The title of the page
Silly Fellows Sinhala Sub
Silly Fellows Sinhala Sub

Silly Fellows (2018) Sinhala Subtitle | කෝටි 500 කොහේද..? | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.අද අපේ සයිට් එකට ගොඩක් වැදගත් දවසක්.අදට අපේ වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත වෙලා වසරක් සපිරෙනවා.ඉතින් මුලින්ම සිනෙරූ සයිට් එකට සුබ පැතුම් එක් කරනවා.ඒ වෙනුවෙන් මාත් ඉතින් තෙලිඟු චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා.(silly fellows 2018 sinhala sub)

චිත්‍රපටයේ නම තම Silly Fellows.මේක Drama/Comedy වර්ගයට අයත් තෙලිඟු චිත්‍රපටියක්.ඉතින් ඔයාලගෙ ඇගේ ලේ ටික පිරිසිදු කරගන්න පුළුවන් හොඳට මේක බලල ඇතිවෙනකම් හිනවෙලා 😁.මේකට IMDB දර්ශකයේ 6 ක අගයකුත් , ගූගල් පරිශීලකයන්ගෙ 90% ක අගයක මනාපයකුත් හිමිවෙලා තියෙනවා.Bhimaneni Srinivasa Rao තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.

රංගනයෙන් දායක වෙන්නෙ Allari Naresh , Sunil Bhramanandam ඇතුලු කොමඩි නලුවන් සමග සුරූපි නිලි Chitra
Shukla විසින්.මම කලින් උපසිරැසි ලබා දුන්න Rangula Rathnam චිත්‍රපටයේ Chitra Shukla රංගනයෙන් දායක වුනා
මතක ඇති ඔයාලට.

silly fellows 2018 sinhala subtitle

හරි එහෙනම් කතාව පැත්තට යොමුවෙමු.
ජැකට් ජානකීරාම් කියන්නෙ MLA කෙනෙක්.ඇත්තටම මෙයා සාරි ජැකට් මහන එක තමා කලින් කරල තියෙන්නෙ ඒකයි ජැකට් කියන්නෙ..මෙයාගෙ දකුනු අත වගේ ඉන්නෙ වීරබාබු.මෙයා මොකකිව්වත් කරන ටයිප් එකේ කෙනෙක්.ඉතින් මෙයා ලෑස්ති කරපු ජෝඩු 25ක්  බන්දල දෙන උත්සවයක මනමාලයො වගයක් පැනල යනව කලින් දවසෙ රෑ.ඉතින් වීරබාබු කරන්නෙ ජානකීරාම් අපහසුතාවයට පත් නොවෙන්න ගමේ ඉන්න කොල්ලො බලෙන් උස්සන් එන එක මේකට.

silly fellows 2018 sinhala subtitle

අන්තිමේ ඒත් මනමාලයෙක් අඩුවෙලා වීරබාබු එයාගෙ යාලුව සූරිව ශේප් එකේ මේකට අල්ලගන්නව.ඉතින් මේකෙදි විවාහ
වෙන අයට රත්තරං මුද්දකුයි,ඇදකුයි, යහනක් දෙනව.ඉතින් මේ සූරි එයාගෙ කසාදෙට කාඩ් බෙදන්න ආපුවෙලේ තමා මේ
ජංජාලේට අහුවෙන්නෙ..

silly fellows 2018 sinhala subtitle

මෙතනින් එහාට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකො..මරු දේවල් තමයි වෙන්නේ.එහෙනම් ඉක්මනින් මම ආයෙම උපසිරැසියක් අරගෙන එන්නම් ඔයාල හම්බවෙන්න.

නවකයන්ට තැන හදන…
දක්ශයන් ඔප මට්ටම් කරන..
ආදරණීය සිනෙරූ ඔබට සදා ජය ..!

silly fellows 2018 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. (Velainu Vandhutta Vellaikaaran) me movie eke remake ekakda meka

  2. ela bro sinhla sube ekata thanks ruler 2019 telugu film ekatath sube dannnko

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Ane ai mata oyalage internet chrome eken mata subz eka download karaganna puluwan eth mata ekata gelapena fillm eka ganna bene ane please mata udau karanna

    • samitha
      Cineru Family Member

      අපේ ඩවුන්ලෝඩ් සයිට් එකට යන්න එකේ තියෙනවා ගැලපෙන ලින්ක්

  5. උපසිරැසියට බොහොම ස්තුතියි❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login