The title of the page
4.8
88

Ghani (2022) Sinhala Subtitles | “පියාගේ හීනවලට පණ දුන් පුතෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Ghani (2022) Sinhala Subtitles) (Ghani 2022 Sinhala Subtitle) (Ghani Sinhala Subtitle) (Ghani Sinhala Sub)

Ghani | Telugu | 2022
Sport | Drama
IMDb 4.8/10
152 mins

දරුවෙක්ට පියෙකුගේ අහිමි වීම වනාහී දරා ගත් නොහැකි විශාල වේදනාවක්. ඒ වගේම පාඩුවක් පාලුවක්.. පියෙක්ගේ අනපේක්ශිත වෙන්ම යාම සමග සිය මම සමග අතීතය මතක අමතක කර අනාගතේට හීන මවන්න සිදු වුණාම ඒ දැනෙන අසරණකම ගැන කියන්න වචන ප්‍රමාණවත් මදි. ලෝකයාගේ කතා අහගෙන අනාගතේ ගොඩ නගා ගන්න නම් හොද ආත්ම විස්වාසයක් තියෙන්නම ඕනේ෴

ඔන්න තවත් අලුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසි රැගෙන ආවා.. “ඝනී” කියන්නෙ අප්‍රේල් 8 වන දා තිරගත වූ අලුත්ම තෙලුගු චිත්‍රපටයක්.. වරුණ් තේජ්ගේ ප්‍රධාන රංගනය. Sport Drama කියන කැටගරියෙන් තමා අපිට බලන්න වෙන්නෙ. බොක්සිං වලල්ලේ වීරයෙක් ගැන තමා කතාවේ කියවෙන්නෙ.. Kiran Korrapati ගේ නිර්මාණයක් වන මෙය S.Thaman ගේ සංගීත අධ්‍යක්ෂණයක්. වරුණ් තේජ්ට අමතරව සෙසු නළු නිළි පිරිස මේසේ පෙලගැස්විය හැක…

❖ Saiee Manjrekar
❖ Jagapathi Babu
❖ Upendra
❖ Sunil Shetty
❖ Naveen Chandra
❖ Nadhiya
❖ Naresh
❖ Tanikella Bharani

මීට අමතරව විශේෂ රංගනයක් (Special item) ලෙස තමන්නා භාතියා ද එක් වෙනවා.ගීත 3ක් ඇතුලත් වෙනවා. දින 3ක් ඇතුලත කෝටී 10ක ආදායමක් වාර්තා කිරීමටද සමත් වෙලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත්,

ඝනී කියන්නෙ මව සමග ජීවත් වෙන කඩවසම් තරුණයෙක්. පියා බොක්සිං ක්‍රීඩකයෙක් වන අතර ඔහු සිය ජීවිතයෙන් සමු අරන් අවුරුදු ගානක් වෙනවා. තම මවගේ දැඩි බලපෑම් නොසලකා මවටත් හොරෙන් ඝනී බොක්සිං ක්‍රීඩාවට අවතීරණ වෙනවා. කිසිම විටක ඔහුව දිරිමත් කිරීම් නම් කොහෙන්වත් ලැබෙන්නෙ නෑ. අවසානය වෙන තෙක් සිය මවගෙන්වත් ඝනීට උපකාර ලැබෙන්නෙ නෑ. සිය පෙම්වතිය ඇය සමගම සියල්ල වෙනුවෙන් ඉන්නවා. ඒත් අහඹු ලෙස මුණ ගැසෙන පුහුණුකරුවෙක් නිසා ඔහු ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් වෙනවා. කෙසේ හෝ කතාව රසවත්.

නොබැලූ අය සිටී නම් අදම බලන්න කියලා කියනවා. කාලෙකින් සුනිල් ශෙට්ටි තෙලුගු සිනමාවේ දකිනවා. ජගපති බාබූ නැවතත් සුපිරි විලන් කෙනෙක් වෙලා ඉන්නවා. උපේන්ද්‍ර රාඕ කන්නඩ සිනමාවේ සුපිරි චරිතයක් වෙන අතට තෙලුගු සිනමාව තුළද කැපී පෙනෙන චරිතයක්. ඔහුද ආකර්ශනීය රංගනයක් මෙහි ඉදිරිපත් කරනවා. හරි ලස්සන වගේම අමුතු ආදර කතාවක් ද ඇතුලත් වෙනවා.. කතාව රසවත්. කුතුහලයෙන් බලන්න පුලුවන්.

නැවත තවත් දකුණු ඉන්දීය සිනමාවක සිංහල උපසිරැසියක් සමග හමුවෙන්නම්..

සිනෙරූ වෙනුවෙන් මම,

✍🏻 නිත්‍යා රූපසිංහ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Secret N ( නාරා )
    Cineru Family Member

    නියමයි නියමයි!! 💥👌

  3. lisaa 2019 denna. supiriyak

  4. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login