIN ★

      අප සමූහයෙන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න ★

  3. Buddhika laKMal
    Cineru_users

    Englis love story නම් පට්ට… .බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login