Gurudev Hoysala Sinhala Subtitle
Gurudev Hoysala Sinhala Subtitle
7.3
97

Gurudev Hoysala (2023) Sinhala Subtitles | “යක්ෂයෙක් වැනි ආරක්ෂකයෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Gurudev Hoysala (2023) Sinhala Subtitles) (Gurudev Hoysala (2023) Sinhala Subtitle) (Gurudev Hoysala (2023) Sinhala Sub) (Gurudev Hoysala Sinhala Subtitle) (Gurudev Hoysala Sinhala Sub) (Gurudev Hoysala)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් සුපුරුදු විදියටම තවත් අලුත් කන්නඩ සිනමාපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..2023 මාර්තු 30 වෙනිදා සිනමාහල් වලට නිකුත් වෙලා පහුගිය සිකුරාදා OTT Platform එකට නිකුත් වුණු GURUDEV HOYSALA (2023) කන්නඩ චිත්‍රපටය තමයි ඔයාලට මේ විදියට අරගෙන ඇවිත් තියෙන්නේ..වැඩේට ටික දවසක් ගතවුණේ ඉන්දියන් ෆිල්ම් වලට පොදු ගැටලුවක් වගේ වෙලා තියන E Sub එකේ දෝෂත් මගහැරගෙනම උපසිරැසිය සිද්ධ කරන්න වුණා නිසා..

Gurudev Hoysala (Hoysala) Fan Photos | Gurudev Hoysala Photos, Images, Pictures # 79679 - FilmiBeat

චිත්‍රපටය ගැන කතා කරනවනම් මේක මේ වෙද්දි IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් සහ ගූගල් පරිශීලක මනාප 97%ක් ලබා ගන්න සමත් වෙලා තියනවා..මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vijay Naagendra විසින්..ඒ වගේම නිෂ්පාදන සමාගම වෙන්නේ KRG Studios කියන සමාගම..ඊට අමතරව මේ ෆිල්ම් එකේ මියුසික් ඩිරෙක්ටර් විදියට කටයුතු කරලා තියෙන්නේ ගිය වසරේ නිකුත් වුණ ජනප්‍රිය කන්නඩ චිත්‍රපටයක් වන Kantara (2022) චිත්‍රපටය සංගීතයෙන් හැඩ කරපු B.Ajaneesh Loknath විසින්..ඉතින් Kantara එකේ වගේම මේ ෆිල්ම් එකෙත් BGM අතින් ලොකු දෙයක් කරන්න Ajaneesh Loknath ට හැකි වෙලා තියනවා කිව්වොත් නිවැරදියි..ඒක ෆිල්ම් එක බලද්දි ඔයාලටත් තේරුම් යයි..ඊට අමතරව මේ ෆිල්ම් එකේ නමේ ඉදන්ම ඔයාලට දකින්න ලැබෙන වචනයක් තමයි HOYSALA (හොයිසලා) කියන්නේ..ඒක ෆිල්ම් එකෙත් තැන් කීපෙකම කියනවා..ඉතින් කෙටියෙන් මේ හොයිසලා කියන වචනේ ගැන කිව්වොත් හොයිසලා කියන්නේ කන්නඩ රාජවංශයක්..ඉතින් ඒකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අමතර කරුණක් විදියට ඔලුවේ තියාගන්න..

චිත්‍රපටියේ Cast එක ගැන බැලුවොත්, මේකේ ප්‍රධාන චරිතය වෙන ගුරුදේව්ගේ චරිතයට පණ පොවන්නේ කන්නඩ සිනමාව තුළ DAALI කියන අනුවර්ත නාමයෙන් හදුන්වන Dhananjay විසින්..මේක Dhananjay ගේ 25 වෙනි චිත්‍රපටය විදියට තමයි එළිදැක්වුණේ..මෑතක් වෙනකන්ම Dhananjay ට බොහෝ දුරට ලැබුණේ දුෂ්ඨයගේ චරිතය.. ඒත් දැන් Dhananjay ප්‍රධාන නලුවා විදියට නිකුත් වුණ චිත්‍රපට සියල්ලගෙන්ම පාහේ තමන් කන්නඩ සිනමාව තුළ ඉදිරියේදි දැවැන්තයෙක් වන බවට ඉඟි පල කරලා තියනවා කිව්වොත් නිවැරදියි..මොකද මේ ෆිල්ම් එකෙත් ප්‍රේක්ෂකයන්ට සුපුරුදු පරදිම Dhananjay ගෙන් සුපිරි රංගනයක් දැක බලා ගන්න ලැබිලා තියනවා.. Dhananjay ට අමතරව මේ චිත්‍රපයේ,

Amrutha Iyengar ගුරුදේව්ගේ බිරිඳ ගංඟා ලෙසත්,
Naveen Shankar බලී ලෙසත්,
Prathap Narayan නානා ලෙසත්,
Mayuri Nataraj භූමි ලෙසත්,
Anirudh Bhat රවී ලෙසත්,
B. S. Avinash ධාදා ලෙසත්,
Achyuth Kumar ASI සම්පත් ලෙසත්,

රංගන දායකත්වය ලබා දීලා තියනවා..

Team Gurudev Hoysala dedicate their film to the police department- Cinema express

එහෙනම් අපි යමු චිත්‍රපටයට පාදක වෙලා තියන කතාව පැත්තට..ඉතින් මම කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන ගුරුදේව් කියන්නේ අවංක වගේම සෑහෙන්න තද පොලිස් නිළධාරියෙක්..ඉතින් මේ ගුරුදේව්ට කමිෂනර් කැදවීමක් කරලා විශේෂ කේස් එකක් භාරදෙනවා..ඒ තමයි අතුරුදහන් වුණු SI භාර්ගව්ගේ කේස් එක..ඉතින් මේ කේස් එක භාරගත්ත ගුරුදේව් භාරගව් රාජකාරි කරපු Athini වල තියන පොලිස් ස්ටේෂන් එකට මාරුවීමක් අරගෙන අලුත් ඉන්ස්පෙක්ටර් විදියට වැඩ භාරගන්න යනවා..ඉතින් මෙහෙම භාර්ගව්ගේ අතුරුදහන් නඩුවේ වැඩ කටයුතු කරගෙන ඉද්දි සල්ලි වලට ඕන ජරා වැඩක් කරන්න පුලුවන් විදියේ හිතක් තියන Athini පොලිස් ස්ටේෂන් එකේ SHO එහෙමත් නැත්තන් ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිළධාරියා වුණු සම්පත් රාත්‍රි මුර සංචාරයකදි නිකරුනේ සැක කරලා රවී සහ භූමි කියලා විවාහ වෙන්න හිතන් ගමෙන් පැනලා යන ජෝඩුවක් පොලිස් ස්ටේෂන් එකට අරගෙන එනවා..ඉතින් පහුවදා උදේ ස්ටේෂන් එකට ගුරුදේව් මේ දෙන්නගෙන් විස්තරේ අහගන්නවා..එතකොට දෙන්නම කියන්නේ දෙන්නම අනාථයෝ දෙන්නගේ කැමැත්තෙන් සාමූහික විවාහ උත්සවයක් තියන තැනකට ගිහිල්ලා විවාහ වෙන්න යනවා කියලා..ඒත් සම්පත්ගේ වැඩේ නිසා දෙන්නට ඒක මග ඇරෙනවා..ඉතින් මේකට තරහා ගියපු ගුරුදේව් සම්පත්ට කියනවා එයාගේ වියදමින් ඒ දෙන්නව විවාහ කරවන්න කියලා..ඔන්න ඔහොම භූමියි රවීයි පොලිස් ස්ටේෂන් එකේදිම විවාහ වෙනවා..ඒත් ගුරුදේව් හිතන්න නැතුව ඇති මේ විවාහය කවදාවත් ගමක්ම අවුලවලා දායි කියලා..මොකද මේ විදියට ගුරුදේව්ටත් බොරු කියලා රවී විවාහ කරගෙන තියෙන්නේ ගමේ වංශවතෙක් වුණු ධාදගේ දුවව..ඉතින් මේක කුලභේදෙකට හැරෙන්න වැඩි කාලයක් ගියේ නෑ..කොහොමින් කොහොම හරි මේ හරස් ප්‍රශ්නය මැද්දට ගුරුදේව් මැදි වෙන්නේ ගුරුදේව් මේ දෙන්නව විවාහ කරපු නිසා..ඉතින් මේක වංශාධිපතිත්වය ඉහට ගහලා තියන ධාදටයි ධාදගේ පුතා වුණු නානටයි, නානගේම මල්ලි වගේ ඉන්න බලීටයි ගුරුදේව්ව යහතින් නොතියන්න තරම් ලොකු හේතුවක් වෙනවා..ඔන්න ඔහොමයි මේ කතාවට පාර කැපෙන්නේ..ඉතින් මේ ප්‍රශ්නෙට මැදි වුණු ගුරුදේව් කොහොාමද මේක විසදන්නේ කියලා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා..

කුලවාදේ ගැන කියවුණ නිසා කීයටවත් හිතන්න එපා වෙදා අපි දකින සුපුරුදු කුලවාද පදනම් වුණු චිත්‍රපටිවල වගේ ගම් දෙකක් අතර සටනක් කියලා..මේක කොහෙත්ම ඒ වගේ කතාවක්නම් නෙවෙයි..මොකද මේක ඉස්සර තිබ්බ විවිධත්වයෙන් පැත්තකට ගිහින් කන්නඩ සිනමාව තුළත් KGF වයිබ් එක පස්සේ පන්නන්න හදන සිනමාවක් නිර්මාණය වෙන්න යන වෙලාවක කන්නඩ සිනමාවෙන් කතා නොවුන කතාවක් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න උත්සාහ දරපු ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්..ඒ වගේම බොහෝ දෙනා අකමැති පොලීසිය ගැන සුභවාදී ප්‍රතිරූපයක් ප්‍රේක්ෂක හිත්තුල ඇති කරන්නත් මේ ෆිල්ම් එකෙන් උත්සාහ දරලා තියනවා කියලා ෆිල්ම් එක බලන් යද්දි ඔයාලට තේරෙයි..

එහෙනම් මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ..තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්..ඔයාගේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..😌🧡

හැමෝටම ජය වේවා..!! බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |5160|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


54
Total Subtitles

11 comments

  1. ඉන්දියාවේ film ඕනවට වඩා වැඩි නේද බන් english film දෙමු aprail 14 දුන්නනෙ බන් ඇති වෙන්න tamil film

    • Anjula Umesh
      Cineru Family Member

      ඉංග්ලිෂ් ෆිල්ම් වලට සබ් කරන අය ඒවා කරනවා..ඉන්දියන් ඒවා කරන අය මේවා කරනවා..අනිත් සේරම නවත්තලා ඉංග්ලිෂ් විතරක් කරන්නත් බෑනේ..🥲 ආව හොඳ ෆිල්ම් ඉංග්ලිෂ් ෆිල්ම් වලට සබ් දීලා තියෙන්නේ..ඊයේ පෙරේදා ආව ටිකටත් ඉස්සරහට සබ් ලැබෙයි..👌

      • Dungeons & Dragons: Honour Among Thieves, scream මෙවා දුන්නැති හින්දා කිව්වෙ මල්ලි

        • Anjula Umesh
          Cineru Family Member

          ඒවා දෙන්නෑ කිව්වේ නෑනේ සගෝ..🧡 ඉංග්ලිෂ් කරන අය ඒවා දෙයි..😌

  2. Damith chathuranga

    thanks sudda

  3. Tnx mchoo sub ekata….

  4. කන්නඩ ෆිල්ම් වලට සබ් දෙන එකනම් සුපිරියි සහෝ
    මේ ෆිල්ම් එක සිනෙරු ඇරෙන්න වෙන කොහෙන්වත් ලැබෙන එකකුත් නෑ බොහෝදුරට
    පුලුවන් නම් කන්නඩ සිනමාවේ Shetty ලා තුන්දෙනාගේ සබ් නොදුන් පරන සුපිරි ෆිල්ම් වලටත් සබ් දෙන්න
    ජය වේවා සිනෙරු

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජුල සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Me film eka illanna one kiyala hithuwa witharai
    menna sub eka deela……Double salute..!!!!!!!!

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. thanks pana❤️

  8. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *