The title of the page

Gang Leader (2019) Sinhala Subtitles| ලේඛකයෙකු සමගින් පලිගැනීම උදෙසා යන කාන්තාවන් |සිංහල උපසිරැසි සමග|

ආදරනීය සිනමා රසික පිරිසට, ඔන්න ආයෙත් ඉක්මනටම තවත් අපූරු තෙලිඟු සිනමාපටයකට උපසිරැසි අරගෙනයි මම ආවේ…

Gang Leader, තෙලිඟු සිනමාවට Drama | Thriller කාණ්ඩයෙන් ඇතුලු වෙන්නේ. ටීසර් පටය නිකුත් වුනහම අපි කාටත් ලොකු කුතුහලයක් ගෙනාවා මේක කොමඩියක්ද, එහෙම නැත්නම් මොන වගේ කතාවක් ද කියන එක ගැන. නමුත් කොමඩි ත් තියෙන හැමදේම බැලන්ස් කරපු අපූරු චිත්‍රපටයක් බවනම් කියන්න ඕනි.

2019 සැප්තැම්බර් 13 තිරගත වීම ආරම්භ කරලා අති සාර්ථක ලෙස ලොවපුරා තිරගත වුනා. IMDB දර්ශකය තුල 7.9 ක අගයකුත්, ගූගල් පරිශීලකයන්ගේ 95% ක අගයකුත් හිමි වී තිබෙනවා.. Vicram Kumar ගේ අධ්‍යක්ෂණයට , Anirudh Ravichander ගේ සංගීතයෙන් අපූරු සංගීත ඇල්බමයක් මේකට් දායාද වෙලා තියෙනවා. බොක්ස් ඔෆිස් හි කෝටි 60 ක ආදායමක් උපයන්නත් සමත්කම් දක්වල තියෙනවා..

ප්‍රධාන නලුවා ලෙසින් එක්වන්නෙ මගේ ප්‍රියතම නලුවා තෙලිඟු සිනමාවේ තාත්වික තරුව හෙවත් Natural Star , ලෙසින් නම් වී සිටින Nani විසින්.. ඉතින් නානිගෙ අලුත් සොයා ගැනීමක් ලෙසින් මේ චිත්‍රපටයෙන් තෙලිඟු සිනමාවට හදුන්වා දෙන සුරූපී හැඩකාරිය Priyanka Arul Mohan තමයි ප්‍රධාන නිලියගෙ කාර්‍යය ඉටු කරන්නේ.. ඉතින් තවත් අපූරු නලු නිලියන් රාශියක් මේ සඳහා තම රංගන දායකත්වය ලබා දීල තියෙනවා.

කතාව මතක් කලොත් පොඩ්ඩක් …

ආරම්භයේදී බැංකු මංකොල්ලයක් සිද්ධ වෙනවා.. ඉතින් මේ මංකොල්ලයේ මහ මොළ කාරයා මිනිහ එක්ක ආපු අනිත් සගයන් පස් දෙනත් ඝාතනය කරල කෝටි 300 අරන් පැනගන්නවා..
ඉතින් අදුරුද්දකට පස්සෙ.. ඒ මැරුනු පස් දෙනාගෙ පවුලෙ ගෑනු අය එකතු වෙලා පෙන්සිල් පාර්තසාරදී කියන පලිගැනීම් නවකතා ලියන ලේඛකයා හම්බෙනවා එයාලගෙ පලියගන්න..

ඉතින් මීටවඩා නම් කියන්න බෑ..

ඇත්තටම චිත්‍රපටය පුරාම අලංකාර සින්දු අහන ගමන් , සාර්ථකව ගලා යන කතාවක් කිසිම කම්මැලි කමකින් තොරව බලන් ඉන්න පුලුවන්.. ඒ වගේම වඩාත් ආදර්ශ බොහොමයක් ලබා දෙන චිත්‍රපටයක් කියලත් කියන්න ඕනි..

එහෙනම් හැමෝම ගිහින් බලන්න තෙලිඟු සිනමාවට අලුතින් එකතුවුනු අපූරු සිනමා සලරුව..
ඉක්මනින් ආයෙම උපසිරැසියක් සමඟ හමුවෙමු.. සබ් එක අරන් යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා..
ඔබට ජය…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    දිගටම මේ වගේ කතා වලට උපසිරැසි කරන්න සුභ පතනවා ඒ වගේම උපසිරැසියට බොහොම ස්තුතියි

  2. Sthuthi sahooo obata sub ekata …

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Asanka Weerasinghe
    Cineru Family Member

    elama

  5. ko film ekA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login