The title of the page
Happy Wedding 2016 Sinhala Sub
Happy Wedding 2016 Sinhala Sub
6.9
87

Happy Wedding (2016) Sinhala Subtitles |ආදර කතාවක්| සිංහල උපසිරැසි සමග

අද මම අරගෙන එන්නෙ 2016 අවුරුද්දේ තිරගත වුණ Happy Wedding කියන මලයාලම් ෆිල්ම් එකෙ සබ් එක. ඒ වගේම මේ මේ මගේ 5වෙනි උපසිරැසිය. IMDb අගය 6.9ක් විදිහට තමයි දැක්වෙන්නෙ.. මුල ඉදලම හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කතාවක් තමයි තියෙන්නේ.. මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Siju Wilson, Sharf U Dheen, Soubin Shahir, Anu sithara, Drishya Ragunath යන නලු නිලියන්.. ප්‍රේමම් ෆිල්ම් එකේ හිටිය චරිත කිහිපයක්ම තමයි මේ ෆිල්ම් එකෙත් ඉන්නේ..(Happy Wedding 2016 Sinhala Sub)

කතාව පැත්තට හැරුනොත් හරී කියන තරුණයගේ ආදර කතා කිහිපයක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.. කොලේජ් එකේ ආදර කතාවකුත් තියෙනවා. හරීගේ යාලුවා තමයි මනූ කියන්නේ.. මුලින්ම හරී එයාගේ Office එකේ ගෑණු ලමයෙක්ගෙන් යාලු වෙන්න අහන්න යන එකෙන් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ.. ඒ වෙනකොට හරීගෙ අම්මා ගමෙන් කෙල්ලෙකුත් හොයලා තියෙන්නේ… මීට වඩා කිව්වොත් ෆිල්ම් එක බලලා වැඩක් නෑ.. අනිවාර්යයෙන් අරගෙන බලන්න. පාඩුවක් වෙන්නේ නෑ. මලයලම් සිනමාවට ආදරේ කරන හැමෝම බලන්න කියලා ආරාධනා කරනවා.. අපි බලමු හරීට අන්තිමට බදින්න වෙන්නේ එයත් එක්ක office එකේ වැඩ කරන කෙල්ලද, නැත්තන්ම් කොලේජ් එකේ කෙල්ලද, එහෙමත් නැත්නම් අම්මා හොයපු කෙල්ලද කියලා… ඒ වගේම හරීට සහ මනූට සෙට් වෙන අලුත් යාලුවා කවුද කියලත් ෆිල්ම් එක අරගෙනම බලන්න… සමහර ආයතන තියෙනවා එයාලා හොදම කැපවීමෙන් සේවාව සපයනවා.. ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි අන්තිමට.. එහෙනම් ජය වේවා…! තවත් මලයාලම් ෆිල්ම් එකකින් ඉක්මනට හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login