The title of the page
Forensic (2022) Sinhala Subtitles
Forensic (2022) Sinhala Subtitles
6.3

Forensic (2022) Sinhala Subtitles | ”උපන්දින ඝාතකයා!” | සිංහල උපසිරැසි සමඟ

(Forensic (2022) Sinhala Subtitles) (Forensic (2022) Sinhala Sub)

– ජොනී ජොනී…
+ ඔව්, ඩාලිං..!
+ මිනියක් මරලද?
– ඔව්, ඩාලිං..
+ බොරු නේද…
– නෑ, ඩාලිං..
+ කට අරින්න බලන්න…. හ-හ-හ-හ-හාාා….!!

අධිකරණ වෛද්‍ය නිලධාරී ජොනී ඛන්නා, මරණ පරීක්ෂණ ඔස්සේ ඝාතකයන් සොයායෑම පිළිබඳ නම ගිය විශේෂඥයෙකි. උප ‍පොලිස් පරීක්ෂක නිලධාරිනී මේඝා ෂර්මා හා ඇගේ කණ්ඩායම විසින් මසූරී නගරයේ අතුරුදහන් වූ දැරියකගේ මළ සිරුර සොයාගැනීමත් සමග එම පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වීමට ජොනී ඛන්නාට ඇරයුම් ලැබේ. විමර්ෂණ කටයුතු වල නියැලෙමින් සිටින අතරතුර තවත් දැරියක් අතුරුදහන් වන අතර ඒ ඔස්සේ නොසිතූ අභිරහසකට මොවුන් මැදි වේ. විශේෂත්වය නම්, දැරියන් අතුරුදහන් වන්නේ ඔවුන්ගේ උපන් දිනයන් සැමරීමේදී වීමයි…

කතාව ටිකක් පුරුදුයි වගේ ද? නැත්නම් චිත්‍රපටයේ නම මීට කලින් අහල තියෙනව ද? නැත්නම් මෙය Forensic මලයාලම් චිත්‍රපටයේ අනුකරණයක්…., සිංහලෙන් කිව්වොත් කොපියක් කියලා කවුරු හරි කිව්වද, නැත්නම් එහෙම හිතුවද??

මේක කොපියක් කියල නොබල ඉන්න හදනව නම්, එහෙම කරන්න එපා. මේක කොපියක් නෙවෙයි. ඒ කියන්නෙ අනුකරණයක් නෙවෙයි, හැබැයි, අනුවර්තනයක්. ඒ කියන්නෙ කතා තේමාව එකක් උනාට අන්තර්ගතය නිර්මාණශීලීව වෙනස් කරලා තියෙනවා. සමාන තැන් නැතුවම නෙවෙයි, හැබැයි මලයාලම් චිත්‍රපටයට නොදෙවෙනිව අවසානය වෙනකන්ම කුතුහලය කියන දේ උපරිමෙන් දෙන්න මේ හින්දි අනුවර්තනයට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මම හැමෝටම යෝජනා කරනවා මලයාලම් චිත්‍රපටය බැලුවත් නැතත්, මේකත් බලන්න කියලා.

විශේෂයෙන්ම කියන්න ඕනෙ, අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන චිත්‍රපට නිර්මාණය වෙන්නෙ ටිකක් අඩුවෙන්. ඒ නිර්මාණ අතර, අධිකරණවෛද්‍ය විද්‍යාවේ එන සෛද්ධාන්තික කරුණු, නව තාක්ෂණය වගේ දේවල් එක්ක ‍විස්තරාත්මකව මේ කතාව ප්‍රතිනර්මාණය කරලා තියෙනව. ඒ ගැන කැමැත්තක් දක්වන අය නම්, මේ කතාව බලන්නම ඕන. වැරදි කෙනෙක් ඝාතකයා කියල හංවඩු ගැහුවොත්, ඒක කොච්චර ලොකු අසාධාරණයක්ද.. එහෙම ‍වෙන්න නොදී, නිවැරදිව ඝාතකයෙක් හොයාගන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව කොච්චර ලොකු සේවයක් කරනවද කියලා, මේ කතාවෙන් ඔප්පු වෙනවා. මනුස්සයෙකුගෙ ජාන වලින් ඒ කෙනාගෙ දළ පෙනුම නිර්මාණය කරන්න පුළුවන් කියල ඔයාලා දන්නවද? ඒ කරන විදිය බලන්න ඕන නම් අනිවාර්යෙන්ම මේක බලන්න වෙනවා.

කතාව ගැන මීට වඩා කියන්නෙ නෑ. උපන්දින ඝාතකයා හොයාගෙන යන ගමන හිතන තරම් ලේසි එකක් නෙවෙයි. ඉතින් මේ වැඩේ කොච්චර අමාරුද කියලා අපිට පෙන්නන්නෙ වික්‍රාන්ත් මැසී එක්ක රාධිකා ආප්තේ. විශාල් ෆූරියාගෙ අධ්‍යක්ෂණයක් වන මෙහි ප්‍රචී දේසායි,
සුබ්‍රත් දත්තා, රෝහිත් රෝයි වගේම ළමා නළු නිළියන් ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා.

ඉතින් මේ කතාව රසවිඳින්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. ආයුබෝවන්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

10 comments

  1. Thanks a bunch to cineru and Ruchini ❤🔥

  2. Film eke link eka koy?

    • වීඩියෝ පිටපත් කියලා දාලා තියෙන්නේ ලින්ක් තමයි..VPN Off කරලා සයිට් එකට එන්න..

      • Zombivli 2022
        IMDB 7+

        මේ ෆිල්ම් එකටත් සබ් දෙන්න. ෆිල්ම් එක 1337X සයිට් එකේ තියනවා.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Anek (2022)

  6. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  7. 720p වීඩියෝ කොපිය play වෙන්න්නෑ

  8. keedam malayalam movie sub plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login