The title of the page
Garfield In Paradise (1986) Sinhala Sub
Garfield In Paradise (1986) Sinhala Sub
7.5
94

Garfield In Paradise (1986) Sinhala Subtitles | ” ගාර්ෆීල්ඩ්, ඕඩි සහ ගිණි කන්ද ” | සිංහල උපසිරැසි සමඟ

(Garfield In Paradise 1986 Sinhala Subtitle)

ඉතිං යාලුවනේ ඔන්න පොරොන්දු උන විදිහටම මම ලොකු පොඩි කවුරුත් ආස කරන සහ ආදරේ කරන චරිතයක් ඉන්න 1986 දී නිකුත් වෙච්ච ටීවී මූවී එකක් අරන් ආවා. මේකේ විශේශත්වේ තමයි මේක ටිකක් කොටයි. ඒත් ඉතින් සබ් නම් කොට නෑ. අනික ෆිල්ම් එකේ රස ඉතාම හොඳයි. ඉතින් වෙන මගුල් මොකටද, කෙලින්ම කතාවට බහිමුකෝ.

මෙන්න මෙහෙමයි ඔයාලා ආසකරන අර තඩි පූසෙක් ඉන්නේ ගාර්ෆීල්ඩ් කියලා. අන්න එයා ගෙ පරණම කතාවක් මේ. දන්නවනෙ පූස් ලොක්කගේ කට ගැන? ඉතින් එයාගේ අයිතිකාර ජෝන් එයාව අහසින් එක්කන් යනවා ට්‍රිප් එකක්. බලද්දී මේක ගිහින් තියෙන්නේ ලාභම ගණන්වලට තියෙන එකකින්. ඉතින් හෝටලේ, ගුවන් යානය වගේම ස්වීමින් පූල් එකත් මරු තත්වෙක තමා තියෙන්නේ. අරන්ම බලන්නකෝ කොහොමද කියලා. ඉතින් මෙයාලා නොසිතූ ලෙස පොඩි පාර වැරදීමකට ලක් වෙනවා. ඒකෙන් ජෝන්ට පෙම්වතියක් සහ අපේ පූස් තඩියට තාවකාලික පෙම්වතියක් ලැබෙනවා. ඉතින් මේ ගමේ තියෙන ලොකු ගිනිකන්දක් පුපුරන්නයි ලෑස්තිය. ඒක එක්ක බැඳුනු අතීත කතාවක් සහ ගාර්ෆීල්ඩ් ඒක විසඳන හැටි තමයි මේකේ තියෙන්නේ. ගාර්ෆීල්ඩ් කිව්වට මේකේ වීරයා ඕඩි, ඒ කියන්නෙ අර බලු පැටියා.

හොඳ හොඳ රස කියමන් ටිකක් මේකෙ තියෙයි අර පූස් තඩියා කියන ඒවා. උපරිමෙන් ඒ හාස්‍ය ගතිය රැකගෙන වැඩෙ කරන්නයි මං උත්සාහ කරේ. ඔයාලා ඉතින් අරගෙන බලලාම කමෙන්ට් එකක් ලියලා යන්නකෝ සබ හොඳද, නැද්ද කියලා. වැරදි තියෙයි නම් කියන්න. අපි හදා ගන්නම්. ඒ වගෙම කියන්න ඕනෙ අපේම නයි අපිවම කයි කියලා කියනවා වගේ, අපේම හිතවත්(වෙලා හිටිය) එකෙක් මමයි අපේ ශෙහානයි සබ් දෙන සුපර්මෑන් ඇන්ඩ් ලොයිස් එකේ සබ් උස්සලා උන්ගේ සයිට් දෙකක දෙනවා. අඩුගානේ අපේ නමවත් නෑ. ඌගේ නමයි පොටෝවයි දෙකම දාගෙන දෙන්නේ සබ. රට හදන්නේ කොහොමද ඉතින් උපසිරැසියෙන් ඉඳන්, ප්ලේන් එකට යනකන්ම හොරකම් කරන උන් එක්ක. පව් ඉතින් ඒ වගේ එවුන්. ඒ වගේම ඊලඟට අර අපේ “නෙට්ෆ්ලික්ස් පිස්සා” කියන සහෝ ඉල්ලුව ස්පැනිශ් සීරීස් එකක් ලබන සතියේ දෙන්නම්. ඔන්න ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඒ සීරීස් එක තමයි “ස්කයි රෝජෝ”. සබ් පරක්කු උනේ මගේ පුතාට ලොකු හදිසි අනතුරක් වෙලා රෝහල්ගතවෙලා සැත්කමක් කරන්න උන නිසයි. එහෙනම් ඉතින් මෙ සබ් කරන්න උදව් කරන මගේ බිරිඳ, මගේ සදහම්, සහ සමිතේ ලොක්කා, අංජුවා, අසේන්. මධුවා, ශෙහාන් ඇතුලු සිනෙරූ පවුලටත්, සහෝදරයෙක් වගේ ඉන්න චානකටත් ගොඩක් ස්තුතියි. එහෙනම් ස්පැනිස් සීරීස් එකක් සහ සාලෙම් එපියක් අරන් එන්නම් ඊලඟට. පුතා නිසා සබ් ටිකක් පරක්කු වෙයි. එයා ගැන බලන්න එපැයි. සමාවෙන්න. එහෙනම් ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු. මතක් කරලා කමෙන්ට් එකක් ලියලා යන්න.

ඒ වගේම හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

4 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි! මිනිත්තු 35 episode 6ක් තියෙන ‘Hymn Of Death’ කොරියන් සීරීස් එකටත් සිංහල සබ් දෙන්න පුළුවන්ද?

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ පුතාට ඉක්මනින් හොඳ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා

  3. thanks sipiri පුතාට මොකක්ද උනෙ 😥😥

  4. චානක තිලංක

    නියමයි ආ මරු සබ රොම්බ නන්‍රී, පුතාට දැන් ගොඩක් දුරට හොඳයි නේද? 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login