The title of the page
ERIDA (2021) Sinhala Subtitles
ERIDA (2021) Sinhala Subtitles
5.5
41

ERIDA (2021) Sinhala Subtitles | “ජීවිත බිලිගත් සූදු සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ (18+)

(ERIDA (2021) Sinhala Subtitles) (ERIDA (2021) Sinhala Sub)

අද ඉතින් පොඩි විශේෂ දවසක් මගේ සබ්ටයිටල් ජීවිතේට.. මම මේ අරගෙන එන්නේ මගේ 100 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම තමයි.. හැබැයි මේ වෙද්දී මම හරියටම සබ් 111ක් හදලා තියෙනවා.. සේරම ඉතින් දෙමළ තමයි.. දන්න තේරෙන භාෂාවනේ ඉතින්.. ( දෙමළ කෙනෙක් තරම් නම් ලොවෙත් දෙමළ බැහැ, ඒත් උපසිරැසි නැතුව දෙමළ ෆිල්ම් එකක් බලන්න පුළුවන් තරමේ දැනුමක් නම් තියෙනවා දැන් ) ඒ වගේම මම සිනෙරූ එකත් එක්ක සෙට් වෙලා හරියටම අවුරුද්දක් වෙනවා.. ( 2021 නොවැම්බර් – 2022 නොවැම්බර් )

ඉතින් මගේ සබ් බලපු අයට හුඟක් ස්තූතියි කියනවා මුලින්ම, ඒ වගේම ඒවා බලලා කමෙන්ට් කරාටත් ස්තූතියි, මොකද මේවා මහන්සි වෙලා හදන්නේ ඔයාලට බලන්නනේ..

ඒ වගේම සයිට් එකේ මගෙත් එක්ක මෙසේජ් කරපු අයට එහෙමත් ඉතින් තෑන්ක්ස්, නම් වශයෙන් කියන්න ගියොත් ඉතින් නම් ගම් මිස් වෙන්න ඉඩ තියෙනවා.. ඒ නිසා ඉතින් නම් වශයෙන් නොකියා ඉන්නම්..

හරි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..

මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා, දෙමළ සිනමාවේ පරණම නළුවෙක් වෙන නසර්, ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය, මලයාලම්, දෙමළ, කන්නඩ, තෙලිඟු කියන හැම භාෂාවෙම වගේ ෆිල්ම් වල රඟපාලා තියෙන සම්යුක්තා මෙනන්..

ඉතින් මේ කතාවේ තියෙන්නේ බඩුමුට්ටු ඉඳන් ඔට්ටුවට දාලා සූදු ගහන්න ඇබ්බැහි වෙච්ච පිරිමියෙක් ගැන කතාවක් තමයි, ඉතින් යන්න යන්න මේ ඔට්ටු ඇල්ලිල්ල හුඟක් දරුණු අතට යනවා, අපේ ප්‍රධාන නිළියත් මේකේ හවුල් කාරියක් තමයි..

කුතුහලෙත් එක්ක බලන්න ඕන නිසා මම වැඩිය කිසිදෙයක් කියන්නේ නැහැ, ඔයාලම බලන්නකෝ මොකක්ද මේ සිද්දිය කියලා.. ඒ වගේම නොහිතන අවසානයක් තියෙන කතාවක් තමයි මේකත්..

එහෙනම් මම ගියා, කලින් වගේ එන එන ෆිල්ම් එක නම් කරන්න බැරිවෙයි, මට පුළුවන් වෙලාවට සබක් දෙකක් අරගෙන එන්නම්..එහෙනම් ආයෙත් කියනවා.. මගේ සබ් බලපු, කමෙන්ට් කරපු සෙට් එකටම තෑන්ක්ස්, ඒ වගේම සිනෙරූ එකේ යාළුවො හැමෝටමත් තෑන්ක්ස්..

ආදරෙයි, ජයවේවා!!
පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම
ONE & ONLY ” නාරා “
( සබ් සීන් එකටම එක නාරා කෙනයි ඈ, ඒ මං තමා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි නාරා සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    One and only “නාරා”………
    One and only “නාරා”………

    Apita balanna sub hadapu oyage mahansiyata
    kepakireemata godaaaaaaaakma pin…….!
    puluwan welawakata sub ekak deepan macho.
    (mama nam hithwe sub ekak damme nethi nisa
    marry karala honey moon gihin kiyala ###@@)
    Jayawewa……….!!

  3. Congratulations and all the very best for the 100th Sub brother! Keep doing the good work. Thanks for helping fellow Sri Lankans to enjoy Tamil movies. God bless you!

  4. Jaya wewa.. Carry on bro and Thanks Bro.

  5. අනේ… Wednesday එකේ ඉතිරි ටිකට ඉක්මණට උපසිරැසි දෙන්නකෝ.

  6. laKMal
    Cineru_users

    100වෙනි උපසිරැසියට සුබ පැතුම් බ්‍රෝ….

  7. nara supiri 💞💪

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login