The title of the page
Go Back Couple (2017) Complete Season Sinhala Subtitles
7.8
96

Go Back Couple (2017) Complete Season Sinhala Subtitles | නැවත අතීතයට.. | සිංහල උපසිරැසි සමඟ

ගෝ බැක් කප්ල්(go back couple) නැමැති මෙම කතාමාලාව 2017 විකාශනය වූ දකුණු කොරියානු කතා මාලාවකි. කථාංග 12කින් සමන්විත මෙය රචනය කර ඇත්තේ ක්වොන් හේ ජූ(kwon hye joo), අධ්‍යක්ෂණය කර ඇත්තේ හා බ්යොන්ග් හූන් විසිනි.

 

කතාව පැත්තට ටිකක් හැරුනොත්,

ගොඩක් ආදර කතාවල ප්‍රධාන චරිත දෙක විවාහ වුනාම ඒක සතුටුදායක අවසානයක් ඇති කතාවක් වෙනවා. සුරංගනා කතාවල පවා අවසානය වෙන්නේ කුමාරයයි කුමාරිකාවයි විවාහ වෙලා හැමදාම සතුටින් ජීවත් වුනා කියන එක. ඒත් ඇත්තටම විවාහය කියන්නේ සතුටුදායක අවසානයක්ද?

එහෙම නොවෙන්නත් පුළුවන්. මේ කතාවෙන් කියවෙන්නේ ආදරය කරලා විවාහ වුන ජෝඩුවක් ගැන.

 

චෝයි බන් දූ සහ මා ජින් ජූ කියන්නේ 38 හැවිරිදි විවාහක යුවලක්. චෝයි බන් දුට රැකියා ස්ථානයේ ගොඩක් කරදර වලට මූණ පාන්න වෙන නිසා එයාට එපා වෙලා ඉන්නේ. මා ජින් ජූට තනියම ළමයාවත් බලාගෙන ගේදොර වැඩ කටයුතු ටිකත් කරන්න වෙලා නිසා එයාටත් එපා වෙලා ඉන්නේ. ඉතින් මේ දෙන්නා ආදරය කරලා විවාහ වුනාට දැන් දෙන්නට දෙන්නව රුස්සන්නේ නෑ. දවසක් මෙයාලා ආපහු ඒ දෙන්නා හමබ්වුන කාලෙට යනවා. ඒ කියන්නේ දෙන්නම ආපහු 20 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙනවා. ඉතින් මේ දෙන්නා එයාලගෙ දෛවය වෙනස් කරගනීද?

 

දැන් අපි මේකෙ රගපාන අය කවුද බලමු.

ජන්ග් නා රා(Jung Na Ra) මා ජින් ජූ ලෙස

මැය මීට කලින් ද එම්ප්‍රස්(අග්‍රා), ඕ මයි බේබි, VIP  කතාමාලා වල රගදක්වා ඇත.

සොන් හො ජුන්(Song Ho Jun) චෝයි බන් දූ ලෙස.

ඔහු ද අන්කැනී කවුන්ටර්, වොස් ඉට් ලව් යන කතාමාලා වල රගදක්වා ඇත.

හෝ ජොන්ග් මින්(Heo Jeong Min) අන් ජේ වූ ලෙස

මොහු 18 අගේන්, ලව් විත් ෆ්ලෝස් කතාමාලා වල රගදක්වා ඇත.

හන් බො රම්(Han Bo Reum) යුන් බො රම් ලෙස

මැය ලෙවල් අප්, මෙමරීස් ඔෆ් අල්හම්බ්‍රා කතාමාලා වල රගදක්වා ඇත

ජන්ග් කී යොන්ග්(Jang Ki Yong) ජන්ග් නම් ගිල් ලෙස

මොහු නව් වි ආ බ්‍රේකින් අප්, මයි රූම්මේට් ඉස් අ ගුමිහෝ කතාමාලා වල රගදක්වා ඇත.

ගෝ බෝ ග්යොල්(Go Bo Gyeol) මින් සෝ යොන්ග්

මැය හායි බායි මමා, ආත්ඩ්‍රල් ක්‍රොනිකල්ස් කතාමාලා වල රගදක්වා ඇත.

ලී යී ක්යොන්ග්(Lee Yi Kyung) ගෝ දොක් ජේ ලෙස

මොහු රෝයල් සීක්‍රට් ඒජෙන්ට, වෙල්කම් ටු වෛකිකි 2 කතාමාලා වල රගදක්වා ඇත.

චෝ හේ ජන්ග්(Cho Hye Jung) චොන් සුල් ලෙස

මැය වේට්ලිෆ්ටින් ෆෙයරි කිම් බොක් ජූ, සින්ඩරෙල්ලා ඇන්ඩ් ෆෝ නයිට්ස් කතාමාලා වල රගදක්වා ඇත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

8 comments

  1. දෙවනි සංවත්සරයට සුභ පැතුම්! සබ් ගෙනාවටත් ස්තූති චතුනිකා🙏 ඒ වගේම හැමෝටම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!

  2. නියම කතාව. සහො අනේ මේ වගේම තව පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    හම්මට සිරි, මේක කැටගරි නොවුනට හොඳ ජෝම් ටිකක් තියෙයිනේ?? ස්තූතියි. සුභ අලුත් අවුරුද්දක් වේවා! සහෝ නංගි
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  5. මචන් ප්ලීස් කවුරු හරි ONE PUNCH MAN SEASON 02 එකට සබ් දාපන්කො..

  6. Krishani
    Cineru_users

    Me drama eka nam godaaaak lassanai. Hina wewi adanna puluwan drama 1k. Thank you 💜️💐

  7. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි… 😊🙏

  8. Thanks you. Ncx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login