The title of the page

Godzilla: King of the Monsters (2019) Sinhala Subtitles|අලුත් රජෙක්|සිංහල උපසිරැසි සමග|

Godzilla, මේ චරිතේ ඉස්සෙල්ලාම ලෝකෙට පෙන්නුම් කරේ, ජාපානෙන්.Tomoyuki Tanaka Ishirō Honda Eiji Tsubaraya මේ තුන් දෙනා එකතු වෙලා 1954 ඩිසම්බර් මස, 9වන දින, තිරගත කරපු චිත්රපටයක් තමයි Godzilla එ දවස් වල තිබ්බ ටෙක්නිකල් එක්ක, හොද block buster movie එකක් තමයි Godzilla කියන චිත්රපටය. හැබැයි දැන් එ චිත්රපටය අපි බැලුවා කියන්නෙ, ඉටපස්සේ අපිට මොනා වෙයිද කියලා අපිටම දන්නෙ නෑ, හැබැයි එ දවස් වල beast fantasy movie එකක් තමයි Godzilla කියන්නෙ. මේ චිත්රපටයේ රාක්ෂයන් 2ක් ඉන්නවා, Godzilla සහා Destoroyah යන චරිත දෙකක්, එ කියන්නේ රාක්ෂයෝ දෙන්නෙක්. හැබැයි Hollywood අයට ගොඩක් කැපිලා පෙන්නුම් කරේ Godzilla කියන චරිතේ. එ දවස් වල Hollywood එකෙන් beast fantasy movie කියලා බැලුවොත්, anaconda,The Bear,Shark මේ චිත්රපටි තමයි හොද, හැබැයි මේ චිත්රපටි ඔක්කොම small fantasy movies, Godzilla වගේ ලොකු fantasy movie එකක් බැලුවට පස්සේ, Hollywood අයට හිතුනා මේ Godzilla කියන චරිතේ හොද visual එකක් දීලා ගන්න ඕනේ කියලා, ඉතින් ඇමරිකන් අය ජැපනිස් එක්ක පොඩි කොන්දේසියක් දාලා, Godzilla කියන චරිතේ Hollywood එකෙන් අරගත්තා. ඉටපස්සේ 1998 Centropolis Entertainment,Fried Films,Independent Pictures කියලා ලොකු productions company 3ක් director Roland Emmerich, එක්ක එකතු වෙලා 1998 Godzilla කියන නමින් Hollywood චිත්රපටයක් release කරා. හොඳ visual quality එකක් තිබුනා එ චිත්රපටයේ. හැබැයි ඇමරිකන් ජනතාවට වඩා, ජැපනිස් ජනතාව තමයි එ චිත්රපටය මුල් කොටගෙන ගොඩක් සතුටු වුනේ, එකට හේතුව අපි දන්න තරමට Godzilla කියන්නෙ, මාව ගත්ත චරිතයක්, හැබැයි ජැපනිස් ජනතාව අතර බැලුවොත්, Godzilla කියන රාක්ෂයා ඉතිහාසයේ ඇත්තටම ජීවිත් වුන, දැනටත් ජිවත් වෙනවා කියලා තමයි එයාලා විශ්වාස කරන්නේ. එ වගේම තමයි Godzilla කියන්නේ දෙවියන්ට ජැපනිස් භාෂාවෙන් කියන නමක්ලු, මම නෙමෙයි කියන්නෙ, ජැපනිස් ජනතාව. ඉතින් එ වගේ ඇත්ත දෙයක් අවුරුදු ගානක් තිස්සේ චිත්රපටයක් විදිහට අරගෙන තිබ්බට ,එයාලා හිතපු තරම් ජයග්රහණයක් එකට ලැබුනේ නෑ. ඉතින් Hollywood චිත්රපටයට ලැබුණු ජයග්රහණය ,ජැපනිස් ජනතාවට ලොකු සතුටක් ලබා දුන්නා. මේ අතරවාරදි Godzilla 1998 චිත්රපටයේ producer වෙන Dean Devlin, පොඩි දෙයක් කියලා තිබ්බා, මේ චිත්රපටයේ Godzilla කියන චරිතේ අපි මිනිස්සුන්ව මරන රාක්ෂයෙක් විදිහට තමයි පෙන්නුම් කරලා තියෙන්නේ, ඔයාලත් අපිට එ විදිහට තමයි විස්තර කරේ, දැන් එකසැරේ Godzilla කියන්නේ, දෙවියෙක් කියලා ඇයි කියන්නේ, කියලා පොඩි පරශ්න කිරීමක් කලා.

ඉතින් මේ දේට කේන්ති ගත්ත ජැපනිස්, Godzilla කියන චරිතේ Hollywood එකෙන් අරගත්තා. පාට් 2,3 ඕනේ නැ කියලා. ඉටපස්සේ Hollywood එකට විරුද්ධව ජැපනිස් ජනතාව ගොඩක් චිත්රපටි ගත්තා, Godzilla කියන චරිතේ මුල් කොට ගෙන,Godzilla finl wars,Godzilla 2000,මෙන්න මේ වගේ චිත්රපටි ගොඩක් ගත්තා Godzilla කියන චරිතේ ලෝකෙට පෙන්නුම් කරන්න, හැබැයි එ ,එක චිත්රපටයක් වත් Godzilla 1998 Release වුන Hollywood චිත්රපටය තරම් ආවේ නෑ.එකට හේතුව visual එකේ quality එක,

ඉතින් මේ නිසා, ජැපනිස් ආයේ Hollywood එක්ක ගිවිසුමක් ඇතිකර ගත්තා,.Legendary Pictures කියන ලොකු productions company එකක් Godzilla කියන චරිතේ අරගන්න ලෑස්ති වුනා, හැබැයි ජැපනිස් ජනතාව පොඩි කොන්දේසි දෙකක් විතර දැම්මා, පලවෙනි එක, පටිගත කිරීම අපේ රටේත් සිද්ද වෙන්න ඕනේ, දෙවනි එක ජැපනිස් නලු,නිළියන් මේ චිත්රපටයේ රගපාන්නත් ඕනේ. ඉතින් මේ කොන්දේසි වලට productions company එකෙන් කැමත්තක් දැක්වූවා. එ වගේම තමයි ජැපනිස් අයගේ ඉල්ලීමක් අනුව, Godzilla කියන චරිතේ රාක්ෂයෙක් විදිහට පෙන්නුම් කරාට කමක් නෑ, හැබැයි එයාගේ ඉතිහාසය ගැනත් පෙන්නුම් කරන්න කියලා, ඉල්ලීමක් කරා, ඉතින් එ දේට director Gareth Edwards දුන්න උත්තරේ තමයි, මේ පාර Godzilla කියන චරිතේ රාක්ෂයෙක් විදිහට පෙන්නුම් කරන්නේ නැහැ, super hero කෙනෙක් විදිහට තමයි පෙන්නුම් කරන්න යන්නේ කියලා. එ දේ ආපු ජැපනිස් අයට එක ලොකු සතුටක් ලබා දුන්නා, හැබැයි productions company එකට,එක ලොකු පරශ්නයක් වුනා. එච්චර ලොකු චරිතයක් කොමද super hero කෙනෙක් විදිහට පෙන්නුම් කරන්නේ කියලා director Gareth Edwards ගෙන් හැව්වම, එයා දුන්න උත්තරේ, මට මාස 8ක් කල් දෙන්න, එකට හරියන script, seen ලෑස්ති කරලා කියන්නම් කියලා. මාස 7ක කාල සීමාවක් අරගෙන, script, seen,ඔක්කෝම ලෑස්ති කරලා, 2012 February 4 වෙනිදා Godzilla new version එකේ, පටිගත කිරීම ආරම්භ කලා. අවුරුදු දේක කාල සීමාවක් අරගෙන 2014 May 8 වෙනිදා Godzilla චිත්රපටය release කරා. ගොඩක් press meeting වල Godzilla කියන චරිතේ super hero කෙනෙක් විදිහට පෙන්නුම් කරනවා කියලා කිව්ව නිසා, ඇමරිකන් ජනතාව ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්රපටයක් තමයි Godzilla 2014,

හැබැයි Godzilla 2014 මේ චිත්රපටයේ Godzilla කියන චරිතේ බලා ගන්නම ගොඩක් අමාරු වුනා, ඇයි කිව්වොත් චිත්රපටය පටන් අරන් විනාඩි 35ක් විතර ගියාට පස්සේ තමයි Godzilla කියන චරිතේ පෙන්නුම් කරන්නේ, හැබැයි එ visual එකෙන් ම Godzilla කියන්නේ හොඳ චරිතයක් කියලා පෙන්නුම් කරනවා, මිනිස්සු දෙන්නෙක් විතර ඉන්නවා, Godzilla එයාලා ගාවට ගිල්ලා, මුකුත්ම කරන්නේ නැතුව හැරිලා යනවා. ඉතින් එ වගේ visual එකක් දීලා Godzilla හොඳ චරිතයක් කියලා අපේ මොළේට එයාලා ඇතුල් කරා. හැබැයි super hero කෙනෙක් විදිහට පෙන්නුම් කරන්න ඕනේ නම් එ දේ මදි. දැන් super hero චිත්රපටයක් බැලුවොත්, එකේ ලෝකේ බේරගන්න super hero කෙනෙක් ඉන්නවා, එ වගේම තමයි ලෝකේ විනාශ කරන්න දුෂ්ට චරිතයක් ඉන්නවා, එ චරිතේ ඇවිල්ලා super hero ට වඩා එක් ගුණයක් හරි ශක්තිමත් ව තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් අන්තිමට මේ දෙන්නා අතර ලොකු fright එකක් යනවා, ඉටපස්සේ super hero දුෂ්ට චරිතෙට වඩා, මට පවර් එක තියෙනවා කියලා පෙන්නුම් කරලා, එ දුෂ්ට චරිතේ විනාශ කරලා දානවා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මේ විදිහට තමයි super hero චිත්රපටි යන්නේ.

දැන් Godzilla කියන චරිතේ බැලුවොත්, ඌට ඉතින් මනුස්සයෙක්ව දුෂ්ටයෙක් විදිහට දලා වැඩක් නෑ නේ. ඌට ඉතින් එ මනුස්සයාව ඇස් දෙකෙන් බලන්නම , මාසයක් විතර යයි, ඉතින් උගේ තරමට එකෙක් හිටියොත් තමයි, flim එකේ fantasy ගතිය වැඩි වෙන්නේ. එ නිසාම Godzilla ට විරුද්ධව Editer Bob Ducsay, රාක්ෂයෙක්ව design කරනවා, ඌට ඉතින් කකුල් ඔක්කොම දෙක තුනක් විතර තියෙනවා. Climax එකේ මේ දෙන්නා අතර ලොකු fright එකක් යනවා. අන්තිමට අර ලෝකේ විනාශ කරන්න එන රාක්ෂයාගෙන්, Godzilla ලෝකේ බේරගන්නවා.එම කරලත් Godzilla කියන චරිතේ super hero කෙනෙක් විදිහට පෙන්නුම් වුනේ නෑ, ඇයි කිව්වොත්, super hero කෙනෙක්ව බැලුවොත් කවුරුත් බය වෙන්නේ නෑ නේ, හැබැයි Godzilla කියන චරිතේ බලලා හැම කෙනෙක් ම බය වෙනවා, එ වගේ seen එකක් තමයි අන්තිම වෙනකම් පෙන්නුම් කරන්නේ. හැබැයි climax එකේ පෙන්නුම් කරපු seen එක ඇත්තටම කිව්වොත් ගොඩක් හැගීම් බරයි. Fantasy ගතියත් 100%ක්ම සම්පූර්ණ වෙලා තියෙනවා. Godzilla සහා අර රාක්ෂයා අතර යන fright එකෙන්, Godzilla කියන චරිතේත් නැති වෙනවා වගේ තමයි පෙන්නුම් කරන්නේ, හැබැයි අන්තිමට Godzilla කියන චරිතේට පණ ඇවිල්ලා, නැගිටිනවා, අන්න එ මොහොතේ තමයි Godzilla super hero කෙනෙක් විදිහට මාරු වෙන්නේ, Godzilla නැගිටින එක බලපු ජනතාව, තමන්ගේ රට Godzilla බේර ගත්තා කියලා, ගොඩක් සතුටු වෙලා, Godzilla ට අප්පුඩි ගහනවා. එකට හරියන විදියට Godzilla ත් ගැම්මට ඇවිදිල්ලක් දාලා, මමයි රජා කියලා මුහුද පැත්තට යනවා, අන්න එතකොට තමයි චිත්රපටය බලන අයට තවත් සැකයක් ඇති වෙන්නේ, මෙච්චර ලොකු දෙයක් කරපු, director, Editer ට, Godzilla මුහුද යට කොමද ඉන්නේ, මුහුද යට එක visual එකක් වත් පෙන්නුවේ නෑ නේ, එ ඇයි කියන සැකයක් චිත්රපටය බලපු අයට ඇති වුනා. අන්න එ සැකය චිත්රපටයට ලොකු අඩුපාඩුවක් විදිහට තමයි පෙනුනේ. හැබැයි අදටත් beast fantasy movies list එකෙන් ,avatar,the Avengers, Godzilla 2014,මෙන්න මේ වගේ තුන් වැනි තැන අරන් තියෙනවා.

දැන් එ චිත්රපටයේ දෙවනි කොටස release වෙලා තියෙනවා. මැයි 30 වෙනිදා තිරගත වීමට ආරම්භ වුනා. Legendary Pictures productions company එක්ක writer and Director Michael Dougherty එකතු වෙලා තමයි, මේ චිත්රපටය 2015 April 9 වෙනිදා පටිගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ, දැන් අවුරුදු 3ක කාල සීමාවක් අරගෙන, 2019 මේ චිත්රපටය release කරලා තියෙනවා, දැනටමත් ගොඩක් දෙනෙක් චිත්රපටය බලලා ඇති.

ගොඩක් power full movie එකක්, Godzilla කියන චරිතේට ලොකු power එකක් මේ movie එකෙන් පෙන්නුම් කරලා තියෙනවා. එක අපිට movie එකේ title එකෙන්ම දැන ගන්න පුළුවන්. Godzilla King of the Monsters.. මේ title එකෙන් ම ඔයාලට තේරුම් ගන්න පුලුවන්, කොච්චර ලොකු power එකක් මේ movie එකෙන් දීලා තියෙනවාද කියලා. King of the Monsters කියලා, මාතෘකාවක් තමයි title එකට දීලා තියෙන්නේ. මේ මාතෘකාවේ තේරුම් රාක්ෂයන්ගේ රජු. ඉතින් මේ title එකට ගැලපෙන විදිහට, අපේ Godzilla කියන චරිතේට ගොඩක් වෙනස් වීම් කරලා තියෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත්, පලවෙනි කොටසේ Godzilla කටෙන් ගින්දර විසි කරා. දැන් මේ movie එකෙත් එ වගේ visual ගොඩක් තියෙනවා, හැබැයි ගින්දර වල පාට මාරු වෙලා. පලවෙනි කොටසේ රතු, තැබිලි පාටට හුරු ගින්දර විසි කරේ, දැන් නිල් පාට ගින්දර කටෙන් එන්නේ. 😂😂,. ඔයාලා ගෑස් ලිප බලලා ඇති. එකේ ගින්දර ජාති දෙකක් තියෙනවා. එක,මම ඉස්සෙල්ලා කිව්වා වගේ රතු, තැබිලි පාටට හුරු ගින්දරක්, සහා දෙක, නිල් පාට ගින්දර. සමහරක් අය කියනවා, ඔය රතු පාට ගින්දර වලින් උයන්න එපා, එක හරි නැ, නිල් පාට ගින්දර තමයි හොද කියලා. ඉතින් එ දේ ඇත්ත කියලා පෙන්නුම් කරන්න, ගෑස් ලිපක් කියලා උපකරණයක් අපේ ලෝකේන් නිර්මාණය කරලා, දැන් විකුණනවා. අවුරුදු ගානක් තිස්සේ මේ ව්යාපාරය සිදු වෙනවා. හැබැයි අපේ Legendary Pictures, Editers Roger Barton,
Richard Pearson,

Bob Ducsay, මේ අය පස් ගුණයක්ම ඉස්සරහට ගිල්ලා, Godzilla කියන ලොකු රාක්ෂයෙක්ගේ මාර්ගයකින් එ දේ පෙන්නුම් කරලා තියනවා. එ කියන්නේ මේ ගින්දර වලට වඩා මේ ගින්දර වල බලය වැඩි කියලා, Godzilla ව මුල් කොට ගෙන පෙන්නලා තියෙනවා. Godzilla ටත් පට්ට power එකක් තියෙනවා, හැබැයි එක අන්තිමට තමයි පෙන්නුම් කරන්නේ.එ දේ තමයි ටිකක් අවුල් වෙලා තියෙන්නේ. පලවෙනි කොටස වගේ Godzilla ව ටික ටික පෙන්නුම් කරන්නේ නැ. එ කියන්නේ පලවෙනි කොටසේ, ඉස්සෙල්ලාම Godzilla ගේ, නැට්ට, කකුල, ඌගේ පිටේ තියෙන කටු, මේ වගේ පොඩි පොඩි කොටස් පෙන්නලා, අන්තිමට තමයි සම්පූර්ණ චරිතේ පෙන්නුම් කරන්නේ. හැබැයි දැන් එ ගොන් වැඩේ කරලා නැ, දෙවනි කොටසේ., screenplay, Michael Dougherty, සහා Zach Shields, මේ දෙන්නා ටිකක් මොළේ පාවිච්චි කරලා වැඩේ කරලා තියෙනවා. ඇයි කිව්වොත් පලවෙනි කොටස වගේ, කකුල, නැට්ට, මේ වගේ ටික ටික පෙන්නුම් කරලා, අන්තිමට සම්පූර්ණ චරිතේ පෙන්නුම් කරන එක, සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කිරීමේ වැඩක්. බලන හැමෝටම දන්නවා, මේ Godzilla තමයි කියලා, ඉතින් එ වගේ තියෙනකොට, නිකන් බොරුවට, කකුල,නැට්ට කියලා පෙන්නුම් කරන එක බොරු වැඩක්. හැබැයි එ බොරු වැඩේ දෙවෙනි කොටසේ කරලා නැ. Godzilla කියන චරිතේ හොදට පෙන්නුම් කරනවා, හැබැයි Godzilla එන එන පාරට කාගෙන් හරි ගුටි කාලා යනවා. ඉතින් අන්තිමට තමයි එයාගේ සම්පූර්ණ බලය පෙන්නුම් කරන්නේ.

Movie එකේම ගොඩක් වැදගත් visual එක නම්, පලවෙනි කොටසේ ලොකු අඩුපාඩුවක් විදිහට පෙන්නුම් වුන. Underground visual එක තමයි, එ කියන්නේ මුහුද යට තියෙන visual එක.අන්න ඒ visual එක මේ movie එකෙන් පෙන්නුම් කරලා තියනවා. ඒ visual එක ශක්තිමත් වෙන්න හේතු දෙකයි, පලවෙනි එක underground sea affects. එ කියන්නේ මුහුද යට පෙන්නුම් කරපු, එ visual එකේ affects ටික. ඩයිවින් ගිය අය එ seen එක බැලුවොත්, එයාලට දැන ගන්න පුළුවන්, එ visual එකේ quality එක කොච්චර හොදයි ද කියලා.දෙවනි එක තමයි, Godzilla එ ඉන්න තැන. එ කියන්නේ Godzilla ඉන්න තැන තමයි එ seen එකෙන් අපිට පෙන්නුම් කරන්නේ. ඉතින් එ තැන. එකට දීලා තියෙන visual effects , නිසා තමයි underground sea එක ගොඩක් හොදට ඇවිල්ලා තියෙන්නේ.

එ අතර මේ movie එකේ පදාන චරිතයක, අපි හැමෝම දන්න, කෙනෙක් රගපාලා තියෙනවා, Vera Farmiga, ගොඩක් දෙනෙක් conjuring බලලා ඇති, එකේ Lorraine කියන චරිතේට පන පොවන, ගොඩක් දක්ෂ නිලියක්, Godzilla movie එකේ Dr.emma කියන චරිතේට පන පොවලා තියෙනවා. ඉතින් තමන්ගේ සැමියාගෙන් වෙන් වුන ගැහැණු කෙනෙක්, කොමද සමාජයේ ඉන්න අයත් එක්ක හැසිරෙන්නේ, කියලා හැගීම් බරව පෙන්නුම් කරලා තියනවා. එ වගේම තමයි අම්මා, තාත්තා නැති ළමයෙක්, එ කියන්නේ ගැහැණු ළමයෙක්. එයාට හදිස්සි මොහොතක් ඇති වුනොත්. එ කියන්නේ ගැහැණු ළමයෙක්ට සාමාන්යයෙන් තරුණ වයසක් එන කොට, පොඩි රෝගයක් ඇති වෙනවා. එක ඇත්තටම රෝගයක්ද කියලා මම දන්නේ නෑ. විද්යාව ඉගෙන ගත්ත අයට, එ දේ මොකක්ද කියලා දන්නවා ඇති, අපිට එකට කියලා විෂයක් තිබුනා, විද්යා පොතේ. ඉතින් එ වගේ දවස් වල, එ ගැහැණු ළමයට, බඩේ කැක්කුම, කොන්දේ අමාරුව කියලා, ගොඩක් වේදනා කාරි දේවල් සිදු වෙනවා. එ වගේ දවස් වල තමන්ගේ අම්මා ලගට වෙලා ඉන්නවා කියන්නේ, ගැහැණු ළමයෙක්ට හම්බවෙන ලොකු සතුටක් සහා ශක්තියක්. හැබැයි එ වගේ මොහොතකදී, තමන්ගේ දෙමව්පියන් නැතුව තනියෙන් ඉන්න ගැහැණු ළමයෙක්, කොයි තරම් දුකක් විදිනවාද කියලා, ගොඩක් හැගීම් බරව පෙන්නුම් කරලා තියනවා.

Movie story line එක ඔයාලට දන්නවා ඇති. Godzilla කියන රාක්ෂයා, ලෝකේ විනාශ කරන්න එන රාක්ෂයාගෙන් ලෝකේ බේරගන්නවා. ඉතින් මේක තමයි movie එකේ script එක. එ අතර තියෙන visual effects සහා එකට ගැලපෙන seen තමයි movie එක blockbuster වෙන්න උදව් කරන්නේ.එ වගේම තමයි Godzillaට විරුද්ධව රාක්ෂයන් තුන් දෙනෙක් විතර නිර්මාණය කරලා තියෙනවා. පලවෙනි එක 1964 Tomoyuki Tanaka කියන පුද්ගලයා ලෝකෙට පෙන්නුම් කරපු, King Ghidorah කියන චරිතයක්, ඉටපස්සේ 1961 Shinichiro Nakamura, Yoshie Hotta,Takehiko Fukanaga මේ පුද්ගලයන් තුන් දෙනා ලෝකෙට පෙන්නමු කරපු Mothra කියන චරිතයක් සහ, 1956 Ken Kuronuma කියන පුද්ගලයා ලෝකෙට පෙන්නමු කරපු Rodan කියන චරිතයක්. ඉතින් මේ විදිහට Godzilla කියන චරිතේට විරුද්ධව, රාක්ෂයන් 5ස් දෙනෙක් විතර නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අන්තිම වෙනකම් king of the monsters කියන මාතෘකාවට අදාල වෙන කිසිම seen එකක් තිබුනේ නෑ. අන්තිම climax එකේ, Godzilla ට විරුද්ධව එන හැම රාක්ෂයෙක්වම Godzilla මරලා, Godzilla ඉටගෙන ඉන්නවා, එතකොට අනිත් රාක්ෂයෝ ඇවිල්ලා Godzilla ට ගරැ කරනවා, අන්න එ මොහොත zoom out කරලා තමයි අපිට visual එකෙන් පෙන්නුම් කරන්නේ. අන්න එ, එක visual එකෙන් king of the monsters කියන මාතෘකාවට හොද උදාහරණයක් දීලා තියෙනවා. හොඳ movie එකක්. 3D Visual effects, 3D Death, මේ ඔක්කොම හොදට ඇවිල්ලා තියෙනවා. පුළුවන් අය තියටර් ගිල්ලා බලන්න.

Mʌʀsʜʌɭ Jʌŋsz සහෝදරයට ලිපියේ අයිතිය ලැබිය යුතුයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  4. Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login