The title of the page
5.5
69

Dhowlath (2020) Sinhala Subtitles | “කළු කොකේන් ගණුදෙනුව” | සිංහල උපසිරැසි සමඟ

(Dhowlath (2020) Sinhala Subtitles)

2020 නොවැම්බර් මස 27 වන දින ප්‍රදර්ශණය ආරම්භ කරන ලද මෙම සිනමාපටය ප්‍රධාන චරිතය, චිත්‍රපටයේ කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය යන සියල්ල සිදුකර ඇත්තේ සංජේ සිවාන් විසිනි. Action,Drama යන කාණ්ඩය යටතේ මෙය වර්ගීකරණය කර තිබේ‍. එහෙනම් ඔන්න ආයෙත් වතාවක් දමිල සිනමාවකට උපසිරසි අරනෙ තමයි මේ ආවේ. ඓහනම් මේකතට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කරනවා.

දමිල සිනමාවේ වර්ථමානයේ හාස්‍ය නළුවෙකු ලෙක ප්‍රසිද්ද යෝගි බාබුද මෙම සිනමා පටයෝ පොඩි ජෝක් කෑලි ටිකක් දානවා. ඉතින් කථාවනම් යන්නේ ලෝකෙම ප්‍රසිද් ධ කුඩු ජාවාරම් කේස් එකක් ගැන.කොකේන් කියන්නේ මිළ අධිකම මත්ද්‍රව්‍ය වර්ගයක්. එකෙත් වර්ග තියෙනවා. කළු කොකේන්, සුදු කොකේන්, තැබිලි කොකේන්, දුබුරු කොකේන් කියලා වර්ග ගානක් තියෙනවා.
මේ කළු කෙකේන් කියන්නේ ඉන්දියාවේ ඉතා දුර්ලභ නිෂ්පාදනයක් තමයි.ඉන්දියාව පුරාම ගත්තොත් ලැබෙන්නේ සුදු කොකේන් විතරයි. නයිනා කියන්නේ සිවාජි නගරයේ (බැංගලෝර් වල) ඉන්න මේ මැර කල්ලි නායකයෙක්. එයාගේ අනුදැනුමක් නැතුව මෙහේ කිසිම දෙයක් වෙන්නේ නෑ. නයිනාගේ විශ්වාසමවන්ත කෙනා තමයි ඇලෙක්ස් කියන්නේ.නයිනා විසින් මෙහෙයවන හැම වැඩකටම නායකත්වය දෙන්නේ මේ ඇලෙක්ස් තමයි. මේ අතරේ ගෝවා වල ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් තමයි ධෞලත් කියන්නේ. එයාගේ වැඩ කරන්නේ ජේම්ස් කියලා කෙනෙක්.
මේ ධෞලත්ට දවසක් ඇමතිවරයෙක් කෝටි ගානක වැඩක් දෙනව. ඒක තමයි බැංගලෝර් වල තියෙන කළු කොකේන් වගයක් චෙන්නායි වලට ප්‍රවාහනය කරන එක. මේකට මේ දකුණු ඉන්දියාවේම ඉන්න ධෞලත් කියන ලොකුම ජාවාරම් කාරයා තමයි කරන්න යන්නේ. මෙයාලා බැංගලෝර් වලට ඇවිත් වැඩේ කරන්න පටන්ගන්නවා. ඒත් ප්‍රශ්ණයක් නිසා නයිනාගේ කණ්ඩායමේ ඇලෙක්ස් ධෞලත්ව මරනවා. මේක ඇලෙක්ස් එයාගේ කණ්ඩායමේ ජෙම්ස්ට කියනවා.
ජේම්ස් ඇලෙක්ස්ගේ කටහඩ අහපුවාම ඒකත් ධෞලත්ගේම කටහඩට සමාන එකක්. එතනින් එහාට තමයි වැඩේ වෙන්නේ.
මේ ජේම්ස් ඇලෙක්ස්ට මොනවා කරයිද..?
එයාගට කොකේන් ටික චෙන්නායි වලට අරන් යන්න පුළුවන් වෙයිද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා.එහෙනම් ආයත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙනකම් සියළු දෙනාට තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Action,Drama
අධ්‍යක්ෂණය : Sakthi Sivan
රංගන ශිල්පීන් : Rashmi Gautam, Sakthi Sivan, Yogi Babu,
ධාවන කාලය : 2h 10 min
තිරගත කල දිනය : 27 November 2020 (India)
IMDB අගය : 5.5/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

10 comments

  1. Arawinda Sunimal

    THANKS UDAYA SAMAN

  2. meke film eka download krnna links nane

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් 👌🔥

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  6. Thanks තව දෙමල එකක් ඔනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login