The title of the page
fantasy island 2020 sinhala sub
Fantasy IslandSinhala Subt

Fantasy Island (2020) Sinhala Subtitles |අරුම පුදුම දිවයින|සිංහල උපසිරැසි සමග|

2020 අප්‍රේල් 14 වෙනිදා කියන්නෙ අපේ වෙබ් අඩවියට ගොඩක්ම වැදගත් දවසක්. අද දවසට හරියටම අපේ වෙබ් අඩවිය පටන් අරගෙන හරියටම අවුරුද්දක් වෙනවා. ඒ වෙනුවෙන් තමයි අද මෙහෙම එක දිගට ඔය හැමෝටම සිංහල උපසිරසි දෙන්නෙ. අංජුල සහෝගෙනුයි මගෙනුයි දෙන උපසිරසිය තමයි මේ අරගෙන ආවෙ. එහෙනම් ඉතින් වැඩිය කතා නැතුව සුපුරුදු විදිහටම මේ චිත්‍රපටිය ගැන විස්තර ටිකක් බලලා ඉමු.(fantasy island 2020 sinhala sub)

2020 පෙබරවාරි 6 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු Fantasy Island 2020 චිත්‍රපටියෙ ඔරිජිනල් වෙබ් පිටපතක් අද දවසෙදි තමයි නිකුත් වුණේ. Horror/Thriller ඝණයට අයිති වෙන මේ චිත්‍රපටිය පැය 1 යි විනාඩි 48 ක කාලයක්
ධාවනය වෙනවා.

fantasy island 2020 sinhala subtitle

හැබැයි ඉතින් මේ චිත්‍රපටියෙ රේටින් ගැන බැලුවම නම් ටිකක් විතර අඩු රේටින් ප්‍රමාණයක් තමයි
අරගෙන තියෙන්නෙ. IMDb 4.6 කුත් Rotten Tomatoes වල 8% කුත් තමයි අරගන්න පුළුවන් වෙලා
තියෙන්නෙ. ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් 64% ක් තමයි හිමිවෙලා තියෙන්නෙ. දැන් ඉතින් ගොඩක්
අය මේ චිත්‍රපටිය බලන්නෙ නැතුව ඉඳියිද දන්නෙ නෑ. ඒක ඉතින් තියෙන්නෙ ඔයාලගෙ අතේ. වැඩක් නැති චිත්‍රපටියක්
කියලා හිතන්න එපා. ගොඩක්ම හොඳ නොවුනත් අවුලක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක්.

Blumhouse Productions වගේම Sony Pictures ආයතනයත් එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jeff Wadlow චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. මේ චිත්‍රපටියෙ රූගත කිරීම් වැඩි ප්‍රමාණයක්ම කරලා තියෙන්නෙ ෆීජී’ වල “නවෝඩෝ” බොක්කෙ.

පල්ලෙහායින් තියෙන්නෙ ඒ රූගත කිරීම් කරපු තැන් පොටෝ ටිකක්.

Fantasy Island Sinhala Sub

මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. තවත් කියනවා නම් කියන්න තියෙන්නෙ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටියා වගේම දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියන එක තමයි. ඒ වගේම ඔයාලා සිංහල උපසිරසි ගන්නකොට ඒ සිංහල උපසිරසිය දුන්න ඔරිජිනල් සයිට් එකෙන්ම ගන්න. මොකද දිගටම මේ වගේ වැඩ උනොත් සිංහල උපසිරසි කරන අය අඩුවෙයි. එතකොට ඉතින් ඔයාලටම තමයි පාඩුව. උපසිරසියක් කරන කෙනෙකුට තියෙන ලොකුම හයිය තමයි එයාගෙ උපසිරසියට තියෙන ඩවුන්ලෝඩ් ගානව වගේම ඔයාලගෙන් ලැබෙන කමෙන්ට් එක. ඒක හින්දා තමයි මේ දේත් කියන්න ඕන කියලා හිතුවෙ. තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න.

හැමෝටම බුදු සරණයි 🙏

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අංජුල උමේෂ් සොයුරාට සහ සොමේෂ් ජයරත්න සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.
anjula

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

8 comments

  1. thank you very much.jayawewa

  2. Sthuthi obalata

  3. Godak sthuthi bro. Digtama karanna

  4. Wow supar.. really enjoyed !”
    Thanks brothers .. ❤🎆

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Thnx for sub$

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login