The title of the page
Entha Manchivaadavuraa sinhala Sub
Entha Manchivaadavuraa sinhala Sub

Entha Manchivaadavuraa (2020) Sinhala Subtitles |බැඳීම් වලට ඉහලින් කිසිවක් නැත|

Entha Manchivaadavuraa 2020 sinhala Subtitles

නෑයෝ කිව්වම සමහරුන්ට වදයක්..සමහරුන්ට ශක්තියක්.ඒක ඉතින් තීරණය වෙන්නේ නෑයො අපිට දක්වන ආදරය කොයි වගේද කියන එක මත.සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකීය සංස්කෘතිය ගත්තම අපි දකින ඕනි කෙනෙකට වයස අනුව බලල මාමා,නැන්දා ,අයියා,අක්ක,මල්ලි මේ වගේ කියල කතා කරන්නේ එයාලා ඇත්තටම අපේම නෑයෝ වෙලා නෙමේනේ.එහෙම කතා කලහම දැනෙනව නේද සෙනෙහස් බවක්.මේකත් එක්තරා විදියක මිනිස්සු අතර ඇතිවන බැදීමක්.තමන්ගේ කියල කව්රුත් නැතුව තනිවුනු අයත් තනිවෙන්නෙ නෑ මොකද ඒ මම කිව්ව සෙනෙහස් බව එයාලට ලබාගන්න පුළුවන් කරුණාව පිරුනු හදවත් ඇති අයගෙන්..

ඉතින් මේ වගේ බොහෝ දේවල් එක්ක ජීවිතයට අලුත් දෙයක් එක් කරන තවත් අපූරු තෙලිඟු සිනමාපටයක උපසිරැසි අරගෙනයි මම ආවේ.එහෙනම් කතාව පැත්තට යමු.

මේ වසරේම ජනවාරි 15 වෙනිදා තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ Satish Vegesna විසින්.Drama / Action යන කාණ්ඩවලට අයත් මෙහි ප්‍රධාන නලුවා ලෙසින් එක් වෙන්නේ 118 , MLA වගේ චිත්‍රපටිය ගනනාවක රංගනයෙන් එක්වුනු Nandmuri Kalyan Ram විසින්..ඒ වගේම වසර ආරම්භයේම.. 2020 ජනවාරියේ චිත්‍රපටිය 3කට රංගනයෙන් දායකවුනු සුරූපි යුවතිය Mehreen Prizada මෙහි ප්‍රධාන රංගනශිල්පිනිය ලෙසින් එක් වෙනවා..

කතාව ගත්තොත් මෙහෙමයි..බාලු කියන්නෙ කෙටි චිත්‍රපටි රංගපාන කෙනෙක්.ඒවයේ නිශ්පාදකයා වෙන්නේ පුංචි කාලෙ ඉදන් බාලු එක්ක ඉන්න නන්දු.බාලු පුංචි කාලෙම එයාගෙ අම්මයි,තාත්තයි මැරෙනව ඉතින් පස්සෙ නෑයොත් මෙයාව තනියම අතෑරල ගියහම නන්දුගෙ තාත්තා තමා මෙයාව හදාගන්නේ.නන්දුගෙ අම්මනම් බාලුට කැමති නෑ.ඒත් නන්දුට බාලු ගැන තියෙන්නෙ පුදුම ආදරයක්..කතාව ඔහොම යද්දි බාලු මේ අයට හොරෙං කරන වැඩක් ගැන නන්දු ඇතුලු යාලිවන්ට සැක පහල වෙනවා..

ඉතින් ඒ මොකක්ද ? කතාව ඉස්සරහට කොහොම වෙයිද?

මේ ඔක්කොම දැනගන්න විනෝදාත්මක වගේම ක්‍රියාදාම සහිත මේ අපූරු තෙලිඟු චිත්‍රපටියත් අරගෙන බලන්න කියන ගමන් මම ගිහින් එන්නම් ආයි උපසිරැසියකින් හම්බෙනකම්..පුලුවන් අය කමෙන්ට් එකක් එකතු කරන්න..ඒක වටිනවා

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. එල මචන් සුපිරි Thanks මදුවා………

  2. Thanks bro සබ් එකට

  3. thanks sub ekata (madushan priyankara) jayawewa………… Cineru.lk team eke set ekatama jayawewa………

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login