The title of the page
5.5
5.5
83

Gangs of Madras (2019) Sinhala Subtitles | මැඩ්‍රාස් කල්ලිය | සිංහල උපසිරැසි සමග |

Gangs of Madras (2019) | මැඩ්‍රාස් කල්ලිය

                          මේ පාර මම සිංහල උපසිරැසි ගෙනාවේ දමිළ සිනමාවේ ටිකක් වෙනස් විදියේ ෆිලුමකට. මේ ෆිලුම IMDb මීටරය 6 කට කරකවල තියෙන්නේ ප්‍රසිද්ධ නැති නිලියක් ප්‍රධාන චරිතය කරන ගමන්. හැබැයි අධ්‍යක්ෂණය නම් C.V. Kumar . මෙයා තමයි මායවන් ෆිලුම අධ්‍යක්ෂණය කලේ. ඒක බලපු අය දන්නවා කොහෝමද කියල. ඊටත් වඩා මේක හොදයි කියන්න පුලුවන්. මේකේ කතාව හා නිෂ්පාදන දායකත්වයත් C.V. Kumar ගෙමයි. මේ ෆිලුම 12 වන දින අප්‍රියෙල් 2019 තිරගත වීම ආරම්භ කර ඇති අතර විනාඩි 142 ක දාවන කාලයක් හිමිවේ.

නිලිය ගැනනම් නොකියාම බෑ. ඒ Priyanka Ruth  එතරමට ඇයගේ රංගනය සාමාන්‍ය විදියට හසුරවල තියෙන්නේ.

මීට අමතරව කැපී පෙනෙන චරිත වන්නේ ඩැනියෙල් බාලාජියි.ඒ වගේම සංගිතය ගැනත් නොකියාම බෑ. Hari Dafusia හා Shyamalangan විසින් සංගීතවත් කර ඇති මෙම ෆිලුම අනවශ්‍ය ගෝසාකාරිත්වයෙන් මිදි රිද්මයකට අවතිරණව මනාව මුලු සිනමාව පුරාම රැගෙන ගිහින් තියෙනව. සිනමාකරනය Karthik K Thillai විසින් ද. නිෂ්පාදන පිරිවැය Fox Star Studios හා CV Kumar Productions විසින් ද , බෙදාහැරීම Walt Disney Studios Motion Pictures විසින් ද දායක වී ඇත.

                   මොකක්ද මේ මැඩ්‍රාස් කල්ලිය කියන්නේ. මදුරාසියේ මත්ද්‍රව්‍ය ජාවාරම තදින්ම කෙරෙන අතර ජාත්‍යන්තර ජාලය මෙහෙයවන්නේ ලාලා කියන පාතාල නායකයෙක්. මේ ලාලාගේ මදුරාසියේනියෝජිතයා තමයි මදුරාසියේ රාවුතර් . තනිකර මදුරාසියේ මත්ද්‍රව්‍ය ජාලය හසුරුවන්නේ මෙයයි. මොවුන්ට විරුද්ධ වෙන අයට හිමිවෙන්නේ මරනයයි. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය ජාලයේ කොටස්කරුවක් තමයි දේශපාලන නායකයෙක් වන ඇමති තමිල්වානන්. මේ කල්ලියට පොලිසියේ සහය ලැබෙන්නේ ඉහල මට්ටමකින්. මේ කල්ලියෙන් ප්‍රශ්නයක් ඇතිවුනාම කාව හරි පොලිසියේන් එන්කවුන්ටර් ( පොලිසිය විසින් වෙඩි තබා මරා දැමීම ) කර මරා දමා ඒ කල්ලිය ආරක්ෂා කිරීම තරම් සහයක් පොලිසියේන් ලැබෙනවා. යම් කිසි සිද්ධික් නිසා මේ ලාලා හා රාවුතර් කන්ඩායමට විරුද්ධව නැගී සිටින කල්ලියක්. ඒකට නායකත්වය දෙන කාන්තාවක්. ඇයව පාවිච්චි කරන තවත් කල්ලි නායකයෙක්. මෙන්න මේ කොටස්ටික තමයි GANG OF MADRAS වෙන්නේ.

                    ඉතින් අපේ රසියා කතා නායිකාව එයාගේ මිනිහත් මේ කල්ලියේ ගිනුම් තබන්නෙක්. අහිංසකයි නමුත් සැපවත් ජීවිතයක් පතන්නෙක්. සිතාගන්න බැරි මොහෝතක පොලිස්ය විසින් වෙඩිතබාමරා දමනවා. කුතුහලය ඇයි මේ රාසියාගේ සැමියට පොලිසියෙන් වෙඩි තිබ්බේ එයා රාවුතර්ගේ ආයතනයේ ගිනුම් තබන්නෙක් විතරයි නේ ? රාසියගේ මේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙයිද පාතාලයේ තිබෙන ජාත්‍යන්තර සමබන්ධකම්, හිතවත්කම්, ඒ වගේම දේශපාලන සමබන්ධකම් හිතවත්කම්, පොලීසිය සනග කෙරෙන ගනුදෙනු ඒකට පොලිසියෙන් කෙරෙන කලගුන සැලකීම් වගේම් පාතාලයේ කෙරෙන ජඩකම්, පාවාදීම් කෙනෙක්ව තමන්ගේ වාසියට යොදවා ගැනීම් වගේ පාතාලයේ ක්‍රියාකාරකම් මනාව විදහා දක්වන මේ සලරුවනම් අනිවාර්යයෙන් නැරබිය යුතු එකක්ම වේවි.

මෙය මෙහි Sai Priyanka Ruth පිලිබද බලපු පුවත්පත් ලිපියකි. එයා කියපු එක දෙයක්. ” නයනතාරා වගේ මට රසිකයන් ගෙන්නන්න බැරි වේවි” කියල. එය තීරණය කල යුත්තේ ඔබයි.

Image result for sai priyanka ruth interview gang of madras

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


201
Total Subtitles

5 comments

  1. Godak stuthi sahioooo sub ekata….

    • Peter Barthelot
      Cineru Family Member

      ස්තූතියි
      ඇත්තටම මම හිතුවේ නෑ මේ මූවි එක ඔච්චර හොදයි කියල. ❤ ❤ ❤

  2. Godaaak thank you bro

  3. Thanks for sub (abbayitho ammai 2016 ) movie eke sub dennako please………..!!!!!!!!

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login