The title of the page
Fan 2019 Sinhala Sub
Fan 2019 Sinhala Sub
9.3

Fan (2019) Sinhala Subtitles |රසිකත්වයෙන් නොනැවතී..| සිංහල උපසිරැසි සමග |

(Fan 2019 Sinhala Sub) Fan කියන නම ඇහුනු ගමන් තේරෙනවනේ මොන වගේ කතාවක්ද ඇත්තේ කියලා..ෂාරුක් ඛාන් රඟපාපු Fan චිත්‍රපටයත්,ප්‍රිත්විරාජ් රඟපාපු Driving Licence චිත්‍රපටයත් බලපු ඔයාලට ඔන්න දැන් අලුත් Fan අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් ඇවිත් තියෙනවා…මේ චිත්‍රපටය පටන් ගත්තු මොහොතේ පටන් අවසන් මොහොත දක්වා කන්නඩ රසික ඔබේ රසවින්දනය ඒ අයුරින්ම පවත්වා ගනී..

චිත්‍රපටය පැත්තට ටිකක් හැරෙමු…විනාඩි 145 පුරා දිවෙන මේ අපූරු සිනමා සිත්තම IMDB දර්ශකයේ 9.3 වගේ හොඳ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Aryan Gowda සහ සුරූපි නිලි Adhvithi Shetty රංගනයෙන් දායක වෙනවා…චිත්‍රපටය ගැන කියන්න දෙයක් නෑ…මොකද මේක පලමු තප්පරයේ ඉඳලම ඔයාලගේ අවධානය ගන්න එකක් වෙයි…

අපිත් සිනමා ක්ෂේත්‍රයේ කුමන හෝ නලුවකුගේ හෝ නිලියකගේ රසිකයෙක්..රසිකත්වයේද විවිධ මට්ටම් තියෙනවා.ඉතින් ඒ වගේ ලොකු රසිකයෙක් වූ ෂයරිගේත්,සියලු දෙනාගේ ආදරයට විශේෂයෙන්ම කාන්තා රසිකයන්ගේ ජනාදරයට ලක්වුණු දෘශ්‍යාගේ කතාවත් තමා මේකේ තියෙන්නේ..

Sharukh khan රඟපාපු fan සහ prithviraj රඟපාපු driving license මේ චිත්‍රපට දෙකේදිම ලොකු රසිකත්වය නිසා අපහසුතාවයට පත්වුනු නලුවකුගේ කතාවක් තමා තියෙන්නේ.නමුත් මේ කතාව ඒ කතා දෙකෙන් වෙනස්ම සංකල්පයකට තමා නිර්මාණය වෙන්නේ…කන්නඩ නිර්මාණය එතනිනුත් විශේෂ වෙනවා.

නලුවෙක් හෝ නිලියක් වේවා රඟපෑමෙන් ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ රංඟන දක්ෂතාවය පමණි..ඔහු අදාල භූමිකාවට හා තිර රචනයට අධ්‍යක්ෂකගේ තීන්දු තීරණ මත සාධාරණය ඉටු කරන අයෙකුය..එම නිසා ඒ රඟපාන චරිතයෙන්ම ඔවුන්ව දකින්නට උත්සහ කරන රසිකයන්ට වැදගත් පාඩමක් උගන්වන චිත්‍රපටයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.

ඉතින් මේ කතාව බලන්න කියලා මම ආරාධනා කරනවා.ඔබට රසවිඳිය හැකි අපූරු කතාවක් වනු නොඅනුමානයි…තවත් කන්නඩ චිත්‍රපටයකින් හමවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login