The title of the page
Army of the Dead 2021 Sinhala Sub
Army of the Dead 2021 Sinhala Sub
6.1
71
77

Army of the Dead (2021) Sinhala Subtitles | මළවුන්ගේ රාජධානිය – ලාස් වේගාස් | සිංහල උපසිරැසි සමඟ

(Army of the Dead 2021 Sinhala Sub)

හැම කෙනෙක්ටම සුබ දවසක් කිව්වා !! 🙂

හැම කෙනෙක්ම වගේ රිලීස් වෙනකල් බලාගෙන හිටපු Zack Snyder ගෙ අලුත් චිත්‍රපටිය තමයි අද මේ විදිහට උපසිරැසි ගන්වලා ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නෙ. Zack Snyder කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. චිත්‍රපටි නරඹන කෙනෙක් නම් ඒ නම අහලා නැතිවෙන්න බෑ. මොකද කිව්වොත් පහුගිය ටිකේ හුඟ දෙනෙක් අතර කතාබහට ලක්වුණ කෙනෙක් තමයි Zack Snyder කියලා කියන්නෙ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි සෑහෙන ලොකු හයිප් එකක් තිබ්බ Zack Snyder’s Justice League චිත්‍රපටිය නිසා. ඒ අපූරු සිනමාපටයෙන් පස්සෙ, ඒ අසහාය සිනමාපට අධ්‍යක්ෂකවරයාගෙ ඊළඟ චිත්‍රපටිය තමයි Army of the Dead කියලා කියන්නෙ. පසුගිය 21 වෙනිදා මේ චිත්‍රපටිය Netflix හරහා විකාශය උනත් ඊට කලින් මැයි 14 වෙනිදා ඉඳන් සිනමාශාලාවල මේ චිත්‍රපටිය තිරගත වුණා.

අධ්‍යක්ෂක Zack Snyder

කෙලින්ම කිව්වොත් මේක Zombie Apocalypse චිත්‍රපටියක්. සොම්බි චිත්‍රපටි කියන්නෙ හුඟ දෙනෙක් ආස කරන වෙනස්ම විදිහට චිත්‍රපටි නිර්මාණය වෙන කැටගරි එකක්. ඇත්තටම හුඟ කාලෙකට පස්සෙ තමයි මේ විදිහෙ සොම්බි චිත්‍රපටියක් නිර්මාණය වෙන්නෙ. World War Z, Dawn Of The Dead, Train to Busan, Resident Evil, Zombieland, 28 Weeks Later වගේ සොම්බි චිත්‍රපටි බලලා තියන කෙනෙක් නම් මේ චිත්‍රපටිය එනකන් අනිවාරෙන්ම මග බලන් ඉන්න ඇති. මේ අතරෙ තියන Dawn Of The Dead චිත්‍රපටියත් අධ්‍යක්ෂණය වෙන්නෙ Zack Snyder යතේමයි. මේ චිත්‍රපටිය බලලා නැත්තන් ඒකත් අරගෙන බලන්න සුපිරි සොම්බි චිත්‍රපටියක්.

හැමදාමත් වගේ WB ආයතනයත් එක්ක වැඩ කරන Zack Snyder මෙදා සැරේ Netflix ආයතනයත් එක්ක එකතුවෙලා තියෙන්නේ මොකද කියලා කට්ටිය හිතනවා ඇති. මම ඒකටත් උත්තරයක් දීලා ඉන්න. සුපුරුදු පරිදි සැක් ස්නයිඩර් මුලින්ම මේ අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ WB ආයතනයට. ඒත් මොකක් හරි හේතුවක් නිසා WB ආයතනය මේක ප්‍රතික්ෂේප කරලා තියෙනව. ඒකට හේතුවක් විදිහට සැක් ස්නයිඩර් කියලා තියෙනවා “ඒ අය මේ වගේ සොම්බි චිත්‍රපටියක් වෙනුවෙන් මුදල් යොදවන්න අකමැති නිසා හෝ මේක නිකන්ම නිකන් සොම්බි චිත්‍රපටියක් නෙවෙයි කියලා කිව්වමත් තේරුම් අරගෙන නැති නිසා වෙන්න ඇති” කියලා. සැක් ස්නයිඩර් මේ ප්‍රකාශය කරලා තිබ්බෙ Entertainment Weekly සඟරාව සමඟ පවත්වපු සාකච්ඡාවක් අතරතුර.

Netflix ආයතනය කියලා තියන විදිහට ඒ අය සැක් ස්නයිඩර්ට Army of the Dead චිත්‍රපටියේ තවත් ප්‍රීක්වල් චිත්‍රපටියක් සහ “Army of the Dead: Lost Vegas” නම් ඇනිමේෂන් කතා මාලාවක් නිර්මාණයටත් අවසර ලබාදීලා තියෙනවා. Army of the Dead චිත්‍රපටිය නිකුත් වීමටත් පෙර මේ අවසරය ලබාදුන්න එක විශේෂත්වයක්.

මේ වෙනකොට සැක් ස්නයිඩර් යටතේ නිර්මාණය වූ චිත්‍රපටි අතරින් Rotten Tomatoes වල උඩින්ම තියන චිත්‍රපටියත් මේක. ඒ 74% ක් යන අගයත් එක්ක. ඒ වගේම IMDb දර්ශකයේ 7.5/10 කුත් ගූගල් පරිශීලකයන්ගේ 95% ක කැමැත්තත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා. මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න ඇ.ඩො. මිලියන 90 ක් වගේ ලොකු ගාණක් වියදම් කරලා තියෙනවා. ඇත්තටම WB ආයතනය මේ තරම් ගාණක් සොම්බි චිත්‍රපටියකට වියදම් කරන්න කැමති නැතිවෙන්න ඇති..

මේක බලන කෙනෙකුට තේරෙයි වෙනස්ම විදිහක සොම්බි චිත්‍රපටියක් කියලා. වෙනස්ම අත්දැකීමක්. සැක් ස්නයිඩර් කියන්නෙ කවදත් වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් කියලා තමයි මටනම් හිතෙන්නෙ. එහෙනම් වැඩි කතාවක් නැතුව උපසිරැසිය බාගෙන චිත්‍රපටිය බලලා ඉන්න. ස්ටෝරි එක ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ.

ඒ වගේම සිසිෆස් කතා මාලාවත් ඉක්මන්ටම අවසන් කරනවා 🙂

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

10 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    සබට තෑන්ක්ස් 💜️💜️

  2. Aruna Darshana
    Cineru Family Member

    එලම සෝමෙ ♥

  3. Thank You සහෝ. පුළුවන්නම් Sisyphus එකේ ඉතුරු episode ටිකට සබ් දීලා ඉවර වෙලා ‘Imitation’ OnGoing කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල සබ් දෙන්න පුළුවන්ද?

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට..!

  5. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබ් එකට තෑන්ස් සෝමේ

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  7. බොහොම ස්තූතියි උපසිරැසියට ❤

  8. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  9. තෑන්ක්ස් සොමේ..

  10. Chandrika Kumari
    Cineru_users

    Me ilagata army of the dead 2,army of the dead 3 ona hoade ayye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login