The title of the page
6.2
69

Elektra (2010) Sinhala Subtitles | දෙවඟනක්ද? උමතුවක්ද | සිංහල උපසිරැසි සමග

මම මේ චිත්රපටිය ගැන කියන්න හිතුවෙ ඇත්තටම ඒක ටිකක් සුවිශේෂී වෙනස් ආරක චිත්රපටියක් නිසා. ඒ වගෙම කියන්න ඕනෙ මේකෙ අපේ රට ගැනත් පොඩ්ඩක් කියවෙනවා. ‘කළම්බු’ කියන වචනෙ ගොඩක් තැන් වල ඇහෙනවා, හැබැයි කළම්බු විදියට නෙවෙයි; එයාළගෙ උච්ඡාරණය ඊට වඩා පොඩ්ඩක් වෙනස්.

ඒබ්රහම් ටිකක් මැදි වයසත් පහු කරගෙන යන පුද්ගලයෙක්;ලංකාවෙ යාපනේ ඉඳලා කාලෙකට පස්සෙ තමන්ගෙ ගෙදරට යනවා. ගෙදර ඉන්නෙ ඒබ්රහම්ගෙ නෝනයි දුවයි. එයාලගෙ පුතා ඉන්නෙ කොළඹ. තාත්තා ගෙදර ආපු එක ගැන දුව ගොඩක් සන්තෝස වෙනවා. ඒක සාමාන්ය දෙයක්නෙ නේද? දුවලා කොහොමත් තාත්තලටනේ වැඩිපුර එකතු, තාත්තලත් දුවලට තමයි වැඩිපුරම සපෝට් කරන්නෙ😊. ඒත් මේ අම්මයි දුවයි අතරෙ නම් මොකක්හරි විරසකයක් තියනවා වගේ පේනවා. ඒකත් සාමාන්ය දෙයක්නෙ කියලා හිතන්න පුලුවන්.

ඉතින් ඒබ්රහම් ගෙදර ඇවිල්ලා ගෙට ගොඩ වෙන්නත් කලින්ම එයාගෙ දුව එයාට මොනවහරි දෙයක් ගැන කියන්න හදනවා. නමුත් අම්මා ඒ කතාව වෙන පැත්තකට හරවනවා. කොහොමහරි එදා රෑ හදවත් රෝගියෙක් වුන ඒබ්රහම් හදිස්සියේම මිය යනවා. මේ මරණය ගැන අම්මයි දුවයි එකිනෙකාට චෝදනා කර ගන්නවා.

ඇත්තටම ඒබ්රහම් මැරුණද, නැත්තන් මැරුවද? 
මරලා නම් ඔහුව මැරුවෙ බිරිඳද? දුවද? නැත්නම් බිරිඳගේ පෙම්වතාද?
මේ තරම් දරුණු විදියට එකිනෙකාට චෝදනා කරගන්න තරම් මේ අම්මටයි දුවටයි තියන ප්රශ්නෙ මොකද්ද?
පවුලට ඉතුරුවුනු එකම පිරිමියා වෙන ඒබ්රහම්ගෙ පුතා මේ සිදුවීම් වලට මොන විදියට ප්රතිචාර දක්වයිද? 

උත්තර චිත්රපටියෙ තියනවා

2010 අවුරුද්දෙ ආවා malayalam film එකක් තමයි  Elektra කියන්නේ. Drama, Thriller කාණ්ඩ යටතට වැටෙන සලරුවක්.Elektra චිත්රපටිය තෙලිඟු හඬ කවලා Lady Tiger විදියට ⁣මේ අවුරුදදෙ නැවත ප්‍රදර්ශනය කරලා තියෙනවා. මුල් මලයාලම් සලරුව IMDb දර්ශකයේ 6.3 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. චිත්රපටිය අධ්යක්ෂණය කරලා තියෙන්නෙ ශ්යාමප්රසාද් කියන අධ්යක්ෂකවරයා. 2011 වසරේ Kerala State Film Awards හිදී හොඳම අධ්යක්ෂණය සඳහා වන සම්මානය දිනාගන්න ඔහු සමත් වෙලා තියනවා. Hey Jude චිත්රපටයත් ඔහුගේම තමයි.

රඟපාන්නෙ කවුරුත් දන්න කියන කට්ටිය. මුලින් කිව්ව වගේ නයන්තාරා, one and only ප්රකාශ් රාජ්, සුරූපී මනීෂා කොයිරාල සමග බිජූ මෙනන් ප්රධාන චරිත සඳහා දායක වෙනවා. අධ්යක්ෂණය සහ රඟපෑම ගැන කියන්න දෙයක් නෑ, අතිවිශිෂ්ඨයි!! විශේෂයෙන්ම ප්රකාශ් රාජ්ව හැමදාම දුෂ්ඨයෙක් විදියට දැකලම එපා වෙලා නම් වෙනසකටත් එක්ක මේක බලන්න පුලුවන්.
තව දෙයක් කියන්න ඕනෙ.

මේ දවස්වල පීක් එකේ තියන චිත්රපටි වගේ සාම්ප්රදායික ප්රේම කතා, සටන් ජවනිකා තියන චිත්රපටි විතරක්  බලන උදවිය මේක බලන්න එපා. එපා කියන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි, ඔයාට චිත්රපටිය එපා වෙනවා. මේක ටිකක් psychology පැත්තට බර තේමාවක් මූලික කරගත්ත ගැඹුරක් තියන කතාවක්. ප්රධාන කතාවට අමතරව මිනිස්සුන්ගෙ ජීවිතවල කලු සහ සුදු පැති ගැනත් නොකියා කියලා තියනවා කියලා කෙනෙක්ට හිතෙයි. මිනිස්සු එකිනෙකා අතරේ ඇතිවෙන භෞතිකමය ගැටුම් වලට වඩා මිනිස්සුන්ගෙ හිත ඇතුලේ තමන් සමඟම ඇතිවෙන මානසිකමය ගැටුම් නිසා වෙන හානිය බරපතලයි. ඒ මානසික ගැටුමට හේතුව මානසික රෝගයක් වුනොත් තත්වය තවත් බරපතල වෙනවා.

අවසාන වශයෙන් Elektra කියන්නෙ ග්රීක පුරාවෘත්ත වන එන චරිතයක්. ඉලෙක්ට්‍රා සහ ඇගේ සහෝදරයා වන ඔරෙස්ටස් විසින් ඔවුන්ගේ පියාව ඝාතනය කලා යන සැකය මත අම්මව මරා දමනවා. එසේම මනෝ වෛද්‍යවිද්‍යාව පැත්තෙන් සැලකුවොත් Electra Complex කියලා හදුන්වනු ලබන රෝගයක් තිබෙනවා. ‘ගැහැණු ළමයෙක් තම පියාගේ අවධානය වෙනුවෙන් මව සමඟ ඇති කරගනු ලබන තරඟය’ කියලා සරලවම එය හඳුන්වන්න පුලුවන්.

ලිපියේ අයිතිය ඉන්දීවරි සොහොයුරියට හිමිවිය යුතුයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

10 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    සුබ පැතුම් පලවෙමි සබ් එකට.
    Welcome to Sub world from GMWW

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… 👊👍
    ජය වේවා.! 😊

  3. Rumesh
    Cineru Family Member

    Peter අයියා ❤️

  4. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට ❤️

  5. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Thank you,,,,,god bless you and your family,,,,,

  7. ගොඩක් පිං සහෝ

  8. thanks sub ekata jayawewa………

  9. Bro mata therenne nee Meken movei balanna so pls help me because mn download kalata bro movie eka denne nee bn tikak karana heti kiyala denna puluvanda pls

    • samitha
      Cineru Family Member

      මේකෙන් මුවි බලන්න බැහැ මේ සයිට් එකේ තියෙන්නේ සිංහල උපසිරැසි ෆයිල් .අපේ ඩවුන්ලෝඩ් සයිට් එකට ගිහින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ මේකන් සිංහල උපසිරැසි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා video ෆයිල් එකට දාගෙන බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login