නිදහස දියවූ !! නිදහස දියවූ !! නිදහස දියවූ !! කියලා කෑ ගැහුවට නිදහස නිකන් ආ..මෙන් ගනින් කියලා දුන්න දෙයක් නෙමෙයි !!
නිකන් හිතන්න අපේ රට ,මේ පොළොවේ තමයි අපි පය තියලා ඉන්නේ.මේ අපේ මාතෘ භුමිය.අපි මේ නිදහසේ පය ගහලා යන්නේ කීදෙනෙක් ගේ ජිවිත කැපකිරීම නිසාද? අපි පොඩ්ඩක් බලමුද අපේ රටේ අතීතය දිහා අපිත් ජාතින් තුනකට යත් වෙලා හිටියා එක කට්ටිය දන්නවා ඇතිනේ ඉතින් .ඉතින් සමහර සටන් අපි පැරදුනේ මොකද ? අපේ අය දක්ෂ නැති නිසාද ? නැහැ අපි ඒ කාලේ ඉදන්ම අපේම දේවල් වලින් සටන් කරපු මිනිස්සු ජාතියක් අංගම්පොර කියන්නේ (Made in China) දෙයක් නෙමෙයි බොලවූ කෑ ගහලා කියන්න පුළුවන් පර සුද්දන්ට විරුද්දව සටන් කරපු අපේ උන්ගේම සටන් ක්‍රමයක්. එත් අයි මෙච්චර ගරිල්ලා සටන් ක්‍රම තිබුණු අපි සමහර සටන් පැරදුනේ රට යටත් විජිතයක් උනේ. එක උනේ සුද්දන්ගේ කාසි වලට යට වෙලා අපේම උන් අපිවම පවා දුන්නු නිසා.ඒ නිසා යුද්ධයක් කරන කොට කලින්ම නසන්න ඕනේ තමන් ලග මිතුරු වෙසින් ඉන්න හතුරෝ..හැම යුද්ධයක්ම පටන් ගන්නේ එක මනුස්සයෙක් ගෙන්.
1948 පෙබරවාරි 4 තමයි අපේ රටට නිදහස ලැබුනේ ඒ දවස වෙනකන් සැහෙන දෙනක් තමන්ගේ ජිවිත පුජා කළා. මොකට මන් මේවා කියන්නේ කියලා බලනවා අයට කියන්නම් දැන් අපි මේකතා කරන්නේ අපි දැන් දෙන්න ඉන්න අලුත් ෆිල්ම් එක ගැන,
නරසිංහ රෙඩ්ඩි කියන්නේ තමන්ගේ අන්තිම ලේ බින්දුව වෙනකන් සටන් කරපු වීරයෙක් ඉන්දියාවට නිදහස ගෙන්න මුල් වෙඩි උණ්ඩය තමයි ඔහු.
හැම රටක් වගේම ඉන්දියාවත් උනා මේ යටත් වෙලා ඉන්න කොට සුද්දන්ට බදු ගෙවන්න,නරසිංහ රෙඩ්ඩි කියන්නේ ඒ බදු බරෙන් මිනිස්සුන්ව නිදහස් කරන්න උතාසයක් ගත්ත කෙනෙක්,ඒවගේම තව මවු බිමට සාධාරණක් කරලා මැරුණු කෙනෙක් .ඇත්තම කියනවා නම් මේ ෆිල්ම් එක විස්තර කරලා වැඩක් නැහැ .ඒ නිසා මේ චිත්‍රපටට IMDB අගයක් අරගෙන තියෙනවා.ඉතින් එහෙනම් කතාව බලමු..
උපසිරැසිය පරක්කු උනාට චූටිගෙන් සමාව …………….
මුලින්ම බුදුසරනයි කියල පටං ගන්නම්කෝ ,ඉතිං කට්ටිය බලන්නත් ඇතිනෙ ඇත්තම කිව්වොත් සබ් එකක් ගේන්න කල් ගියේ මගේ පී සී එකයි පෝන් එකයි දෙකම කැඩිල තිබ්බ ඒක හදාගන්න ටික කාලයක් ගියා ඉතිං හදාගත්තු ගමන් මං ආසාවෙන් එනකල් බලං හිටපු “සයිරා නරසිම්හා රෙඩ්ඩි ” මූවි එක රිලීස් උනා ඉතිං ගොඩක් ආසා හින්දා අපේ සයිට් එකෙන් සබ් එක ගහන්න මං බාරගත්තා , කාටවත් නොදුන්නෙ මං ගොඩක් ආසාවෙන් හිටපු මූවි එකක් නිසා, සබ් එක කරන්න බාර ගත්තේ ඉක්මනටම දෙන්න උනත් රැකියා කටයුතු නිසා ටිකක් පරක්කු උනා ඉතිං ඒකට මට ගොඩක් ගොඩාක් සමාවෙන්න කියල ඔය ගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනව, අවසාන වශයෙන් ස්තූති කරන්න ඕන දෙන්නෙක් ඉන්නව අමාරු අවස්තාවෙදි ඉක්මනට උපසිරැසිය දෙන්න ඕන නිසා මට මදුසංක (බගී) සහෝදරයා සහ සමිත රමේශ් අයියා ගොඩක් උදව් කරා, ඉතිං ඒ දෙන්නටත් ස්තූති කරමින් මගේ කතාව අවසන් කරන්නම්,
තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමු ගන්නම් ,
TVSERIESANDMOVIESUB වෙනුවෙන් මම අශේන් මදුරංග [චූටි]
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 17, 2019
Elz
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks machan