The title of the page
disco raja sinhala sub
6.3
94

Disco Raja (2020) Sinhala Subtitle | වෛද්‍යවිද්‍යාවේ ආශ්චර්යය ඩිස්කො රාජා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම..
ඔන්න තවත් අලුත්ම තෙලිඟු සලරුවක සිංහල උපසිරැසි අරගෙන මම ආවෙ.
මේ දවස්වල රටේ උද්ගත වෙලා තියෙන තත්වෙ එක්ක ගෙදරට වෙලා ඉන්න හැමෝටම චිත්‍රපටයක් කියන්නෙ ලොකු අස්වැසිල්ලක්.
ඉතින් තමන්ගෙ පරිස්සම ගැන බලාගන්න ගමන් සිනමා සලරුවක් බලාගෙන ඉන්න ඔයාලට උපසිරැසි දෙන එකයි අපේ වගකීම.(Disco Raja Sinhala Sub)

2020 ජනවාරි මාසයේ 24 තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය මේ වන විට IMDb දර්ශකය තුල 7.2ක අගයක් සහ
ගූගල් පරිශීලකයන්ගෙ ප්‍රතිචාර 95%ක්ම ලබාගෙන තියෙනවා.
ඉතින් මාස්මහාරාජ් නොහොත් තෙලිඟු සිනමාවේ තවත් වෙනස්ම ගනයේ නලුවෙක් වෙන රවීතේජ තමයි මේකේ ප්‍රධාන නලුවා.

Disco Raja 2020 sinhala sub

ඉතින් චිත්‍රපටිය පිලිබද සම්පූර්ණ විවිරණයක් සහිතව මධුශංක ලියනගේ සහෝදරයා අපවෙත ලබා දුන් මේ ලිපිය ඔයාලට හැමදේම පැහැදිලි කරයි.

මාස් මහාරාජ් …
තෙලුගු චිත්‍රපට බලන අයටනම් අමුතුවෙන් කියන්න ඕන නමක් නෙවෙයි. මාස් මහාරාජ් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන තෙලුගු සිනමාවේ සුපිරි නලුවා.
රවී තේජා.

කවුරුත් කැමති නලුවෙක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ . ලංකාවේ ඉන්න උදවිය නම් මොනවා කියයිද දන්නෑ. නමුත් ඉන්දියාවේ තෙලුගු සිනමා රසිකයන් . කාගේත් ආදරය දිනාගත්ත නලුවෙක්.

හේතුව ඔහු සතු අමුතු රංගන විලාසය වෙන අය ලග නැති නිසා.
තමාටම ආවේනික විකට රංගනයන් මුසු වූ ක්‍රියාදාම  ජවනිකා සේම . ඔහුටම ආවේනික හැඟීම්බර රංගන ශෛලිය නිසාම කාගේත් ආදරය දිනාගත්ත නලුවෙක්.

Disco Raja 2020 sinhala sub

මහේශ් බාබුගේද, ප්‍රබාස්ගෙද, එන් ටී ආර්ගෙද මොන නලුවෙක්ගේ රසිකයෙක් වුනත්. රවී තේජාට  සියලුම දෙනා කැමති.

තෙලුගු සිනමාවේ අරක් ගත් තෙලුගු සිනමා රජ පවුල් වල නලුවන්ට අභියෝග කල. තමාගේම මහන්සියෙන් රංගන ලෝකය ජයගත් තෙලුගු නලුවෙක් ලෙස රවී තේජා කා අතරත් ප්‍රසිද්ධියි. රාජාමවුලි අධ්‍යක්ෂකවරයාගේ වික්‍රමාකුඩු තුල නිර්මාණය කල  විශිෂ්ඨ රංගන පෞරුෂය තුලින් හැමදෙනාම අතර ඔහු වඩාත් ප්‍රසිද්ධ වුනා. ඉතිං සාර්ථක චිත්‍රපට ගණනාවකින්ම හැඩ වුන ඔහුගේ සිනමා දිවියේ ⁣2014න් පසු ගෙවෙන කාලයනම් ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි.

ඉතින් මේ කියන්න හදන්නේ ඒ සුපිරි නලුවාගේ අලුත්ම චිත්‍රපටය ගැන. ඩිස්කෝ රාජා. පසුගිය ජනවාරි 24 වනදා ලොව පුරා තිරගත වුන මේ චිත්‍රපටය . ආදායම් අතින්නම් සාර්ථක වුනේ නෑ .

රවී තේජාට අමතරව පායල් රාජ්පුත්,සුනිල්, නාභා නටේශ්, වෙන්නිලා කිශෝර් චරිත නිරූපණය කරන මෙහි. දුශ්ඨයා ගැන සඳහන් කරනවානම්. ඔහු දමිල සිනමාවේ ප්‍රතිභාපූර්ණ නලුවෙක් . බොබී සිම්හා. තමන්ට ලැබෙන කුමන චරිතයක් වුනත් හරියටම කරන ඔහු මෙහිත් විශිෂ්ඨ රංගනයක නියැලෙනවා.

කතාව ගැන වැඩිය යමක් කියන්න යන්නේ නෑ . මෙහෙම කියන්නම්කෝ. අවුරුදු 35කට කලින් මිය ගිය අයෙකුගේ මල සිරුරක් හිම ක්‍රීඩාවේ නියැලෙන පිරිසකට අයිස් මත තිබී හමුවෙනවා. එම සිරුර ගෙන එන්නේ විද්‍යාගාරයක් වෙත.  එහි වෛද්‍යවරයා නව සොයා ගැනීමක් වෙනුවෙන් එම සිරුර භාවිතා කරනවා. ඒ මැරුණ සිරුරකට නැවත පන දීමේ පරීක්ෂණයක්.  වෛද්‍යවරයාගේ පරීක්ෂණය සාර්ථක වෙනවාද?  ඒ වගේම සේතු නම් මැරයෙක් තමන්ට උපදෙස් දෙන සියලුම දෙනා මරා දමනවා. ඔහුට උපදෙස් දෙන කිසිවෙකු රුස්සන්නේ නෑ . සේදුගේ අතීතයේ හතුරෙක් වන භරණි නම් පුද්ගලයකු අවන්හලක සිටින බව ආරංචි වෙලා සේදු ගිහින් භරණිවත් මරා දමනවා. නමුත් මිය යන මොහොතේ භරණි පෙන්වන දෙයකින් සේදු තැතිගැන්මකට පත්වෙනවා.

කතාව මෙතනින් එහාට ඔබ නරඹලාම දැනගන්න කියලා ඉල්ලනවා. මිය ගිය පුද්ගලයා කවුද? සේදු කවුද මේ සියල්ලටම පිලිතුර චිත්‍රපටය තුල තියෙනවා.

වටිනා ලිපියක් ලබාදුන් මධුශංක සහෝදරයාට ස්තූති කරන ගමන්ම
මම ගිහින් එන්නම් තවත් අපූරු චිත්‍රපටයක උපසිරැසිත් අරගෙන එන බලාපොරොත්තුවෙන්.

ඔබට ජය !

Disco Raja Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

12 comments

  1. Thanx malli ❤️❤️😍😍

  2. ela bro sinhala sube ekata thanks jayawewa…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  5. thanks sub ekata jayawewa bs

  6. Thanks for sub …….(devudu chesina manushulu 2012 ) Ravi tejage me supiri film ekata sub denna bro please………please……!!!!!!!!!!!!!

  7. (Khatarnak 2006) ravi tejage. me film ekatath sub denna please……….

  8. රැග්නා ලෝඩ්බ්‍රොක්-- සිනමා ලෝකය - (Direct Link)

    ස්තුතියි..
    දිග⁣ටම උපසිරැසි දෙන්නෝ 😊👍
    ජයවේවා…!

  9. Film ek download krgnne khmd

  10. සබ් එකට බොහොම ස්තුතියි

  11. Pasindu
    Cineru Family Member

    තෑන්ක්ස් මදුශාන් අයියා 😍🤘✌️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login