The title of the page
The Friendship Game (2022) Sinhala Sub
The Friendship Game (2022) Sinhala Sub
3.5

The Friendship Game (2022) Sinhala Subtitles | “සැබෑ මිතුරෝ” | සිංහල උපසිරැසි සමඟ

(The Friendship Game (2022) Sinhala Subtitles) (The Friendship Game (2022) Sinhala Sub)

අපි හැමෝටම යාලුවො ඉන්නවා. ඒත් ඇත්තටම එයාලා අපිට ආදරෙයිද? එයාලා ඇත්තටම අපිට හොද යාලුවොද? ඇත්තටම එයාලා හොද යාලුවොද කියලා බලාගන්න ඔයාට අවස්ථාවක් ලැබුනොත් ඔයා මොකද කරන්නෙ. මෙන්න මේ වගේ Story එකක් තමා මේ කතාවෙත් තියෙන්නෙ. Horror ,Sci – Fi ගණයට අයත් වෙන මේ Film එක Imdb 6.5 ක අගයක් අරන් තියනවා. මේ Film එකේ Peyton list , Bella Thorne ,Brendan Meyer , Dylan Schombing , Jennifer Copping කියන අය තමා රංගනයෙන් දායක වෙන්නෙ

කතාව පැත්තට ගියොත් මේකෙ යාලුවො හතර දෙනෙක් ඉන්නවා. මෙතන කොට්න් කියන කෙනාට සල්පිලක තිබිලා දෙයක් හම්බවෙනවා. මේක විකුනන කෙනා කියන්නෙ මේ සෙල්ලමක්, මිත්‍රත්වයේ සෙල්ලමක් කියලා. මේකෙන් ඔයාට ඔයාගෙ ඇත්තම යාලුවො කව්ද කියලා අදුරගන්න පුලුවන් කියලා. තිබ්බ කුතුහලේ නිසාම අරගෙන ගිම්හාන නිවාඩුවෙ අගදි කොට්න් කියනවා අපි මේක කරමු කියලා. අනිත් අයත් කැමති වෙනවා. මේක සෙල්ලං කරන්නෙ මුලින් හැමෝගෙම ඇගිලි මේ වස්තුව උඩ තියන්න ඕනි. පස්සෙ එයාලගෙ ගැඹුරුම ආශාව කියන්න ඕනි. හැබැයි බොරු බෑ. මේ සෙල්ලම දිනන්නනම් එයාලා හැමදාම යාලුවො විදිහට ඉන්න ඕනි.එයාලා මොන වගේ ආශාවන් කියන්න ඇත්ද? එයාලා හිතුවත් එයාලගෙ යාලුකම් එහෙමම තිබ්බද? හිතපු නැති විදිහට මේ සෙල්ලම එයාලව අමාරුවෙ දානවා.. ඔයාලත් බලන්න. බලලා මොකද්ද ඒ උනේ කියල ඔයාලම හිතලා බලන්න.

එහෙනම් සුබ දවසක්!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. මම අරෝෂ

    ගොඩක් ස්තුතියි ඔබ අප වෙනුවෙන් කරන මේ සේවයට. ඔබට ජය ♥️😁

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login