Eesho Sinhala Subtitle
Eesho Sinhala Subtitle
8.1
71

Eesho (2022) Sinhala Subtitles | “ගැළවුම්කරුවා” | සිංහල උපසිරැසි සමඟ

(Eesho (2022) Sinhala Subtitles) (Eesho 2022 Sinhala Subtitle) (Eesho Sinhala Subtitle)

දිගු නිහැඬියාවකින් පස්සෙ සුපුරුදු විදියටම අදත් සුපිරි මලයාලම් චිත්‍ර පටයකට උපසිරැසි අරන් ආවා. අවසාන වතාවට උපසිරැසියක් අරගෙන ඇවිල්ලා මතක විදියට අවුරුද්දක් විතර වෙනවා. කොහොම උනත් දැන් වෙබ් අඩවියත් එක්ක විශාල උපසිරැසිකරුවන් සංඛ්‍යාවක් එකතුවෙලා ඉන්න නිසාත් අධ්‍යාපන කටයුතු වලට ලොකු කාලයක් වෙන් කරන්න ඕන නිසාත් වැඩිය ජනතාව අතරට එන්නෙ නැහැ. හොඳ නිර්මාණ නිකුත් වෙද්දි උපසිරැසි කරන්න දහස් වතාවක් හිතෙන්න ඇති. ඒත් ඉතින් කාලය හැම දේකටම හරස් වෙනවනෙ. කොහොම උනත් මතක් කරන්න ඕනා මේ වෙබ් අඩවිය එදා ඉඳලා අදටත් ඒ විදියටම පවත්වගෙන යන සිනෙරූ ඇඩ්මින් මඩුල්ල ගැන. ඒ දවස් වල නම් නිතරම මේ පැත්තෙ කරක් ගැහුවට දැන් නම් වෙලාවක් නෑ කියද්දි, මාව දකිනකොටම උපසිරැසියක් තියෙනවා කරමුද කියලා නිතරම අහන සිනෙරූ ටීම් එකත් බොහොම ආදරයෙන් මතක් කරන්න කැමතියි.

මේ මලයාලම ගැන විස්තර කියනවා නම්, මේක IMDb මීටරේ 8.1 කට කරකවන්න වගේම ගූගල් පරිශීලක මනාප 71% ක් ලබාගන්න සමත් වුන crime/thriller කාණ්ඩයට අයත් වන විනාඩි 107 ක් පුරාවට ඇස් අහකට ගන්නෙ නැතුව බලන්න පුලුවන් සුපිරිම නිර්මාණයක්. මේ කතාවෙ ප්‍රධාන චරිතය වන ශිවාගෙ චරිතයට පන පොවන්නෙ මලයාලම් සිනමාව තුලින් නිතර දකින Jayasurya. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Nadirshah විසින්.

මේ කතාවෙ කතා නායකයා තමයි ශිවා. තමන්ගෙ පවුල නඩත්තු කරන්න ඩුබායි ගිහින් රස්සාවක් කරන කාටවත් කරදරයක් නැති කෙනෙක් තමයි ශිවා. ශිවාගෙ දුව ශිවානි හිටි හැටියෙම තමන්ගෙ පාසලේ ගුරුවරයෙකුගෙන් අපයෝජනයට ලක් වීමත් එක්ක තමයි ශිවාගෙ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ.. ඒත් මේ කතාවට පාදක වෙන්නෙ වෙනත් අපයෝජන සිද්ධියක්. ඒ සිද්ධියෙදි කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා ඒ තමයි පිල්ලෙඅච්චා… පිල්ලෙඅච්චා මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?.. ඇත්තටම මේ කතාවෙ ඊශෝ නැත්තම් ගැළවුම්කාරයා වෙන්නෙ කවුද ?.. මේ අපයෝජන සිද්ධි වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වෙයිද.. කියලා ඔයාලම බලන්නකෝ..

මේ චිත්‍රපටයේ අඩංගු බොහොම ලස්සන ළමා ගීතයක් වන Minnaminni Penne ගීතයත් උපසි‍රැසි ගන්වලා තියෙන්නෙ.. එහෙනම් බලලා අඩුපාඩු කියාගෙනම යන්නකො.. වෙබ් අඩවියේ පැවැත්මට උපසිරැසි වලින් දායකවෙන වෙබ් අඩවියේ වර්තමාන පුරුක් වලට සුභ පතන ගමන් නැවත කවදා හරි ඉඩක් ලැබුණු ගමන් උපසිරැසියක් ඔයාලට අරගෙන එනවා කියන පොරොන්දුවත් එක්ක අදට නවතින්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4411|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Theerppu (2022) me malayalam ekt sub dendako sahoo Tnx

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  4. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  5. Ps-1 ෆිල්ම් එක දාපන්කෝ මචන් ❤❤❤❤😔😔😔😔😔😔😘😘😘

    • Anjula Umesh
      Cineru Family Member

      ෆිල්ම් එක ආවේ තියටර් වලට විතරයි..තාම ඩිජිටල් රිලීස් වෙලා නෑ..

  6. ස්තුතියි උපසිරැසියට
    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  7. Laal Singh Chadha (2022) HD + ESub
    මේ ෆිල්ම් එකේ HD ආවා මේකටත් සබ් දෙන්නකෝ

  8. umesh maduranga
    Cineru Family Member

    සබ් එක සුපිරියටම දිලා තියෙනවා thank you බ්‍රෝ

  9. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *