The title of the page

Dorasani (2019) Sinhala Subtitles|යදම් බිඳ දැමූ යෞවන ප්‍රේමවෘතාන්තය|සිංහල උපසිරැසි සමග|

මමයි සිහිනය …නුඹයි මූර්තිය
මමයි වලාකුල…නුඹයි වර්ශාව
මමයි කාව්‍ය…….නුඹයි තාලය
මමයි රාත්‍රිය…….නුඹයි සඳ

ප්‍රියාවියේ, මගේ ප්‍රේම කාව්‍යයේ කතාව නුඹයි
මගේ සිහිනයට පිවිසි පලමු විශ්වයත් නුඹයි…

ආයුබෝවන් 🙏  සියලුම සිනමාලෝලී රසික රසිකාවියන්ට..

කෝඩුකාර යෞවනයන් ආදරයෙන් බැදුනහම..ඔවුන්ව නවත්වන්නට හැකි කිසිවෙක් නැහැ.නමුත් ඇතමුන් හදාගෙන තියෙන සමාජ මතවාද..බොරු ආටෝප නිසා මේ විදියට ආදරයට පමණක් සීමා වී එක් වෙන්න නොහැකි ආදරවන්තයින් අද කොතරම් නම් පසුතැවෙනව ඇත්ද..? සමහරුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න වෙලා තියෙනවා..ආදරය කියන්නේ එහෙම දඩුවම් ලබන්න තරම් මහා අපරාධයක් ද ..?

එහෙනම් මේ සූදානම තෙලිඟු සිනමාවට එක්වුනු ඒ වගේ තවත් හැගුම්බර ප්‍රේමවෘතාන්තයක් මගේ තිස් දෙවන උපසිරැසිය ලෙසින් රසගන්වල ඔබට සමීප කරන්න..

පසුගිය ජූලි 12 වෙනිදා තමයි මේ Dorasani චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ..මාස ගානකට පස්සෙ ඊයෙ දිනයේ තමයි ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ..ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවනම් Drama , Romance කාණ්ඩයට අයත් චිත්‍රපටයක්..,IMDB දර්ශකය තුල 6.4 ක අගයක් සහ ගූගල් පරිශීලකයන්ගේ 83% ක මනාපයත් මේකට හිමිවෙලා තියෙනවා.අධ්‍යක්ෂණය සිදු කරල තියෙන්නේ K.V.R. Mahendra විසින්..

අපි හැමෝම දන්න තෙලිඟු සිනමාවේ පෙරලිකාර තරුව Vijey Dewarakonda ගේ සහෝදරයා Anand Devarakonda තමයි මේකෙ ප්‍රධාන නලුවා ලෙසින් එක් වෙන්නෙ.ඉතින් ඔහුගෙ පලවෙනි චිත්‍රපටය තමයි මේ..

එතරම් සිනමාව තුල දක්නට නොලැබෙන සිනමාපට කීපයකට විතරක් රංගනයෙන් දායක වෙලා තියෙන හුරුබුහුටි රුවැත්තියක් ලෙස Sivatmika Rajasekhar තමයි ප්‍රධාන රංගනශිල්පිනිය වෙන්නේ..

Dorasani Pre Release Event
Dorasani Pre Release Event

Dorasani Pre Release Event
[Vijay , Anad , Sivatmika]

කතාව ගැන කෙටි මතක්කිරීමක් කලොත් දේවකී කියන ගමේ හාමුගෙ දුවට පෙම් බදින රාජු කියන අහිංසක අඩුකුලේ කොල්ලෙක් සහ මේ දෙන්නගෙ ආදර කතාව තමයි මේකෙ කතාව වෙන්නේ..ඉතින් කොහොම ගලාගෙන යන කතාවක්ද කියල බලලම ඉන්න වෙනවා.. එහෙනම් මම ගිහින් එන්නම්..

තවත් අපූරු සලරුවක සිංහල උපසිරැසි අරගෙන එන්නම් කට්ටිය හම්බවෙන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. Asanka Weerasinghe
    Cineru Family Member

    ස්තුතියි මචං😌❤️🔥

  2. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  3. Kohomada machn film aka download karanne?
    Tvseriesandmovies.com web site aka wada karan nahane..

  4. ස්තුතියි සබට සහෝ.

  5. Kavi Jayasinghe
    Cineru_users

    Tnx mchooooo

  6. Pasindu Jayashan
    Cineru Family Member

    තෑන්ක්ස් මදුවා 😍😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login