The title of the page
Flower Of Evil 2020 Sinhala Sub
Flower Of Evil 2020 Sinhala Sub
9
98

Flower Of Evil (2020) E01-E02 Sinhala Subtitle | අභිරහස් ඝාතන රැල්ල | සිංහල උපසිරැසි සමඟ

(Flower Of Evil (2020) Sinhala Sub)ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.ගොඩක් දවසක ඉදන් හැමෝම ඉල්ලීම් කරපු නවතම කොරියානු කතාමාලවක් සිංහල උපසිරැයෙන් රස ගන්වල අද සිට ලබාදෙන්න තමා මේ සූදානම.

Flower Of Evil කොරියානු කතා මාලාවේ විකාශනය ඇරඹුනේ පසුගිය ජූලි 29 වෙනිදා ඉදන්.ඒ කලින් උපසිරැසි ගන්වල ගෙනාව It’s Okay to not be okay කතාමාලාව විකාශය කල කොරියානු TVN නාලිකාව හරහා..ඉතින් මේ ඩ්‍රාම එක තවමත් විකාශනය වෙමින් පවතින එකක්.ඉතින් බොහෝ දුරට රේටින් එහෙම ගණනය වෙමින් තමයි පවතින්නෙ. මේ වෙනකොට IMDB දර්ශකයේ 9 ක අගයක් , ගූගල් පරිශීලකයන්ගේ 98% ක මනාපයක් වගේම..MyDramalist හි 9.2 අගයල් සටහන් වෙනවා..මේ ඩ්‍රාම එක අයත් වෙන්නෙ Mystery , Thriller , Romance කාණ්ඩ වලට.ඉතින් ඕනිම විදියක කෙනෙක්ට රස විඳින්න පුළුවන් ඩ්‍රාම එකක් මේක.

ප්‍රධාන නලුවා සහ නිලිය දෙසට යොමු වුනහම ප්‍රධාන නලුවා විදියට මේකට එක් වෙන්නෙ  Lee joon- gi විසින්. 7 First kisess, Moon Lovers , Criminal Mind , Iljimae, Hotel De Luna වගේ අපූරු ඩ්‍රාම වල මෙයා රංගනයෙන් දායක වුනා.. ඒ වගේම ප්‍රධාන නිලිය වෙන්නෙ Love Forecast චිත්‍රපටයෙ වගේම Princess Man , Criminal Mind , Tale of fairy වගේ ඩ්‍රාම වල රංගනයෙන් එක් වුනු Moon Chae Won විසින්..ඉතින් මේ දෙන්නම Criminal Mind ඩ්‍රාම එකෙත් මීටන් එක්ව රංගනයේ යෙදිල තියෙනව. ඩ්‍රාම එක සම්පූර්ණ කතාංග 16 කින් යුක්ත වෙනවා..අපි අද උපසිරැසි දෙන්නෙ පලවෙනි කතාංග දෙකට.මං පොඩ්ඩක් විතර කතාව මතක් කරන්නම්.

බෙක් හී සොන්ග් කියන්නෙ ලෝහ කාර්මිකයෙක්..ඒ කියන්නෙ ලෝහ භාණ්ඩ හදන එක තමා කරන්නෙ.ඉතින් මෙයාගෙ වයිෆ් චා ජි වොන් පොලිස් නිළධාරිනියක්..මෙයාලට පොඩි දුවෙකුත් ඉන්නවා.ඒත් මේ දෙන්නගෙ විවාහයට බෙක් හී සොන්ග් ගෙ පවුලෙන් නම් කිසි කැමැත්තක් නෑ..මේ බෙක් හී සොන්ග්ට තියෙන්නෙ තාමත් අභිරහසක් උනු අතීතයක්.2002 වර්ශයේ ලොකු භීතිකාවක් ඇති කරමින් ඇතිවුනු දාම ඝාතන සිද්දියක් ආයෙම කරලියට එන්නෙ ඔය අතරෙ..ඒ ඒකට සමානව සිද්ද වුනු ඝාතනයක් එක්ක.. ඉතින් මේවට බෙක් හී සොන්ග් ගෙ සම්බන්ධයක් තියෙනවද ? කව්ද මෙවකරන්නෙ..ඉදිරියට මොනා වෙයිද ?හැමදේම දැනගන්න සිනෙරූ වෙබ් අඩවිය එක්ක එකතුවෙලා සිංහල උපසිරැසි එක්කම ඩ්‍රාම එක බලාගෙන යන්න.

එහෙනම් ගිහින් එන්නම් මීලග කොටස් දෙක අරගෙන අපේ  ප්‍රියශාන් මල්ලි ඉක්මනින් එයි ඔයාල හම්බවෙන්න..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

13 comments

  1. Asanka Weerasinghe
    Cineru Family Member

    එලම මදුවා..

  2. අලුත් කොරියන් drama එකක් ගෙනාවාට Thank you❤

  3. ස්තූතියි.. ඉල්ලීම ඉටු කලාට..❤️❤️❤️❤️
    උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි

    • SUB එකට THANKS පුලුවන්නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න A Gentleman’s Dignity (2012) ROM-COM / Queen and I (2012) Fantasy, Romance
      ටිකක් පරන වුනාට ලස්සන කතා දෙකක් දෙකටම IMDb 10/8ක් දෙකටම තියෙනවා එහෙමනම් ආයෙත් THANKS SUB එකට මෙකත් It’s Okay to not be okay එක වගේ ඉක්මනට SUB එක දාන්න. GOOD LUCK 👍

  4. Aneeee thank uuu sooo mutch 🤗 doctor stranger,Romance in bonus book ,secret garden, rooftop prince ktha 4th dennkooo

    • rooftop prince 2012 එකනම් ඔයා ඉල්ලලා තියෙන්නේ එකේ sub එක වෙන website එකක දිලා තියෙනවා ටිකක් search කරලා බලන්න

  5. අම්මෝ කොල්ලා ආයෙ වැඩ පටන් අරගෙන වගේ…🔥🔥🔥බොහොම ස්තූතියි සහෝ..🙏අනිත් එපිත් ඉක්මනටම ගේමූ… ජය වේවා 🙏😁🤗🤘

  6. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  7. mithila
    Cineru_users

    thank you sooooo much

  8. නිරෝෂ්

    ස්තුතියි මදුශාන් සහෝ.ජයවේවා!

  9. Thnx bro🤩

  10. supiri, thank you all, tunnel eke sub ekath dennko puluwannam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login