The title of the page
gretel and hansel sinhala sub
gretel and hansel sinhala sub

Gretel & Hansel (2020) Sinhala Subtitle|අඳුරු මායාවන්ගේ අවසානය|සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් ගොඩක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු Gretel & Hansel 2020 ඉංග්‍රීසි චිත්‍රපටියට තමයි මේ විදිහට උපසිරසිය අර්ගෙන එන්නෙ. මේ චිත්‍රපටියත් තිරගතවෙලා වැඩි කාලයක් යන්න කලින් ඔරිජිනල් පිටපත් නිකුත් වුණා. අනිත් චිත්‍රපටි වලට උනා වගේම මේකටත් වුණේ COVID – 19 වෛරස් එක හින්දා මුළු ලෝකෙම වගේ සිනමාශාලා වහලා දැම්ම එකම තමයි. එහෙම වහලා දැම්මම ආයෙ ඉතින් කොහොමද චිත්‍රපටිය පෙන්නන්නෙ. එතකොට ඉතින් කරන්නම දෙයක් නැති හින්දා චිත්‍රපටියෙ Digital පිටපත් මේ විදිහට එළියට දානවා. ඔන්න ඔය විදිහට ඊයෙ දවසෙ තමයි WEB පිටපත් නිකුත් වුණේ. 2020 January 30 වෙනිදා තමයි මේක තිරගතවීම ආරම්භ කරේ. මේ විදියට තිරගත කිරීම ආරම්භ කරපු මේ
චිත්‍රපටිය ඩොලර් මිලියන 21 ක් වගේ ආදායමක් උපයගන්න සමත් වෙනවා.(gretel and hansel sinhala sub)

පැය 1 විනාඩි 27 ක කාලයක් දිවෙන චිත්‍රපටිය IMDb 5.4 ක අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. Rotten Tomatoes එකේ 64% අගයකුත් ගූගල් පරිශීලකයන්ගෙ 48% කැමැත්තකුත් මේ චිත්‍රපටියට හිමි වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය Horror/ Fantasy ඝණයට තමයි අයිති වෙන්නෙ. මේ චිත්‍රපටියට රංගනයෙන් දායකවෙන අය ගැන බැලුවොත් Sophia Lillis, Gretel විදිහටත්, Sammy Leakey, Hansel විදිහටත් මේ චිත්‍රපටියට එකතු වෙනවා. හැමෝම දන්නවා ඇතිනෙ Sopiah Lillis IT Chapter One චිත්‍රපටිය හරහා හැමෝගෙම හිත් දිනාගත්ත ළමා නිළියක් කියලා. I Am Not Okay with This 2020 කතා මාලාව හරහාත් හැමෝටම දැකගන්න පුළුවන් වුණා. අපිට මේ චිත්‍රපටියෙත් Gretel ගෙ චරිතය හරහා
දැකගන්න පුළුවන්.

මේ තමයි Gretel & Hansel 2020 චිත්‍රපටියෙ ප්‍රධාන චරිතාංග පෝස්ටර් දෙක.

gretel and hansel sinhala sub

 

එතකොට මේ චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැන බැලුවොත්

මේ කතාවෙ ප්‍රධාන චරිතෙ තමයි ග්‍රේට්ල් කියන ගම්බද තරුණිය..ඉතින් මෙයාට ඉන්නවා හැන්සල් කියලා මල්ලි කෙනෙක්..මෙයාලගෙ පවුල ගොඩක් දුප්පත්..අම්මා විතරයි ඉන්නෙ..ඉතින් මේ දෙන්නා සල්ලි හොයා ගන්න රස්සවක් හොයාගෙන ගෙදරින් පැනලා එනවා..එහෙම රස්සාවක් හොයාගෙන යන ගමනෙදි මේ දෙන්නා අඳුරෙන් පිරුණු අත්භූත කැළේකට ඇතුල් වෙනවා..ඉතින් එහෙදි දෙන්නටම හොඳටම බඩගිනි දැනෙනවා.ඉතින් දෙන්න කුසගින්නෙන් ඉබාගාතේ ඇවිදගෙන යද්දි අහම්බෙන් කෑම වලින් පිරුණු කෑම මේසයක්ම තියන පොඩි ගෙදරක් තියනවා…ඉතින් මේ ගෙදර හිටියෙ කවුද එහෙදි මොනවද වුණේ බලන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

ඔන්න ඔය විදිහට තමයි මේ චිත්‍රපටියෙ ස්ටෝරි එක යන්නෙ. එහෙනම් ඉතින් තවත් වැඩි කතා නැතුව උපසිරසිය අරගෙන චිත්‍රපටියත් බලලම ඉන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. මම නවතිනවා.

තවත් වැදගත්ම දෙයක් කියන්න ඕන. ගොඩක් අය දන්නවා ඇති හැම උපසිරසියක්ම අරගෙන අපේ වෙබ් අඩවියේ නමයි ඔක්කොම කපලා එයාලගෙ වගේ දානවා. ඒ අයට කියන්න තියෙන්නෙ උපසිරසිය අරගෙන තමන්ගෙ වගේ දානකොට වෙබ් අඩවියේ නමවත් ඉතුරු කරන්න.

බුදු සරණයි 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


79
Total Subtitles

10 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍👍

  2. Thanks bro.😍

  3. Waw amazing .. ගොඩක් ස්තුතියි මෙකට සබ් දුන්නට ඉක්මනින් . 🌟🌟🌟🌟🌟💖 සිනේරූ ටිම් එකට ජය..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Upasirasi com kiynna eke thmA ehma krnne

  6. Milka madhushan gunawardena

    Thank you..

  7. දර්ශන හෙට්ටිවත්
    Cineru Family Member

    මචං බ්ලූ රේ අප්ඩේට් දියන්කෝ

  8. Thank you very much!!

  9. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The house that jack built (2018)
    My friend dahmer (2017)
    Extremely Wicked, Shockingly Evil and Vile (2018)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login