The title of the page
Dwaraka

Dwaraka (2017) Sinhala Subtitles | ආදරයෙන් බැඳුනු පූජකතුමා | සිංහල උපසිරැසි සමග |

ෆිල්ම් එක ගැන කරොත් 2017 අවුරුද්දේ  මාර්තු 3 නිකුත් වුනු තවත් අපූරු තෙලිඟු සිනමාපටයක් තමයි මේක.IMDB දර්ශකය තුල 5.6 ක අගයකුත්, Google භාවිතා කරන්නන්ගෙන් 87% ක ප්‍රසාදයකුත් මේ සඳහා ලැබී තිබෙනවා.කෙසේ වෙතත් මේ චිත්‍රපටය තුලින් ඉන්දියානු රුපියල් මිලියන 40කපමණ ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා..

ප්‍රධාන චරිත ගැන කතා කරොත්..Pelli choppulu,Arjun Reddy,Nota වගේම ගෙවුනු 2018 වසරේ තිරගත වුනු Geetha Govindam චිත්‍රපටය හරහා තෙලිඟු සිනමාවේ පෙරලියක් ඇති කල Vijay Dewarakonda ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් එක් වන අතර Touch chesi chudu ,Thodari ආදී සිනමා පටවලට රංගන දායකත්වය ලබා දුන් හුරුබුහුටි රුවැත්තිය Pooja jhaveri ප්‍රධාන නිලිය ලෙස එක්වනවා.
මීට අමතරව තෙලිඟු සිනමාවේ නිතර දක්නට ලැබෙන නලු නිලියන් රැසක් මේ සඳහා එක් වී තිබෙනවා..
එහෙනම් මං කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.
Erra Srinu කියන්නේ තමන්ගෙ අඹ යාලුවො දෙන්නත් එක්ක හොරකම් කරල ජීවත් වෙන කොල්ලෙක්..ඉතින් මේ තුන් දෙනා ගහපු රොබරියක් මාට්ටු වෙලා අම්බනෙක පොලීසියෙන් කනවා.ඒ පොලිසියෙ ඉන්නෙ දූශිත නිලධාරියෙක් හින්ද සල්ලි ටික දීල ශේප් වෙනව.

ඊට පස්සේ ආයි කෝවිලේ දේව ප්‍රතිමාව උස්සන්න යනකොට වැඩේ මාට්ටු වෙනව..එතෙන්දි තමා සීනුට..වසුන්දරාව හම්බෙන්නේ…ඉතින් කෝවිලේ හිටිය අය ගහන්න එලෝනකොට මෙයා දුවල හැංගෙනවා.ඔන්න ඊට පස්සේ තමා මෙයාගේ ජීවිතේ වෙනස්ම පැත්තකට .හැරෙන්නේ…මොකද වෙන්නේ බලලම ඉන්න.

සල්ලි සල්ලිමද ජීවිතේ..
ආදරය හමුවේ මේ සියල්ල කැප
කල හැකිද .?

ජීවිතේට ආදර්ශ රැසක් සපයන මේ චිත්‍රපටයත් තෙලිඟු සිනමා රසිකයින් හැමෝටම නරඹන්න ආරාධනා කරනවා…ඒ වගේම අඩුපඩු තියේනම් සමාවෙන්න……නැවත උපසිරස ගැන්වීමක් සමග හමුවනතුරු…..
ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. Thanks sub ekata The Angry Birds Movie 2 sub dennko download site eke thibba

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. thnz sub ekata hobs and shows ekata sub denne nadda site eke kawuruth

  4. thnz sub ekata hobs and shows ekata sub denne nadda site eke kawuruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login