The title of the page
Dear Vaappi Sinhala Subtitle
Dear Vaappi Sinhala Subtitle
6.9
94

Dear Vaappi (2023) Sinhala Subtitles | “ආදරණීය තාත්තා” | සිංහල උපසිරැසි සමඟ

(Dear Vaappi (2023) Sinhala Subtitles) (Dear Vaappi (2023) Sinhala Subtitle) (Dear Vaappi (2023) Sinhala Sub) (Dear Vaappi Sinhala Subtitle) (Dear Vaappi Sinhala Sub)

Dear Vaappi (2023)

(ආදරණීය තාත්තා)

Dear Vaappi (2023) - IMDb

සුභ දවසක් වේවා සියළු දෙනාට,

මගේ හයවෙනි මලයාලම් උපසිරැසියත් එක්ක තමයි මම ඔයාලව හම්බවෙන්න ආවෙ. මෑතකදි නිකුත් වෙච්ච Dear Vaappi චිත්‍රපටියත් අරගෙනයි. IMDB දර්ශකේ 7.0 ක් වගේ ඉහළ අඟයක් ගන්න “ඩියර් වාප්පි” සමත් වෙලා තියනවා. ප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වෙන ලාල් මෙහි රංගන දායකත්වය දක්වනවා. එමෙන්ම නවක නළු නිළි රැසකගේ දායකත්වය මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. ජීවිතේ පැමිණෙන බාධක සමඟ ඉදිරියට ගලා ගෙන යන පියෙක් සහ දියණියක් අතර ඇති අපූරු බැඳීම තේමා කරගත්තු කතා තේමාවකින් සමන්විත වෙලා තියන්වා.මුස්ලිම් මලයාලම් පරිසරයක් මත ගොඩ නැගුණු චරිත් වටා ගෙතුනු කතාවක් මෙහි දකින්න පුලුවන්. මෙහි සඳහන් “වාප්පි” කියන වචනයත් මලයාලම් මුස්ලිම් වරුන් පාවිච්චි කරන වචනයක් විදියට සඳහන් කරන්න පුළුවන්.

කතාව පැත්තට හැරුණොත් බැඳීම් මූලික කර ගත් පියෙක් සහ දියණියක් ජිවිතය ජය ගන්න දරණ උත්සාහය මෙහි දකින්න පුළුවන්. බෂීර් නම් ටේලර් වරයෙක් තම කුඩා කල සිට පැවති නිර්මාණාත්මක අදහස් සමඟ තමා සිහින මැවූ නිමිඇඳුම් අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දරණ උත්සාහය චිත්‍රපටිය පුරාම දකින්න පුළුවන් ඒ වගේම බෂීර් ටත් ඔහුගේ දියණිය ආමිරා ටත් මේක ජය ගන්න පුළුවන් වෙයිද කියල බලන්න මේ චිත්‍රපටිය නරඹන්න කියල ආරාධනා කරමින් අළුත් උපසිරැසියකින් හම්බවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

සියළු දෙනාට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිහාන් අමරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිහාන් අමරකෝන්

April 5, 2023


8
Total Subtitles

5 comments

  1. Netflix පිස්සා

    මලයාලම් කිව්වොත් වෙන මොකුත්ම ඕනි නෑ සහෝ, බොහොම ස්තුතියි.. පුලුවන් නම් Djinn 2023 එකටත් සබ් දෙන්න

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Me film eka ganath poddak balanawada kollo..

    Vichitram (2022) Malayalam
    IMDb:
    Rating: 8.4/10 · ‎946 vote

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login