The title of the page
Dom 2021 S01E01 Sinhala Sub
Dom 2021 S01E01 Sinhala Sub
7.2
90
91

Dom (2021) S01E01 Sinhala Subtitle | මතට ඇබ්බැහි වූවෝ! | සිංහල උපසිරැසි සමඟ (18+)

(Dom 2021 S01E01 Sinhala Sub)

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු පුතෙක්!

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු තමන්ගෙ පුතාව එයින් මුදවගන්න වෙහෙසෙන පියෙක් සහ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන්න වෙහෙසෙන පොලිස් නිලධාරියෙක්!

පෙද්‍රෝ ඩොම් කියන්නෙ අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ කෙනෙක්. මෙයා තරුණ කෙනෙක්. මෙයාගෙ තාත්තා පොලිස් නිලධාරියෙක්. එයාගෙ නම තමයි වික්ටර්. එහෙම වෙලත් මෙයාට මෙයාගෙ පුතාව හදාගන්න බැරිවෙනවා. ඒ කියන්නෙ පෙද්‍රෝ ඩොම් කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා. මේ දේ සිද්ධවෙන්නෙ පොලිස් රාජකාරි නිසාම මේ පෙද්‍රෝ පුංචි කාලෙදි එයා ගැන හොයන්න කෙනෙක් නැතිවෙන නිසා. ඒ නිසාම පෙද්‍රෝ ලොකු වෙනකොට යම් සිදුවීමක් නිසා මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහි වෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ කෙනෙක් ඒ මත්ද්‍රව්‍ය මිලදී ගන්න නොකරන දෙයක් නෑ. අන්න ඒ වගේ මෙයත් ඒ දේවල්ම කරනවා.

බ්‍රසීලයේ තියෙනවා ෆවේලා කියලා ප්‍රදේශයක්. අන්න ඒ ප්‍රදේශය තමයි මේ කතා මාලාවෙ හැටියට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගෙ තිත්පොළ විදිහට නිර්මාණය වෙලා තියෙන්නෙ. කෙලින්ම කිව්වොත් මේ කියන ප්‍රදේශයට බ්‍රසීල පොලීසියවත් යන්නෙ නෑ. ඒ මොකද කිව්වොත් මේ ප්‍රදේශය ඒ තරම්ම දරුණු ප්‍රදේශයක්. මේ දේවල් සිද්ධවෙන්නෙ Rio de Janeiro නගරයේ.

ලෝකයේ තියන නොයෙකුත් මත්ද්‍රව්‍ය අතරින් හුඟක්ම භයානක මත්ද්‍රව්‍යයක් වන කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ පෙද්‍රෝ ඩොම් ගේ කතාව තමයි මේ මේ සීරීස් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ. විශේෂම දේ තමයි මේ සීරීස් එක හදන තියෙන්නේ සත්‍ය සිදුවීමක් එහෙමත් නැත්තන් සත්‍ය කතාවක් පදනම් කරගෙන වීම. මේකෙ මත්ද්‍රව්‍ය භාවිතය කියන දේ කෙලින්ම පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවෙන ප්‍රතිවිපාකත් ඒ විදිහට පෙන්නලා දෙනවා. තව එතකොට අනිත් කතා මාලාවට වගේම පොදු දෙයක් වෙන ලිංගිකත්වය මේ කතා මාලාවෙදිත් පෙන්නලා දෙනවා. ඒ නිසාම මේ කතාම 18+ රේට් කරලා තියෙනවා. ඒකත් කලින්ම කියලා ඉන්න ඕන නිසයි කිව්වෙ.

මේ කතා මාලාව පසුගිය ජූනි 04 වෙනිදා Amazon Prime Video හරහා තමයි රිලීස් වෙන්නෙ.

මේ කතා මාලාව සිංහල උපසිරැසි ගන්වලා අරගෙන එමු කියලා යෝජනා කළේ අපේ පීටර් අයියා. ඒ නිසා මුලින්ම එයාට ස්තූතියි කරලා ඉන්න ඕන. අපේ පීටර් අයියා මේ යෝජනාව කරපු ගමන් සමිත අයියා සහ මදුශාන් අයියත් මේ සීරීස් එක කරමු කියලා එකතු වුණා. එක්කෙනෙක් එපිසෝඩ් දෙක ගානෙ තමයි කරන්නෙ. ඉතින් මම පළවෙනි සහ දෙවනි එපිසෝඩ් දෙක මේ විදිහට අරගෙන එනවා. අනිත් ඒවත් ඉක්මන්ට ඔයාලට ලැබෙයි. මේක ඇමසෝන් ප්‍රයිම් වීඩියෝ එකෙන් රිලීස් වුණ දවස්වලම වගේ උපසිරැසි කරන්න බාරගත්තත් අපි හැමෝටම වගේ තිබුණ වැඩ නිසා ටිකක් පරක්කු වුණා. කොහොම හරි අද ඉඳන් මේ විදිහට අපේ වෙබ් අඩවියෙන් Dom සීරීස් එකේ සිංහල උපසිරැසි ලබාගන්න පුළුවන්.

මේක ටිකක් වෙනස් විදිහක සීරීස් එකක්. හැමදාම බලන්නෙ ඉංග්‍රීසි නැත්තන් ඉන්දියන්, කොරියන් වගේ භාෂාවල චිත්‍රපටියක් නැත්තන් කතා මාලාවක්නෙ. මේක ඇවිල්ලා පෘතුගීසි සීරීස් එකක්. ඒ වගේම මේක Crountry Origin එක විදිහට සඳහන් වෙලා තියෙන්නේ බ්‍රසීලය. බ්‍රසීලය කිව්වම ලෝකෙ හැමෝටම වගේ මතක්වෙන දෙයක් තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් බ්‍රසීලයේ නොයෙකුත් විදිහෙ මත්ද්‍රව්‍ය සෑහෙන්න තියෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය නිසාම හොරකම්, දූෂණ, වංචා සහ මිනීමැරුම් වලිනුත් බහුල රටක් විදිහට අද වෙනකොට බ්‍රසීලය හඳුන්වනවා.

කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සීරීස් එකක්. අපරාධවලින් පිරුණු සීරීස් එකක් කිව්වත් හරි. මේකෙ එපිසෝඩ් අටයි තියෙන්නෙ. ඒ එපිසෝඩ් 8 පුරාවටම කිසිම කම්මැලිකමක් දැන්නෙ නෑ. මොකද කිව්වොත් කතාවෙ හැම පැත්තක් ගැනම හොඳට හිතලා නිර්මාණය කරලා තියන නිසා.

මේ කතා මාලාවට IMDb 7.2 ක අගයකුත් Rotten Tomatoes වල 90% ක අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒ වගේම 91% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් හිමිවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කතා මාලාව මගඇරගන්න එපා. අනිවාරෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. හැමදේටම වඩා මේ කතා මාලාවෙන් ලොකු ආදර්ශයක් දෙනවා.

අපි බලමු වික්ටර් ට එයාගෙ පුතාව මේකෙන් බේරගන්න පුළුවන් වෙයිද කියලා?

ඊළඟ කොටසින් හම්බවෙනකල් සතුටින් පරිස්සමෙන් ඉන්නෙ 🖐️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. Seal team series ekata denna ganna berida bro..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Thanks jayawewa…..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login