The title of the page
7.4
83

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub

Googly (ජීවිතය කර ගත් ආදරය)

ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, නිර්මාණකාරයෝ, විචාරකයෝ මොනවා ආදරේ ගැන කිව්වත්, ඒක මොකද්ද කියලා හරියටම දැනෙන්න නම් ආදරේ කරලම බලන්න ඕනේ. තමන්ගේ හදවත ආදරේ දැනෙන්න ඕනේ.. එහෙම නොවනතාක් ආදරේ කියන්නේ හුදෙක් තවත් එක් වචනයකට සීමා වෙනවා. ආදරය ගැන කියන්න ගියොත් ඒක නිකන් නිමක් කොනක් නැති සාගරය වගේ. ආදරය වෙනුවෙන් මිනිස්සු ජීවත් වෙනවා. ආදරය නිසා තවත් අය ජීවත් වෙනවා. ආදරය නැති තැන ජීවිතය විනාශ කර ගන්න අය ඉන්නවා. ආදරය පරාජ වෙලා නැත්තටම නැති වුන අය ඉන්නවා. ආදරයෙන් පරාජ වුනත්, ජීවිතය ජය ගන්න අයත් ඉන්නවා. හරිම අඩුයි අවංක ආදරයක් සාර්ථක වෙන්නෙ.. කොහොම වුනත් ලෝකේ ජීවත් වෙන්න නම් ආදරය අත්‍යාවශ්‍යයි.

Googly Sinhala Sub

ශරත් ස්වාති” කියන්නේ තවත් සුන්දර ආදරණීය පෙම්වතුන් යුවලක්. ආදරය ගැන කිසි ගානක් නැති, කෙල්ලන්ට හැම අතින්ම අකමැති, හැම කෙල්ලෙක්ම බොරුකාරියෝ කියලා ලේබල් කරන, ශරත්ට අවසානේ එක කෙල්ලෙක්ට ආදරේ හිතෙනවා. එයා අනිත් කෙල්ලො වගේ නෙවේ කියලා එයාට ලං වෙනවා. ඒ තමයි ස්වාති.. ලස්සන වෛද්‍ය ශිෂ්‍යාවක්.. වෙනස් විදිහට හිතන කෙල්ලෙක්.. කොලේජ් එකේ සම්මාන උත්සවයක්දී අහම්බෙන් මුණ ගැසෙන මේ දෙන්නා, අන්තිමට හොද යාලුවෝ වෙනවා. ඒත් ආදරවන්තයින් වෙන්නෙ නෑ. ආදරවන්තයින් වෙන්න දෙන්නම උත්සහ කරන හැම වෙලාවෙම මොකක් හරි හේතුවකින් ඒක නවතිනවා. ඒක තමා මේ කතාවේ සාරාංශය.. ලස්සන කතාවක්.. 😍

Googly Sinhala Sub

2013 වසරේ ජූලී 19 තිරගත වූ googly (ගූග්ලි) කන්නඩ භාශාවෙන් ලොව පුරා ව්‍යාප්ත වුනා..මෙහි IMDB අගය 7.4/10 වුනා. Pawan Wadeyar ගේ නිර්මාණයක්. සංගීතය Joshua Sridhar තමයි. එවකට එතරම් ජනප්‍රිය නලුවෙක් නොවුනත් මේ වන විට නම් මුලු ලෝකෙම දන්න දක්ශ කඩවසම් නලුවෙක් තමා මෙහි ප්‍රධාන රංගනය.. ඒ තමයි “රොකින්ග් ස්ටාර් යශ්” ❤️ , ප්‍රධාන නිලි Kriti Kharbanda. මීට අමතරව,

💫 Anant Nag
💫 Sudhu Belawadi
💫 Sadhu Kokil
💫 Neenasam Ashwanth
💫 Deepu
💫 Ashok Sharma
💫 Gopal Krushna

රංගනයෙන් දායක වෙනවා. ගූග්ලී ආදායම් වාර්ථා අනුව කෝටි 25ක් උපයලා තියෙනවා. ගීත 6ක් මෙහි අන්තර්ගත වෙනවා.. සම්මාන රැසකටම මෙය නොමිනේට් වෙලා තියෙනවා. SIIMA සම්මාන උලෙලේ හොදම නිශ්පාදකට හිමි සම්මානය ගූග්ලි වෙනුවෙන් ලැබී තියෙනවා. බෙංගාලී භාශාවෙන් මෙය ප්‍රති නිර්මාණය වෙලා තියෙනවා “Eskay” ලෙසින්. 2013 වසරේ කන්නඩ සිනමාවේ blockbuster වෙච්ච ෆිල්ම් එකක් තමා ගූග්ලී.

KGF හරහා මුලු ලෝකෙම වසගෙට ගත් මේ “කන්නඩ රැවුලගෙ” ඒ කාලේ එකක් තමා “ගූග්ලී” කියන්නේ. ගොඩක් අය යශ් අදුරා ගන්නේ KGF හරහා. ඊට පස්සේ පිස්සුවෙන් වගේ එයාගේ ෆිල්ම් හොය හොයා බලනවා. ඒත් සිංහල උපසිරැසි අඩුයි. ඉතින් ඔන්න අපි තවත් එයාගේ එකකට සිංහල උපසිරැසි ගෙනවා. 😉 ඉදිරියේදී තවත් බලාපොරොත්තු වන්න.. 💪

✍️ නිත්‍යා රූපසිංහ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

5 comments

  1. Ayyapoanum kousiyum thama ooni..mekatath thanks..

  2. Nithya hariyata sisan tikat teligamaeke wage thx pluwan Nam panther 2019 India movie sub dennko please thx

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  4. Niyamai…yashge tawa film oone

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login