The title of the page
End Game 2021 Sinhala Sub
End Game 2021 Sinhala Sub
6.3
86

End Game (2021) Sinhala Subtitles | “අවාසනාවන්තයාට පෑදුණු වාසනාව” | සිංහල උපසිරැසි සමඟ

(End Game (2021) Sinhala Subtitles)
දෙන දෙයියො තැන නොබලාම දෙනවලු…..අන්න ඒ වගේ වාසනාවක් තමා චෙන් ෂියාඔමෙන්ග්ටත් පහළ වුණේ. ෂියාඔමෙන්ග් කියන්නෙ කොටින්ම මහ අවාසනාවන්ත හැමදේම නැති වෙච්ච නළුවෙක්.අඩුම තරමේ මිනිහට මැරෙන්නවත් වාසනාවක් නෑ. ෂියාඔමෙන්ග් දවසක් ටවුන් එකේ තියෙන bathhouse එකකට යනවා නාන්න.එතනදී මෙයාට පෝසත් කෙනෙකුත් දැනගන්න ලැබෙනවා.ඒ තමා ෂෝ ක්වාන්.මිනිහත් සෙල්ලම් පොරක් නෙවෙයි,කුලී ඝාතකයෙක්.ඔන්න ඔතනදී ෂියාඔමෙන් ගගා හිටපු සබන් කෑල්ල බිම වැටිලා නාන්න ආපු ෂෝට පැගිලා ලිස්සලා ගිහින් අනතුරක් වෙනවා.ඒකෙන් ෂෝ ගේ මතකය තාවකාලිකව අමතක වෙනවා.ෂෝ ක්වාන් පෝසත් කෙනෙක් කියලා දන්න නිසා ෂියාඔමෙන් හිමීට ෂෝ ගෙ අනන්‍යතාව අරගෙන එයාගෙ අනන්‍යතව මාරු කරගන්නවා.දැන් ඉඳන් තමා කතාව පටන් ගන්නේ…කතාවනම් මම වැඩියෙක් කියන්න යන්නේ නෑ,මොකද මුල් ටික අහපු ගමන්ම ගොඩක් මේ වගේම story යක් තියෙන ෆිල්ම් දෙකක් බැලුවා වගේ කියලා මතක ඇති.
                                  ඔන්න එහෙනම් මේ අවුරුද්දේ චීනේ තිරගත වුණ අලුත්ම චිත්‍රපටියක් අරගෙන තමා අද මම ආවේ.නම තමා END GAME. Action-comedy කාණ්ඩයෙන් 2021 පෙබරවාරි 12 වෙනිදා තමා මේ චිත්‍රපටිය තිරගතකිරීම ආරම්භ කළේ. ඇත්තටම මේ චිත්‍රපටිය ‘Key of Life (2012)’ ජපන් චිත්‍රපටියේ Chinese remake එක.ඒ වගේම තමා මේ කතාවම ‘The Lucky Key’ නමින් 2016 දීත් කොරියාවේදි ප්‍රතිනිර්මාණය වුනා.මේ වෙනකොට IMDb දර්ශකයේ 6.3 අගයකුත්,83% ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබාගෙන ඇ.ඩො.මි. 117.5 ක ආදායමකුත් ලබාගෙන බොක්ස් ඔෆිස් වාර්තා අතරටත් එන්න පුළුවන් වෙලා තියෙනවා.
            The Wandering Earth (2019),  A cool Fish (2018) වගේ ආදායම් වාර්තා බිඳ හෙලපු  චිත්‍රපටවල අධ්‍යක්ෂක Rao Xiaozhi  මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරය විදිහට කටයුතු කරනවා.ඒ වගේම Andy Lau (Zhou Quan), Xiao Yang (Chen Xiaomeng), Wan Qian (Li Xiang) වගේ ජනප්‍රිය නළු නිළියනුත් මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.
 
    එහෙනම් චිත්‍රපටිය නරඹලා රසවිඳින්න කියන ගමන් මම ඔයාලගෙන් දැනට සමුගන්නවා.ඔයාලට සුභම සුභ දවසක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Vacation Friends (2021)

  3. MUCHAS GRACIAS hermano….

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි මචන් ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login